නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව විල්පත්තු ජාතික වනෝද්‍යානයට සමීපයේ ඇති අක්කර 8ක භූමි ප්‍රදේශයක ප්‍රතිවනරෝපණ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් මෙන්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නියෝජිතයෝ 100 කට අධික පිරිසක්ද සහභාගි වූහ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා මෙහි පළමු ශාකය රෝපණය කළේය.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කෙරෙන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස මෙම වැඩසටහන යටතේ මෙරට අක්කර 20 ක භූමි ප්‍රදේශයක වන ගහනය යළි ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.