ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගෙන හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා කරන ලද ප්‍රකාශයක් විකෘති කර විකාශය කිරීම සම්බන්ධයෙන් සංස්කරණය නොකරන ලද සියලු වීඩියෝ පට පොලිසියට ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරිය අද (29) මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළාය.
පසුගිය 24 වැනිදා ෆවුසි මහතා තොටළග පැවැති රැස්වීමකදී ‘ගෝඨාභය රාජපක්ෂ පරද්දමු’ යැයි කී කතාවක් ‘ගෝඨාභය රාජපක්ෂ මරමු’ යනුවෙන් විකෘති කර විකාශය කර ඇති බවට ෆවුසි මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
ඒ අනුව අද පොලිසිය උසාවියට කරුණු වාර්තා කරමින් ඒ පිළිබද පරීක්ෂණයක් පවත්වන බව අධිකරණයට දැනුම් දී සිටියේය.