අසරණභාවයට පත්වූ දරුවන් හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුබ සාධනය හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය සඳහා ආධාර හා උපකාර අපේක්ෂාවෙන් 2019.02.18 දිනැති අංක PS$CP$57$2019 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය හා 2019.03.12 දින අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි භාර ආඥා පනත යටතේ “දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල” අංක 1540 දරන භාර ඔප්පුව යටතේ 2019 අගෝස්තු 08 දින ස්ථාපිත කර ඇත. මෙම අරමුදල 2019 ඔක්තෝබර් 01 දින ලෝක ළමා දිනයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලයේ “දරු දිරි සම්පත” ලොතරැයිය වෙළෙඳපොළට නිකුත් කිරීම 2019/11/14 වන දින මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී. මෙම ලොතරැයි පත මංගල දිනුම් ඇදීම සිදුකරනු ලබන්නේ 2020/01/30 වැනි දිනදීය. සතියකට වරක් මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුකරනු ලබයි. මෙහි ආකර්ෂණීය ත්‍යාග රටාවකින්ද යුක්ත වේ.











