හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අද (05) දිනයේදී ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
ඉකුත් කාල වකවානුවේදී ඇතැමුන් තමන්ට විල්පත්තුව විනාශ කර ඇති බවටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවටත් චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසත් බදියුදීන් මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම විල්පත්තු සීමාවේ අවතැන් මුස්ලිම් ජනතාව පදිංචි කරවීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උදව් කළ බව සදහන් කොට ඇති ඒ මහතා, අදාළ යළි පදිංචි කිරීම් සියල්ල වන රක්ෂිතෙයෙන් පිටත සීමාවේ සිදුකර ඇති බවත් පෙන්වා දී තිබේ.










