අද (05) සවස 3.00ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීමට ප්‍රථම මේ වනවිට රනිල් පිල සහ සජිත් පිල යන දේපාර්ශ්වයම වෙන්වෙන්ව සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා වේ.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ අනුගමනය කළ යුතු උපාය උපක්‍රම මෙහිදී සාකච්ජා වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
එමෙන්ම දෙපාර්ශ්වයටම විවිධ පණිවුඩ හුවමාරු වෙමින් තිබෙන බවද දැනගන්නට තිබේ.










