සොඳුරු හිතැත්තී
දුක් ගිනි දරන්නී
සවිබල පාන්නී
ලොවක් දින්නී
ඇය ස්ත්‍රී…
නව ලෝකය තුළ කාන්තාවගේ භූමිකාවල කාන්තාව මුහුණපාන ගැටලු අභියෝග මගින් යා යුතු මාර්ගය සහ කාන්තා පුරුෂ සමානාත්මතාව ළඟාකර ගැනීම යන සංකල්පයන් සමාජගත කළ වර්ණවත් සහ අර්ථාන්විත සන්ධ්‍යාවක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සංවිධානයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 08 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ කාන්තා දින තේමාව වන කොවිඩ් 19 වසංගත තත්ත්වයට ලක්වූ ලෝකය සහ කාන්තා නායකත්වය (“Women in leadership: Achieving an equal future in a COVID-19 world,”) සමගාමීව පවත්වන ලද මෙම කාන්තා දින උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය වන අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් මෙම උළෙලට සහභාගි වූහ.











