• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටයිගර්ට රැස් පෙන්වන පටානිගේ ෂෝ එක

December 20, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ටයිගර්ට රැස් පෙන්වන පටානිගේ ෂෝ එක
Share on WhatsAppShare on Facebook

ජැකී ශෙරොෆ් කියන්නේ ‘හීරෝ’ චිත්‍රපටය හරහා එක් රැයකින් තරුවක වූ නළුවෙකි.
‘හීරෝ’හි අසීමිත ජනප්‍රියත්වයත් සමඟ ජැකී ශෙරොෆ් හමුවේ උතුරු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන් පෝලිමට හිටගත්තේ ඔහුගෙන් දින ගණන් වෙන්කර ගැනීමට අවැසි උමතුව මත කුළල් කා ගනිමිනි.
එහෙත්…,
‘හීරෝ’ චිත්‍රපටය හරහා ඔහු තැබූ ‘බොක්ස්ඔෆීස්’ වාර්තාව අනෙක් කිසිදුම චිත්‍රපටයක් හරහා තැබීමට ජැකී ශෙරොෆ්ට නොහැකි විය. කෙටියෙන් පහසු වචන භාවිත කොට කියනවා නම් ‘ජැකී ශෙරොෆ්ගේ’ නීරෝගී සුපිරි තත්ත්වය ‘ෂැම්පේන් බෝතලයක මූඩිය ගැලෙව්වා වැනි ක්‍රමවේදයකට’ සමාන විය. තවත් ක්‍රමයකට කියනවා නම් ජැකී ශෙරොෆ්ගේ ක්‍ෂණික ජනප්‍රියත්වය ‘හීරෝ’ චිත්‍රපටයට පමණක්ම සීමා විය. ඒ සීමාව හරහා චිත්‍රපට අධ්‍යක්‍ෂවරු සහ නිෂ්පාදකවරු නොසිතූ ලෙස අතරමං වී සිටියහ.
ජැකී ශෙරොෆ් පසුපෙළ තරුවක් වූයේ එයට පසුවය.
ජැකීගේ පුතු ලෙස උතුරු ඉන්දීය සිනමාවට පය තැබූ ටයිගර් ශෙරොෆ්ගේ තරු ඉරණම නම් තාත්තාට වඩා වෙනස් විය. 2014 අවුරුද්දේ ‘්‍යැරදච්බඑස’ චිත්‍රපටය හරහා පැමිණ ටයිගර් ශෙරොෆ්ගේ මනා කඩවැස්මට ඉන්දීය යුවතියකට ප්‍රමාණය ඉක්මවා පිස්සු හැදෙන්නට විය.
මගතොට එළිබැස යන්නට බැරි වන තරමට කෙල්ලන්ගේ ඒ පිස්සුව තද විය. කෙල්ලන්ගේ විතරක් නොව තරුණ කොල්ලන්ගේද ජනප්‍රියත්වය ටයිගර් ශෙරොෆ්ට හිමිවිය. ටයිගර්ගේ බොඩි ෂේප් එකට අනුව ‘සික්ස් පැක්’ ඇඟක් හදා ගන්න තරුණයන් දතකන්නට වූහ. එපමණකුත් නොව… ටයිගර් විදියට අඳින්න, කෙස්ස මුඩුකර කපන්නට කොල්ලන්ට තිබුණේ අමුතු පිස්සුවකි. ‘උ්ර’ චිත්‍රපටයෙන් පසුව කොල්ලන්ගේ ඒ පිස්සුව වඩාත් තදවන්නට විය. කෙල්ලන්ට එය ඊටත් එහා විය.
සුපිරි පන්තියේ හැඩකාර කෙල්ලන් ටයිගර් සමඟ ‘රාත්‍රි කෑමක්’ සඳහා තමාට අවස්ථාවක් රැගෙන දෙන්නැයි සිය කෙරුම්කාර තාත්තලා හමුවේ හඬා වැටෙන්නට වූ අතර… ටයිගර් ශෙරොෆ්ව පණපිටින්ම දැකගත හැකි උත්සවයන් සඳහා සහභාගි වීමේ වරම තමන්ට ලබා දෙන්නැයි කියාද තාත්තලාට කරදර කරන්නට වූහ.
ආඩම්බරකාරයකු වූ බොහෝ විට සිනාවට බර නැති ටයිගර් ශෙරොෆ්ට නම් ඒ කිසිවක් වගක් නොවීය. මඟතොටක යන එන විටක තමා දෙස බලා..,
‘වාව්… එයා මාරයි,’
කියා තමාට හූල්ලා වැටෙන දඟලන සොඳුරු කෙලි පැටික්කියන්ට ‘හුළං හාදුවක්’ දෙන්නට තරම්වත් ‘ටයිගර් ශෙරොෆ්ට වුවමනා වූයේ නැත.
ඒ කියන්නෙ ටයිගර් ශෙරොෆ්ට කෙල්ලන් අරහන්ද..?
එහෙම එකක්ද නැත..,
හැබැයි… ටයිගර් වඩා ප්‍රිය කරන්නේ, තමා පසු පස එන කෙල්ලන්ට වඩා තමා හමුවේ තමාව ගණන් නොගෙන ඉන්නා කෙල්ලන්ටය.
දිශා පටානිද එහෙම කෙල්ලකි.
හොඳ පවුල් පෙළපතකින් පැමිණෙන ‘දිශා පටානි’ ජනප්‍රිය තරු රෑනට කුරුමානම් අල්ලන අලංකාර තරුණ නිළියකි.
දිශා ටයිගර්ට අහංකාරකම් පෙන්වුවාද?
බොහෝ විට සිදුවූයේ එවැන්නකි.
කතාව කෙටියෙන් මෙහෙමය..,
තොරතුරු අනුව නම්, ටයිගර් ශෙරොෆ් රඟපාන චිත්‍රපට සඳහා තරු නිළියව තෝරන්නේද ඔහුගේම මනාපය අනුවය.
ඉතින්…,
දිශා පටානි නම් අලුත් යොවුන් නිළියව ටයිගර් විසින් චිත්‍රපටයක් සඳහා නම්කර තිබිණි.
‘දන්නවද දිශා.., ටයිගර් ඔයාව ඉල්ලලා තියෙනවා අහවල් චිත්‍රපටයට… මේක නම් ඔයාට හරි අපූරු චාන්ස් එකක්…’
මුහුරත් උළෙලකදී ටයිගර්ව පෙන්වමින් එම චිත්‍රපටයේ සහාය නිෂ්පාදක දිශාට කියා තිබුණේ නව වැනි පුදුමය දුටුවාසේ නළල රැළිකර, ඇස් ලොකු කරවමිනි.
‘අයියෝ… ටයිගර්ව ඔයාලට එච්චරට ලොකුයිද..? මට නම් එහෙම හැඟීමක් නැහැ අංකල් ජැකීලා අපේ පවුලේ යහළුවෝ… සමහරදාට ටයිගර් එයා එක්ක අපේ ගෙදර එනකොට මම අංකල් ජැකීව ‘හායි’ කියලා කාමරේට ගිහින් මගේ වැඩක් කරගන්නවා.’
දිශා ඇඟටපතට නොදැනී එහෙම කියන කොට ටයිගර් හිටියේ ඈ පසුපසමය. ඇගේ කතාවට ඉහත කී චිත්‍රපටකාරයා තක්කු, මුක්කු වෙන කොට ටයිගර්ට හිනා ගියේය.
‘ඇත්තටම දිශා එහෙම කරනවා තමා. මම ඒකට කැමැති නිසා තමයි එයාව මගේ අලුත් චිත්‍රපටයට යෝජනා කළේ.
ටයිගර් අනතුරුව එතැනට පැමිණ එසේ කීයේ දිශා වෙනුවෙන් ගෙන ආ බීම වීදුරුවද ඈ අත තබමින්ය.
ඒ රසවත් සිදුවීම එතැනින් අවසන් වුවද දිශා සහ ටයිගර්ගේ බැඳීමට ආරම්භය තැනුණේ එතැනිනි.
එතැන් පටන් දිශා පටානි සහ ටයිගර් ශෙරොෆ් සිනමා පැපරාසින්ගේ කැමරා ඇසට විවිධ කෝණ ඔස්සේ හසු වන්නට විය. චිත්‍රපට රඟපෑමට, පොදු උත්සව අවස්ථාවනට සහභාගි වීම හැරුණු කොට ඔවුන් නිතර පෞද්ගලික හමුවීම් සඳහා අවස්ථාවන් උදාකර ගෙන තිබිණි. ඒ ඒ අවස්ථාවන් අතරමඟ නතර වූයේ කොරෝනා අගුළු දැමීමත් සමඟය.
ඊයේ පෙරෙයිදා දවසක කොරෝනා අගුළු ලිහිල්ව තිබූ පසුබිමක දිශා පටානි සහ ටයිගර් ශෙරොෆ් ඉන්දියානු ගුවන් තොටුපොළේදී ඉතා සමීපව ගමන් කරමින් සිටින ආකාරය ‘ඉන්දියන් ටුඬේ’ පුවත්පෙතහි කැමරාවට හසුව තිබිණි.
ආඩම්බරකාර ටයිගර් සැහැල්ලුව එයට මුහුණ දුන්නද දිශා මදක් චකිතයෙන් වාගේ සිටියාය. ආරංචියකට අනුව නම් ‘ඉන්දියන් ටුඬේ’ පත්තරයට කතාකර දිශා පටානි කියා තිබුණේ, තමා සහ ටයිගර්ගේ පමණට වඩා සමීප රූප පළ නොකරන ලෙසය.
‘දිශා පටානි එහෙම කීයේ ඇයි..?’
‘ඒ මංගල්ලයත් ඉවර නිසාද…?’
ඉවර වෙන්නට මංගල්ලයක් තියෙන්නටත් එපැයි කියාද මෙහිදී සඳහන් නොකර බැරිය.
ඒ ඇයිද කියා කියන්නේ නම්…
දෙන්නා අතර තියෙන මංගල්ලය කුමක් දැයි කියා දෙන්නා තවම හරියකට කියා නැත.
එහි අර්ථය, දෙන්නට දෙන්නාම රහසේ උගුරට හොරා බෙහෙත් කෑමද?
‘එය නම් කියන්නට දන්නේ නැත…’
හැබැයි… පසුගිය දිනෙක ඩුබායිහී ආරම්භ වූ ‘මැටි්‍රක්ස් ෆයිට් නයිට්’ හවුල් ව්‍යාපාරය සඳහා ශෙරොෆ් පවුල සහභාගි වී තිබුණේ පටානි පවුලත් සමඟය.
ක්‍රිෂ්ණා සමාගම සමඟ ටයිගර් ශෙරොෆ්, සමාගමක් ඇතිකර ගන්නා එම ව්‍යාපාරය සඳහා පැවැති විවෘත කිරීමේ උත්සවයට ටයිගර් සමඟ පහන දල්වා තිබුණේ දිශා පටානිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් “ජීවිත සහතිකය” ඇඟිලි සලකුණු ක්‍රමයට

Next Post

කොවිඞ් 19 අර්බුදය තුළත් විදේශ ප්‍රේෂණ හරහා BOC වෙළෙඳපොළ ප්‍රමුඛත්වය ලබා ගනියි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.