ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසය දිනාගත් කීර්තිමත් පිරිමි ඇඳුම් සන්නාමයන් වන Vantage, Ebony සහ Luxure එහි නිෂ්පාදන ආයතනය වන එබොනි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (Ebony Holdings Pvt Ltd) 100%ක් දේශීය නිෂ්පාදන ආයතනයක් බවට සහතික කරමින්, ඒ සඳහා වන ‘ගන්න අපේ දේ’ සම්මානය සහ ‘සූර්ය සිංහ’ වෙළෙඳ මුද්‍රාව පිළිගැන්වීම පසුගියදා සිදුවිය. මෙම වෙළෙඳ මුද්‍රාව මගින් සංකේතවත් කරනු ලබන්නේ මෙම ආයතනික නිෂ්පාදන සහ එය භාවිත කිරීම දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා දායකත්වය දක්වන බවයි.
මෙම සම්මාන පිළිගැන්වීමේ උළෙල පසුගිය අගෝස්තු මස 29 වැනි දින මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී පැවැත් වූ අතර එහිදී මව්බිම ලංකා පදනමේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ආචාර්ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් අදාළ සහතික එබොනි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ සභාපති රස්මි රහීම් සහ කළමනාකාර අධ්යක්ෂ රසීන් රහීම් යන මහත්වරුන් වෙත පිළිගන්වනු ලැබීය.
පිරිමි විලාසිතා සම්බන්ධයෙන් නව ප්රවණතා නිර්මාණය කරමින් එහි ප්‍රමුඛතමයකු ලෙස ක්ෂේත්රයේ වර්ධනය සඳහා සුවිශේෂී කාර්යයක නිරත එබොනි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, Vantage, Ebony සහ Luxure ඇතුළු ආකර්ෂණීය මෙන්ම ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන්ට ලබාදෙයි.











