ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා තම ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත. 2019 වසරේ දෙසැම්බර් මාසයේදී උත්කර්ෂවත් අන්දමින් ගම්පොළ ක්‍රිස්බ්‍රෝ ප්‍රධාන කාර්යාලයේදී පැවති සිසුදිරිය අවසන් වැඩසටහනේදී තරුණ තරුණියන් 115 දෙනෙකුට ඉදිරි වසරේදී නිපුණතා පුහුණුව ලබා දීමට ක්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගන්නා ලදී.
අලෙවිකරණය, විකුණුම්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය, ගණකාධිකරණ, සත්ව පාලනය , මූල්‍ය, රසායනාගාර නිලධාරී ආදී විවිධ විෂය ධාරාවන් ඔස්සේ මෙම නිපුණතා පුහුණුව ඔවුන් වෙත හිමිවනු ඇත. ක්‍රිස්බ්‍රෝ සමාගමේ සේවය කරන සේවක ප්‍රජාවගේ දූදරු සුබසාධනය සහ සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ක්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන පුළුල් වැඩසටහන් ගණනාවක් ඔස්සේ දූදරු සුබසාධනය සඳහා වාර්ෂිකව විශාල මූල්‍යමය දායකත්වයක් ලබා දෙයි.