NIBM ආයතනය උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දිවයිනේ ප්‍රචලිත උසස් අධ්‍යාපන ආයතනයකි. වර්තමාන ප්‍රවණතා සහ සංවර්ධනය පිළිබඳ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ පරමාර්ථය පෙරදැරිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික මට්ටමේ ව්‍යාපෘතියක්, NIBM විශ්ව පාසල නමින් දියත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය වන්නේ 10 සිට 13 වැනි ශ්‍රේණිවල ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම සහ උසස් අධ්‍යාපනයේ වඩා හොඳ මාවතක් සොයා ගැනීමට හෝ ඔවුන්ගේම ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට ඔවුන්ට මඟ පෙන්වීමයි.
සිසුන්ට ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට සහ විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වන පරිදි ප්‍රධාන ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට NIBM යෝජනා කර තිබේ.
මෙම තරගයේ පරමාර්ථය වනුයේ තාරුණ්‍යයට ඔවුන්ගේ නව්‍ය හා අලෙවිකරණ නිෂ්පාදන, සේවා සහ අදහස් සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා සියලුම පාසල් ඉලක්ක කරගනු ලැබේ.