• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාස 3ක ‌ගෝඨා බය

February 22, 2020
in News, Politics
Reading Time: 9 mins read
A A
මාස 3ක ‌ගෝඨා බය
Share on WhatsAppShare on Facebook

ජනතා සිතුම් පැතුම් සහ දේශපාලනය අතර, ඇත්තේ අනුල්ලංසනීය සබඳතාවකි. ඒ බොහෝ දේශපාලන තීන්දු තීරණ සෘජුවම ජනතා අපේක්ෂා මල්ඵල දරන්නත්, සුනු විසනු කරන්නත් හේතු වී ඇති නිසාය. පසුගිය යහපාලන නම් වූ දේශපාලන සංකල්පය පිළිබඳ වූ ජනතා අපේක්ෂා පෙන්නුම් කළේ ද ඒ යථාර්ථයයි.
යහපාලන බලාපොරොත්තු එහි න්‍යායචාර්යවරුන් විසින් තත්පරයෙන් තත්පරයට විනාඩියෙන් විනාඩියට සුනු විසුනු කළේය. ඉන් අපේක්ෂා භංග වූ ජනයා නැවත රට දෙසට හරවන්නට ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජාතික නායකත්වය සමත් විය. ඒ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරවය. දේශපාලන ලියවිල්ලකට එහා ගිය අර්ථ පූර්ණ ජාතික අවශ්‍යතාවක් ඒ තුළ විද්‍යමානය. එහි ප්‍රධාන ඉලක්කය චතුර්විධ ප්‍රවේශයකි. පුරවැසියා රටට සමාජයට ආදරය කරන වැඩදායී අයකු කිරීම, සතුටින් ජීවත්වන පවුල් ඒකකයක් බිහිකිරීම, සියලු දෙනාට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් ගොඩනැඟීම සහ සෞභාග්‍යවත් දේශයක්, ඒ යථාර්ථවාදී ප්‍රවේශයයි.
එය වසර හැත්තෑ දෙකක නිදහස් ශ්‍රී ලංකාවේ සමස්ත ක්ෂේත්‍රයන් පිළිබඳ අතීත වර්තමානය සංකල්පීය අතික්‍රමණයකි. විවිධ විෂයන්හි ප්‍රාමාණිකයන් එක්ව කළ ගැඹුරු අධ්‍යයනයක ප්‍රතිඵලයකි. ඒ නිසාම තවත් දසවැදෑරුම් ප්‍රතිපදාවක් ඊට අනුසාරී වැඩපිළිවෙළක් ලෙස ජනතාව අතට පත් කර තිබේ. එය සෞභාග්‍යවත් දේශයක් වෙනුවෙන් ඉතිහාසයේ ලියවුණු වටිනාම ලියවිල්ල බව දේශපාලන දෘෂ්ටියෙන් බැහැර සිතන ඕනෑම අයෙකුට පැහැදිලි වෙයි. එය යථාර්ථයක් කිරීම මටසිලිටු කාර්යභාරයක් නොවේ. දැඩි අභියෝගයකි.
එකී අභියෝගය සමාජගත කිරීම පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය දිනෙන් දින තහවුරු කරමින් දවස් සියයක් ගතව තිබේ. මේ පසුවිපරම ඒ ගෙවී ගිය ඒ සෞභාග්‍යයේ දින සියය පිළිබඳවය.
ශ්‍රී ලාංකේය භූමියේ වටිනා සම්පත මානව සම්පත බව රජය නිවැරදිව සිය ප්‍රතිපත්ති ප්‍රකාරව හඳුනාගෙන තිබේ. ඒ නිසා ඒ සම්පත නව ප්‍රවණතා කෙරෙහි අවධානයට ලක්කරමින් පෙරට ගැන්මට දීර්ඝ කාලීනව, කෙටි කාලීනව සැලසුම් ක්‍රියාත්මකය. ලෝකය ජයගන්නා පෞරුෂයකින් යුත් දරුවෙක් නිර්මාණය කළ හැකි අධ්‍යාපනයට රට සූදානම්ය. ඒ සඳහා පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරේ. ඉන් ජනප්‍රිය පාසල් පිළිබඳ වූ මානසික ගැටලුව මවුපියන්ගේ අවම වනවා සේම අධ්‍යාපනයේ සම අවස්ථා සියලුම දරුවන්ට උරුම වේ. උසස් පෙළ සමත් සිසුන් සැමට එක්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර දීමට රජය ගත් අභියෝග රටේ තරුණ පරපුරේ හෙට දවස දීප්තිමත් කිරීමකි. ඒ අනුව පසුගිය වසර විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් එක්ලක්ෂ අසූඑක්දහසකට උපාධියක් සඳහා වූ වරම් හිමි වෙයි. ඒ සඳහා පවතින සරසවිවලට 50% වැඩිපුර ඇතුළත් කෙරෙනු ඇත. ඊට අනුසාරීව විශ්වවිද්‍යාල විද්‍යායතන සියයක් වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මකව තිබේ. එසේම වෘත්තීය ඉලක්ක කරගත් විවෘත විශ්වවිද්‍යාල සහාය රජය අපේක්ෂා කරයි. ඉන් තවත් ලක්ෂයකට අධික සිසුන් පිරිසකට උපාධියට මඟ සැලසෙයි. එසේම ලෝක ප්‍රවණතාවන්ට අනුකූල උසස් අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපනය කෙරේ. එසේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලත් සියල්ලන්ට තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට රජය තැබූ පියවර සාධනීයය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

අපේ රට දීර්ඝ කාලයක් අපේක්ෂා කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සිහිනය නව රජයේ යථාර්ථවත් කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බළකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කෙරේ. මෙතෙක් පැවති එක් එක් රජයන්ට සහ අමාත්‍යවරුන්ට අනුව වෙනස් වන අධ්‍යාපන ක්‍රමයට ඉන් තිත තැබේ.

තරුණ තරුණියන්ට රැකියා ලක්‍ෂයක්

දිළිඳුකම පිටුදැකීම මේ රටේ නිදහසින් පසු පැවති සියලු රජයන්හි ප්‍රධාන මාතෘකාවය. විවිධ රජයන් ඒ සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළ ද අපේක්ෂිත ඉලක්ක සපුරා නැත. අදටත් මේ රට මැදි ආදායම් රාජ්‍යයකි. රටේ දිළිඳුකම පිටුදැකීම ද ඉලක්ක කරගත් කාර්යසාධන බළකායක් පිහිටුවා දිළිඳු පවුල්වල නිපුණතාවයක් නැති සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන්ට ඒ යටතේ රැකියා ලක්ෂයක් බිහි කෙරේ. ඊට සමගාමීව එම ජන කොටස් ඉලක්ක කරගත් යටිතල පහසුකම් සංවර්ධනය කාර්යක්ෂම කෙරේ. ඒ අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කෙරේ. පානීය ජල සබඳතා එක් ලක්ෂ පනස්දාහක් ලබාදීමට යෝජිතය. ග්‍රාමීය ආර්ථිකය ඉලක්ක කොටගත් වෙළඳසැල් ජාලයක් රට පුරා ස්ථාපනය කිරීමට කෙටුම්පත් සකසා අවසන්ය. තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ද ලබා දෙයි.
ඉඩම් අමාත්‍යංශය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, බිම් සවිය සහ අනෙකුත් රේඛීය ආයතන ඒ වෙනුවෙන් වග වෙයි.

වතු කම්කරුවන්ට දිනකට 1000ක්

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඞ්පතක් නිකුක් කිරීමට රජය සැලසුම් කර ඇත. අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළද ඉදිරි මාසයේ සිට ක්‍රියාවට නැංවේ. එසේම රටේ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමට මාර්තු 1 වනදා සිට රජය පියවර ගෙන තිබේ.

තෘප්තිමත් රාජ්‍ය සේවයක්

අතෘප්තිමත් රාජ්‍ය සේවකයා සේම රාජ්‍ය සේවය පිළිබඳ ජනතා අප්‍රසාදය රටේ ඉදිරි ගමනට දීර්ඝ කාලයක් පැවති බාධාවකි. එය හඳුනාගත් රජය රාජ්‍ය සේවකයා තෘප්තිමත් කිරීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග බොහෝය. එසේම කාර්යක්ෂම ජනතා සේවයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන යොමුගත කර වීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. ඒ සඳහා ආයතන ප්‍රධානීන් පත්කිරීමේ සිට ආකර්ෂණීය සේවා ස්ථානයක් වෙනුවෙන් වූ වැදගත් පියවරයන් ක්‍රියාවට නංවා තිබේ.
රාජ්‍ය ආයතන කඩා වැටීමට වූ හේතූන් අතර අනවශ්‍ය වියදම් සහ අකාර්යක්ෂතාව හේතු වී ඇති බව නොරහසකි. රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිද සිදුකිරීමට උපදෙස් හා මඟපෙන්වීමට රජය ක්‍රියාකර තිබේ. අනවශ්‍ය උත්සව නතර කිරීම ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධන ආදී වූ ක්‍රියා මගින් සෘජු හා වක්‍ර වියදම් අවම කෙරේ.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමුකිරීම ද රජය සපුරන ඉලක්කයකි.

මත් උවදුරට තිත

මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම පිළිබඳ ආගමික නායකයන්ගෙන් සේම ජනතාව තුළින් පැවති සියලු රජයන්ට කළ යෝජනා බොහෝය. එය යථාර්ථයක් බවට පත්වන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරවය. ඒ අනුව මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට බලය පවරා තිබේ. දිනෙන් දින සමාජයේ භීතියට පත්කළ පාතාලය අද නැත. ඒ වෙනුවෙන් පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වගකීමක් දැරූ රජය විසින් ගැසට් නිවේදනයක් මඟින් හමුදාවට භාර කළේය.

රට යළිත් ලස්සන වෙයි

වසර 2015 ට පෙර ලෝකයේ පිරිසුදු නගර අතර පෙරමුණට ආ කොළඹ නගරය අකාර්යක්ෂම නගර පාලනය හේතුවෙන් ගඳ ගැසූ අයුරු, අපද්‍රව්‍ය ද්‍රව්‍ය තැනින් තැන ගොඩගැසී තිබූ අයුරු ඔබට මතකය. පොලිස් දෙපාර්තමේන්තුවේ හා සෙසු කණ්ඩායම්වල දැඩි අවධානය ඒ සඳහා යොමු කොට කොළඹත්, දිවයිනේ සියලුම නගර හා පරිසරයන් ජනවාසයකට සුදුසු තත්ත්වයට අද පත්කොට තිබේ.
එසේම රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත්කොට ඔවුන් සඳහා වාසස්ථානයට සුදුසු පරිසරයට බලපෑමක් නොවන ඉඩකඩම් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

වීවලට ස්ථිර මිලක්

පසුගිය දිනවල සහල් හිඟය බරපතළ ගැටලුවක් වී තිබූ බව ඔබට මතකය. වහාම ඊට විකල්ප සොයනු වස් විද්‍යානුකූල ක්‍රමවේදයකට අස්වනු මිලදී ගැනීමටත් වී ගබඩා පුඵල් කිරීමටත් රජය පියවර ගත් අතර ගොවියාට සාධාරණය ඉටුකරමින් මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50 ක අවම සහතික මිලකට සහ ප්‍රමිතිය අසම්පූර්ණ වී කිලෝවක් රුපියල් 44කට මිලදී ගැනීමට නිර්දේශ විය. ඒ සඳහා යුද හමුදාවේ මැදිහත්වීම මේ වනවිට ඉතා ක්‍රමානුකූලව සිදුකෙරේ. සුළු අපනයන භෝග ආනයනය අවසන් සාම්ප්‍රදායික සුඵ කර්මාන්තකරුවා මේ රටේ අමතක වූ පිරිසකි. ඔවුන් දිරිගැන්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත්වීම් ලබාදීමට රජය පියවර ගෙන ඇත. ගම්මිරිස්, කුරුඳු ඇතුඵ සුඵ අපනයනය භෝග ගොවියා පත්ව සිටි ඉරණම ද ඛේදජනකය. මෙම ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමෙන් සහ ප්‍රතිඅපනයනය මාෆියාව ජනතාව මේ ඉරණමට ඇද දමා තිබිණි. ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සුඵ අපනයන භෝග ආනයනය අවසන් කළේය. තිරිඟු පිටි ඒකාධිකාරියක් නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස තිරිඟු පිටි ආනයනයට ඉඩ ලබාදීම සුඵ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශංසාවට හේතු විය.
රටේ ඉඩම් පිළිබඳ ගැටලුව ඉතා සංකීර්ණ වූවකි. පුද්ගලිකව මේ කාරණය ඉතා සංවේදී වන්නා සේම රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඉතා වැදගත් වෙයි. ඒ දිර්ඝ කාලීන ගැටලුව විසඳණු වස් ජනාධිපතිවරයා විසින් මේ සියලුම ඉඩම් ඒකක කඩිනමින් මිනුම් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් ආයෝජන අවස්ථාවන් පහසු කරනු වස් ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ආයෝජන අවස්ථාවන්ට අදාළ සම්පූර්ණ විස්තර ගොනු කිරීමට පියවර තබා ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එම තොරතුරු සම්බන්ධ කර ඉතා කෙටි කාලයකින් ආයෝජකයන්ට සිය ආයෝජන නිරවුල් වූ භූමියක සිදුකිරීමට අවස්ථාව උදා වේ.

උපාධිධාරීන්ට රැකියා

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව සෑම රජයකම කරළියට පැමිණෙයි. රජය ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සියලු සැලසුම් සකස් කර අවසන්ය.

සංචාරක ක්‍ෂේත්‍රයට පාරවල්

සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා ගැනීමට රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව සංචාරක ආකර්ෂණය සහිත කුඩා නගර සියල්ල සංවර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකය. එසේම රටේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට ආරම්භව ඇත. පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කිරීම ඊට සමගාමීව සිදු කෙරේ.
රටේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීමට ඉලක්ක සහගතව සිටි කාලසීමා පසුගිය ආණ්ඩු පෙරළිය විසින් සිහින බවට පත්කර තිබිණි. ජනාධිපතිවරයා විසින් සියලු අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය, රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ කඩිනම් කෙරේ. ගාලු පාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කෙරේ. ඊට සමගාමීව කොළඹ මාර්ග තදබදයට පිළියම් ලෙස තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය. දේශීය ඉන්ජිනේරුවන්ගේ මූලිකත්වයෙන් මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි.

රාජ්‍ය මාධ්‍යයට තහංචි

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බළකායක් ස්ථාපනය කෙරිණි. දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසිය. මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිත රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී තිබේ. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත්කිරීමෙන් රජයේ හොරණෑ ලෙස ලේබල් කර තිබූ රාජ්‍ය මාධ්‍ය යුගයට තිත තැබිණ. ජනාධිපති කාර්ය මණ්ඩලය පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපති නිල නිවෙස ලෙස තමන්ගේ පදිංචි නිවෙසම තෝරාගැනීම ජනතා ප්‍රසාදයට ලක්ව ඇත.
සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය කිරීම පාලනය කිරීමට නීති සැකසීමෙන් දේශීය සාමාන්‍ය නිෂ්පාදකයන්ට සහන සැලසීය. පළමු වතාවට නිවසක් මිලදී ගැනීමේදී සහන පොලියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය ද පැසසිය යුත්තකි.

සහතික එක දවසකින්

අනුකූලතා සහතිකය (ඣක්‍) එක්දිනකදී නිකුත් කිරීම, නිවාස හෝ සු`ඵ ව්‍යාපාර ඉදිකිරීමේදී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක්දිනකදී අනුමත කිරීම, සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාව පමණක් සිදුකිරීම ආදිය ද සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පහසු කරවයි. ජනවාරි 1 වෙනිදා සිට මාධ්‍යවල ප්‍රචාරණය වන ගීත සඳහා අදාළ ගායික ගායිකාවන්ට කර්තෘභාග ගෙවීම ආරම්භ කර ඇත. ඉදිරි කාලසීමාවෙහි හෙද පාඨමාලා හදාරන අයට සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යෑමට සැලසුම් සකස් කරමින් පවතී.

ජනතාවාදී ආර්ථිකයකට

මේ සියල්ල ගොනු වන්නේ ඉලක්ක ගත අරමුණු සහිතවය. රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය කිසිදු කොන්දේසියක් මත අනතුරට ලක්ව නැත. ලෝකයේ සියලු රාජ්‍යයන් සමඟ ගනුදෙනුවේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරක්ෂිතය. රාජ්‍ය පාලනයේ සාමූහික වගකීම පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදු කෙරේ. එය ජනතාව වඩාත් දිරිගන්වන්නකි. මහජන නියෝජිතයාගේ පටන් රාජ්‍ය නිලධාරියා දක්වා වූ කැපවීම, අවංකභාවය දිනෙන් දින වර්ධනය වෙයි. රටේ පුරවැසියා සංතෘප්තිමත්, විනයගරුක, පුද්ගලයකු වන තරමට රටේ ඉලක්ක පහසු කරවයි. ඒ සඳහා රට ගොඩ නැඟේ. සුළු පිරිසක් සතුටු වූ දෛනික ආර්ථිකය වෙනුවට ජනතාවාදී ආර්ථිකයකට රට සූදානම්ය. සමාන අවස්ථා සහිත ගෞරවනීය දිවි පෙවෙතක් සියලු පුරවැසියන්ට තහවුරු කෙරේ. ලෝකය දියුණු රටවල් ජයගත් තාක්ෂණය හා නවීන ක්‍රමෝපායන් රටෙහි මතු වෙමින් තිබේ. භාණ්ඩ හා සේවා වෙනුවට ලෝක තාක්ෂණය රටේ ස්ථාපනය කෙරේ. අද නැවතත් මුළු රටම එකම වැඩ බිමකි. භෞතික සම්පත් සංවර්ධනය නිවැරදිම දිශානතියකට රට හරවා තිබේ. ඇළට, දොළට, ගංගාවට සංවේදී ප්‍රතිපත්ති රජයෙන් ක්‍රියාත්මකය.
විනය ගරුක ප්‍රතිපත්ති ගරුක සාධාරණ සමාජය වචනවලට සීමා වී නැත. එය පොදු මහජන අපේක්ෂාවකි. තිරසර සංවර්ධන ප්‍රවේශයකි.

ජාතික ආරක්‍ෂාව අංක එකට

ආණ්ඩුව මේ සියල්ල ජනතාව අතට පත් කරන්නේ ජාතික ආරක්ෂාව මුල් තැන්හි තබා ගෙනය. ඒ ජාතික ආරක්ෂාව බිඳ වැටුණොත් අන් සියල්ල අනතුරේ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇති නිසාය.
සරලව ගත් කළ වසර සියගණනක් පුරන් වූ කෙතක් අස්වද්දන්නේ යම් සේද එවන් අභියෝයක් රජය සතුය. පස සරු කරමින් වල් උදුරා දමා විනාශ කළ යුතුය. නිවැරදිව ලියදි නොබැන්දොත් වතුර නොරැඳේ. වැට කඩුලු බඳිනවිට දිරා ගිය දඬු ලී ද වෙයි. කක්කුටු බෙන වසන විට වක්කඩ කැඩී ඇත. වක්කඩ බඳින විට ගංවතුරය, විටෙක නියන්ය. එසේ වුව කෙත අස්වැද්දිය යුත්තේමය. බැත සරු නොකොට පත සරු නොවේ. අප දුටුවේ ගෙවී ගිය දවස් සියය තුළ එකී අරගලයයි. අපේ අපේක්ෂා මල්ඵල ගන්වන්නේ ඒ සියලු අභියෝග මැද පීදෙන කෙතය.
රට දෙස ආදරයෙන් බැලූ සියල්ලෝ ඒකාත්මිකව සංතෘප්තිමත්ය. ඒ ඒකාන්තයෙන් සෞභාග්‍යය කරා පෙරට යන මාතෘ භූමියේ අනාගතය තවත් සියවස් ගණනාවක් සුරක්ෂිත කරනු ඇති බවට වූ දැඩි විශ්වාසය මතය.

තිලාන් පුංචිහේවා

SendShareShare
Previous Post

නවලෝක රෝහල 5 Crown සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

ක්‍රිස්බෝ වෙතින් තරුණ තරුණියන් සඳහා පුහුණුව

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.