ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, 2021 ලෝක ආහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසර බව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකෙහිම අවධානය යොමුවී ඇති වපසරියක් තුළ අඩුම මිලට වෙළෙඳපොළෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ප්‍රභවය වන තත්ත්වයෙන් උසස් ගුණාත්මක කුකුළු මස් පරිභෝජනය පිළිබඳ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ක්‍රිස්බ්‍රෝ සමාගම මේවන විටත් කටයුතු කර ඇත.











