• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඡන්දයට පෙර ජනාධිපති තෝරන රියැලටියක්

November 1, 2019
in Heart
Reading Time: 1 min read
A A
ඡන්දයට පෙර ජනාධිපති තෝරන රියැලටියක්
Share on WhatsAppShare on Facebook

අපේ නිර්මාණකරුවන් මේ දවස්වල දේශපාලනය මූලික කරගෙන විවිධ නිර්මාණ කරන්න පෙලඹී සිටිනවා. නිර්මාණකරුවෙක් කලා නිර්මාණයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නේ බොහෝ දුරට ජනතාවට අමතක වී යන දේවල්. ඉතින් එවැනි උත්සාහයක යෙදෙන සුවිශේෂ නිර්මාණකරුවෙක් තමයි උදයකාන්ත වරණසූරිය කියන්නේ. ඔහු කාලෙන් කාලෙට විවිධ නිර්මාණ කරන කෙනෙක්. ඔහුගේ එවැනි තවත් නිර්මාණයක් තමයි ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ කියන්නේ. ඒ ගැන කියන්න යන්නේ මොකක්ද කියලා අපි ඔහුගෙන්ම දැනගනිමු.
ඔබත් ජනතාව වෙනුවෙන් සිනමාවට රජෙක් නිර්මාණය කරන්නද සූදානම?
රටේ ජනාධිපතිවරණය අත ළඟ. ඉතින් සිනමාවටත් ඒ වගේ රජෙක් නැති වුණොත් ලොකු අඩුපාඩුවක්. ඉතින් මම ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ චිත්‍රපටය නිර්මාණය කළා. මේ මාසේ අන්තිමට එය දැකබලා ගන්න ලැබෙයි. රූපවාහිනී රියැලිටි වැඩසටහනක් හරහා රජෙක් තේරීමේ තරගයක් තමයි එයි සිදුවන්නේ.
එළඹෙන ජනාධිපතිවරණය අලළා තිරගත වීම නිසා ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ වාරණයට හසුවෙයිද?
මම මැතිවරණ කොමසාරිස්තුමාගෙ අවසර ඇතිව තමයි මේ චිත්‍රපටය තිරගත කරන්නේ. මම නිර්මාණකරුවෙක්. නිදහසේ නිර්මාණ කිරීමේ අයිතියක් මට තියෙනවා. දේශපාලන කතාවක් නිර්මාණය කරන්න මම හිතුවෙ එළඹෙන ජනාධිපතිවරණය මූලික කරගෙන තමයි මිනිසුන්ටත් රට ගැන යම් පණිවුඩයක් දෙන්න උත්සාහ ගත්තේ. මේ තිබෙන දේශපාලන තරගකාරීත්වයත් එක්ක මිනිසුන්ට හරි දේ තේරුම්ගැනීමේ අවබෝධය අඩුවෙලා. මම හිතනවා ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ චිත්‍රපටය ජනතාවට වැදගත් වෙයි කියලා. මොන ප්‍රශ්න ආවත් ඒවට මම මුහුණ දෙන්න සූදානම්.
ඔබේ සිනමා නිර්මාණවලට ශිල්පීන් තෝරාගැනීමේදී විශේෂත්වයක් දක්වනවා. මෙයටත් ඒ සැලකිල්ල දැක්වූවාද?
අනිවාර්යයෙන්ම මගේ චිත්‍රපටවලට නිර්මාණ ශිල්පීන් තෝරාගැනීමේදී මම විශේෂත්වයක් දක්වනවා. මම චිත්‍රපට කරන්නම් වාලේ කරන්නේ නැහැ. ඉතින් මේ චිත්‍රපටයේදි දේශපාලනය මත ශිල්පීන් තෝරාගත්තේ නැහැ. චරිතයට සුදුසුම දක්ෂ කෙනා තමයි මම තෝරාගත්තේ. ඒ සියලුම දෙනාගෙන් ලොකු සහායක් මට ලැබුණා.
දායක වන ශිල්පීන් සඳහන් කළොත්?
ශ්‍රීයන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සනත් ගුණතිලක, ලකී ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, නිල්මිණී තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි, කුමාර තිරිමාදුර, පුබුදු චතුරංග, රොෂාන් රණවන, බිමල් ජයකොඩි, වීණා ජයකොඩි ඇතුළු ප්‍රවීණයන් සමඟ නව පරපුරේ ශිල්පීන් 60 දෙනකුට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.
තවත් විශේෂත්වයක් තමයි ඔබ එක චිත්‍රපටයක් කළ සැණින් තව චිත්‍රපටයක් හදන්න සූදානම් කරනවා. ඒ තරමටම ඔබ වටා නිෂ්පාදකවරුන් පිරිසක් ඉන්නවද?
මම චිත්‍රපටයක් කරන්නේ ඉතා හොඳට සැලසුම් කරලා තමයි. ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ චිත්‍රපටය මාස හතරක් ඇතුළත සම්පූර්ණයෙන් වැඩ ඉවර කරලා තිරගත කරන තත්ත්වයට ගන්න පුළුවන් වුණා. නිෂ්පාදකවරුන් ඉන්නව මා සමඟ නිර්මාණ කරන්න. ඒත් දැන් මගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ මමමයි.
ලේ කිරි කඳුළු, රන්දිය දහර, මධුර චාරිකා සිනමා නිර්මාණවලින් ඔබ බලාපොරොත්තු වුණු ප්‍රතිචාරයන් ලැබුණෙ නැහැ නේද?
ඕනෑම දෙයක් කරද්දී ලාභ අලාභ සිදුවෙනවා. ඒ හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙනයි නිර්මාණ කරන්න සිදුවෙන්නේ. ඒ චිත්‍රපට ඒ තරම් ප්‍රතිචාර නොලැබූ බව ඇත්ත. හැබැයි මම ඒ චිත්‍රපට තුනෙන් සමාජයට ලස්සන කතා තුනක් නිර්මාණය කළා. ඒ ගැන මට සතුටුයි.
මෑත කාලයේ සිට ඔබත් ඔබේ නිර්මාණ අදියර වශයෙන් නිර්මාණය කිරීමට පෙලඹී සිටිනවා. ඒ ගැන කතා කළොත්?
මෙහෙමයි, ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයෙ දෙවැනි කොටසත් නිර්මාණය කරන්න කියලා. ඉතින් එහෙම මගෙන් ඉල්ලන්නේ ප්‍රතිචාර වැඩි නිසා. කොස්තාපල් පුඤ්ඤසෝම 02 සහ ගින්දරී 03 මම ඉදිරියේදී නිර්මාණය කරනවා. ඒ චිත්‍රපටවලට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා ප්‍රේක්ෂකයන් එය වැලඳගනීවි කියලා මම විශ්වාස කරනවා.
ඔබ ආයෙත් රතු රෝස, හිරිපොද වැස්ස සහ ආදරණීය කතාවක් වැනි නිර්මාණයන් කරයි කියලා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා ඇති?
ඔවුන්ගේ ඒ සිහිනය මම සැබෑ කරනවා. ආදරණීය ප්‍රේම කතාවක් ඉදිරියෙදි මම නිර්මාණය කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ක්ලීන්ටෙක් ඉලෙක්ට්‍රොනික කසළ කළමනාකරණයට කැපවෙයි

Next Post

නාමල්-මධූෂ් ඇතුළෙ ඉදන් ජන්දය ගැන ඇහැගහගෙන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.