නිවෙසක භාවිත කෙරෙන ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සියල්ල අතරින් වැඩිම කාලයක් භාවිත කරනු ලබන්නේ ශීතකරණයයි. එම නිසා නිවෙසට ශීතකරණයක් ගැනීමට යෑමේදී ඔබ විසින් වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. දිනෙන් දින වැඩිදියුණු වන අතිනවීන LG ශීතකරණවල ඇති සුවිශේෂී ලක්‍ෂණ පිළිබඳ සැලකිලිමත් වීමේදී ඔබේ නිවෙසට තෝරාගත හැකි හොඳම ශීතකරණය වන්නේ LG ශීතකරණය බව ඔබට මැනවින් තහවුරු වනු ඇත.
ශීතකරණයේ ඇතුළත ඉඩකඩ අඩුවීම අවශ්‍ය දේවල් ඇසිරීම සීමා කිරීමට හේතුවේ. එම නිසා විවිධ ප්‍රමාණයන්ගේ භාජන අවශ්‍ය පරිදි ඇසිරීමට අවශ්‍ය ඉඩකඩ හොඳින්ම ඇති ශීතකරණය ලෙසින් ඛඨ ශීතකරණය හැඳින්විය හැකියි.
ශීතකරණයේ ඇතුළත අපතේ යන සිසිල් වායු දහරා නැවතත් ඇති කිරීමට අමතර විදුලියක් වැය කිරීමට සිදුවේ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා විශේෂිත වීදුරු පැනලයකින් සමන්විත LG InstaView ශීතකරණය හඳුන්වාදී ඇති අතර එහි පිටතින් ඇති පැනලයට තට්ටු කිරීමෙන් ශීතකරණය ඇතුළත ආලෝකමත් වේ.
LG ශීතකරණ සඳහා භාවිත කරනු ලබන්නේ ඉන්වර්ටර් ලීනියර් කොම්ප්‍රෙසරය නිසා උෂ්ණත්වය ඉහළ පහළ යාමෙන් තොරව අවශ්‍ය සිසිලස මුදාහරිනු ලබන අතර, අවම කම්පනයකින් සහ ශබ්දයකින් යුක්තව ක්‍රියා කරයි. ඉන්වර්ටර් ලීනියර් කොම්ප්‍රෙසරය එක් ස්ථානයක පමණක් ගැටෙමින් ක්‍රියාත්මක වන නිසා 42% දක්වා විදුලිය ඉතිරිකිරීමට සමත්වෙයි.
LG ශීතකරණවල LG Smart ThinQ Wi-Fi ඇති නිසා අමතර සිදුරු දෙකකින් සිසිල් වායු දහරා මුදා හරිමින් ශීතකරණය පුරා ඒකාකාරී සිසිලසක් පවත්වාගෙන යනු ලබයි. සාමාන්‍ය සිසිල් කිරීමකට වඩා 35%ක වේගවත් බවකින් සිසිල් කිරීමක් මෙහිදී සිදු වේ.
ස්මාට් තාක්‍ෂණයෙන් යුත් ශීතකරණ LG වෙතින් එන නිසා ස්මාට් ජංගම දුරකතනය හරහා Wi-Fi වලින් ඕනෑම තැනක සිට, ඕනෑම මොහොතක ශීතකරණය ක්‍රියාකරවීමේ හැකියාව ලැබේ. LG Smart ThinQ Wi-Fi තාක්‍ෂණය නිසා උෂ්ණත්වය පාලනය කිරීම, විදුලිය වැය වන ආකාරය නිරීක්‍ෂණයට ලක් කිරීම ඇතුළුව කාර්යන් රැසක් සිදුකර ගැනීමේ හැකියාව ලැබෙයි.
සතුට පිරුණු සෞඛ්‍යාරක්‍ෂිත නිවහනක් සඳහා ලොව සුපතල ඛඨ නිෂ්පාදන වැදගත් කාර්යයක් ඉටු කරයි. විදුලිය ඉතිරිකරන, පරිසරයට හිතකර නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කරවීම සඳහා සිය නිෂ්පාදනවල තාක්‍ෂණික විශේෂාංග දිනෙන් දින ඉහළ නංවමින් නැවුම් දේ හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරයි.