රයිනෝ සමූහ ව්‍යාපාරය, තිරසර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව දීර්ඝකාලීන ක්‍රමෝපායික වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
මෙරට ජනතාවගේ ගෞරවය දිනූ, සමාජය කෙරෙහි වගකීම්සහගත සමාගමක් ලෙස රයිනෝ සමූහ ව්‍යාපාරය කවදත් තිරසාරත්වයට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. පසුගිය දශක 5ක කාලය තුළ එම සමූහය තම ව්‍යාපාර කටයුතුවලදී සෑම විටම තිරසර ක්‍රමවේදයන් භාවිත කර ඇති අතර, ප්‍රජා සත්කාරයන් සඳහාද නිරන්තරයෙන් අවධානය යොමුකර ඇත.
මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික සහ පරිසර තත්ත්වය පිළිබඳව කරන ලද දීර්ඝ පර්යේෂණවලින් අනතුරු සහ තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට පවතින අඩුපාඩු හඳුනාගැනීම තුළින් නව තිරසාරත්ව වැඩසටහන් පෙළක් දියත්කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.
රයිනෝ සමූහය තිරසාරත්වයේ මූලික පදනම් ලෙස සලකනුයේ මානව සම්පත, නිෂ්පාදන, ප්‍රජාව සහ පෘථිවිය යන පදනම් සතරයි. මෙම පදනම්වලට මූලිකත්වය දෙමින්, 2025 වසර තෙක් විහිදෙන තිරසාරත්වයේ ගමන් මගක් සැලසුම් කිරීමට එම සමූහය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥානම් මහතා මෙසේ පැවසීය. “සමාජයේ විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගැනීම සහ තිරසාරත්වය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම අතින් ගත් විට රයිනෝ සමූහ ව්‍යාපාරයේ දැක්ම ඉතාම පුළුල් පරාසයක් ආවරණය කරන අතර, පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මේ සියලු පාර්ශ්වයන්ට පෙන්වා දීම අරමුණු කරගත් දැක්මක් ලෙස එය හැඳින්වීමට පුළුවන්. මේ තිරසාරත්ව වැඩසටහන් සතර ක්‍රියාවට නැංවීම මගින් අපට සමාජ හා ආර්ථික තිරසාරත්වය නැංවීමට මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීමට පැහැදිලි දායකත්වයක් ලබාදීමට හැකිවන බව අපගේ විශ්වාසයයි. තිරසාරත්වයේ මූලික පදනම් සතර සමඟ ව්‍යාපාරික කටයුතු සමගාමී කිරීම ඔස්සේ පරිසරයට හා සමාජයට යහපතක් සිදුකරමින්, දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කරමින්, රට තුළ සැබෑ පරිවර්තනයක් සිදුකිරීමට අප උත්සාහ කරනවා.”