රත්නපුර දිස්ත්‍රික්කයේ වේවැල්වත්ත ප්‍රදේශයේ අමු තේ දලු සපයන්නන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගිතාවයෙන් යුතුව කොමර්ෂල් බැංකුව විසින් පවත්වන ලද මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් සඳහා සහභාගි වූහ.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පළපුරුදු දේශකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ රෝහිත අබේකෝන් මහතා විසිනි.
එසේම මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී පෞද්ගලික බැංකුකරණ/ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව-ඩිලක්ෂාන් හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය කළමනාකාර ඌව සබරගමු කලාපය – එල්මෝ සූරියආරච්චි, කළමනාකාර, සංවර්ධන ණය දෙපාර්තමේන්තුව – මාලික ද සිල්වා, ෆින්ලේ සමූහයේ අලුපොල වතු අධිකාරී අසංක මාධවන් යන මහත්වරු සහ කලවාන, පැල්මඩුල්ල, රත්නපුර සහ කුරුවිට කොමර්ෂල් බැංකු ශාඛාවල කළමනාකාර මහත්වරුද සහභාගි වූහ.