අලියාන්ස් ලංකා සමාගම විසින් රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළදී දිවයින පුරා ව්‍යාපාරයන්ට සහ පාරිභෝගිකයන් හට රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා දීම වෙනුවෙන් රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබීය.
එහිදී දිවයින පුරා ප්‍රධාන නගරයන් මූලික කොට ගනිමින් පැවැත්වෙන බිම් මට්ටමේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මාලාවක් හරහා රක්ෂණය මඟින් ලබා දෙන වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අලියාන්ස් ලංකා කටයුතු යොදා ඇත.
අලියාන්ස් ලංකාහි ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කණ්ඩායම් පසුගියදා බණ්ඩාරවෙල නගරයේදී ඒ ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එහිදී දැරිය හැකි මිලක් යටතේ ඉහළ රැකවරණයක් සහ පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභයන් සලසා දෙන ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් ජනතාව වෙත හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී. මුළු පවුලටම රක්ෂණ රැකවරණය සලසා දෙන ‘අලියාන්ස් යුනිවර්සල් ලයිෆ් ෆැමිලි’ දැරිය හැකි මිලකට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් සලසන අලියාන්ස් PAB Plus’ සහ ව්‍යාපාර හිමිකරුවන් සඳහා ‘අලියාන්ස් ෂොප් කීපර්ස්’ යන රක්ෂණ යෝජනාවන් ඊට ඇතුළත් විය.
එම දැනුවත් කිරීම්වලින් අනතුරුව ප්‍රජා සාමාජිකයන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක සන්ධ්‍යාවක්ද පැවැත්විණි.
සැප්තැම්බර් මාසය තුළදී මාතර, රත්නපුර, මීගමුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් මෙම වැඩසටහන යටතේ ආවරණය කිරීමට නියමිතය.