• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහනුවරින් මතුවුණු රාජකීය උමග

June 27, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහනුවරින් මතුවුණු රාජකීය උමග
Share on WhatsAppShare on Facebook

දෙසවන මත දැවටී, සිත සනසන සාදුකාර හඬ අඩුවක් නැතිව හැම තත්පරයකම සිසිල් සුවදායි වාතලයට මුසුවෙන, වීදියක් වීදියක් පාසා හේවිසි හඬ රැව්පිළිරැව් දෙන, දහසක් මලින් විහිදෙන මෘදු, මෙලොක් සුවඳ, වැව්දිය, පිසඑන සිසිල් සුළඟේ දැවටී හදවත් නිවා සනසන, නගරයක් වේ නම් ඒ තමයි මහනුවර. එහෙම නැත්නම් තවත් විදියකට කියනවා නම් මෙරට අවසන් රාජධානිය පිහිටා තිබූ සෙංකඩගල පුරවරය. එපමණක් නෙවෙයි. මහනුවර යනු දෙස් – විදෙස් බොහෝ පිරිසකගේ ගෞරවයට පාත්‍ර වෙච්ච, අදත්, හෙටත්, මතුවටත් එම ගෞරවාදරයට පාත්‍ර වන පූජනීය පුරවරයක්. එහෙම කාගෙත් ගෞරවය ලබන්න මහනුවර නගරයට වාසනාව ලැබෙන්නත් විශේෂ හේතුවක් ඇති. ඒ ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ විදියට සැලකෙන බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ සෙංකඩගල පුරවරය මධ්‍යයේ පිහිටි දළදා මාලිගයේ වැඩ විසීම. එනිසාම සෙංකඩගල පුරවරයට පැමිණීමත් මහඟු පුණ්‍යකර්මයක් සේ සලකන දෙස්-විදෙස් බැතිමතුන් වසරකට වරක් හෝ මේ පූජනීය පුරවරයට පය තබන්නට අමතක කරන්නේ නැත.

ගෙවී ගිය, ගෙවී යන සෑම තත්පරයකම මේ බිමට ආවෝ බොහෝය. උදාවන හැම තත්පරයකම පැමිණෙන්නට බලා සිටින්නවුන්ද බොහෝ විය හැකිය. ඒ ආගිය බොහෝමය නගරයේ ප්‍රෞඪත්වය දැක සැනෙසන්නට ඇත. එදා රාජකීය නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාරිගේ කලාකාමී ඉදිකිරීම් දෙස බලා සැදී පැහැදී සතුටු සිතින් ආපසු යන්නට ඇත. එහෙත් තමන්ට මඟහැරුණු තමන් නොදන්නා දෙයක් මේ නුවර පුරවරයේ තිබුණා යැයි ඒ ආගිය බොහෝ දෙනෙක් නොදැන සිටියෝය. එසේ කිසිවකුටත් ඇස නොගැටුණු කිසිවකු නොදැන සිටි විශිෂ්ට රාජකීය ඉදිකිරීමක සුලමුල හෙළි වූයේ මීට වසර කිහිපයකට පෙරය. ඒ කන්ද උඩරට අවසන් රාජධානියේ ප්‍රෞඪත්වයට එහාගිය සුවිශේෂී තාක්‍ෂණික නිපුණත්වයක රහස් ලෝකය හමුවේ විවර කරමින් සොයා ගැනුණු භූගත උමං මාර්ගයත් සමඟිනි.

එදා සෙංකඩගල පුරවරයට ඇදහැලුණු මහාවර්ෂාවන්හිදී එකතු වන ජලයත්, බෝගම්බර වැවෙහි අතිරික්ත ජලයත්, කොහෙන් කොහොම අතුරුදන් වෙනවාදැයි කෙනකුට සිතන්නට ඇත. ඇතැම් විට එය මහා හාස්කමකැයි තවත් කෙනකු සිතන්නට ඇත. එහෙත් ඒ සියල්ලට පිළිතුරු සපයමින් හමුවූ මෙම උමං මාර්ගය රාජසිංහ රජ සමයේ බෝගම්බර වැවත්, මාලිගාව අවට අලංකාර නිර්මාණයනුත් සිදුකළ දේවේන්ද්‍ර මූලාචාරීන් සිය නිර්මාණ කටයුත්තේදී නගරයට ජලයෙන් හානියක් නොවන්නට යෙදූ විශිෂ්ට තාක්‍ෂණික උපක්‍රමයක් ලෙසද අනුමාන කළ හැකිය.
කිසිවකුටත් කරදරයක් නොවී අතිරික්ත ජලය රහසේ ගෙන ගිය මේ උමං මාර්ගය නගර මධ්‍යයෙන් කිලෝමීටරයකට වැඩි දුරක් ඉදිකර ඇති අතර, මෙය කාගේ ඉදිකිරීමක්ද යන්න නිශ්චිත තොරතුරක් ඉදිරිපත් නොවූවද අනුරාධපුරය, පොළොන්නරුව සහ සීගිරිය යන ස්ථානයන්හි ඇති උමං පද්ධතිවලට සමාන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන් සමන්විත මෙම උමං මාර්ගය සොයගන්නා විටත් ඉතා හොඳ තත්ත්වයේ පැවැතීම එහි විශිෂ්ටත්වය කියාපාන සාධකයකි.

කිසිවෙකුත් නොදැන සිටි මේ උමං මාර්ගය සොයා ගන්නට මඟපෑදී ඇත්තේද අහම්බෙනි. ඒ මහනුවර නගරයේ යටිනුවර වීදිය, කිහිප වතාවක්ම ගිලා බැසීමත් සමඟයි. වරක්, දෙවරක් නොව එලෙස කිහිප විටකදීම සිදුවූ ගිලා බැසීමත් සමඟින් සිදුකළ පරීක්‍ෂණ තුළින් මහනුවර නගරය යටින් විශාල උමං මාර්ගයක් ඇති බවට සොයාගෙන තිබිණි. කෙසේ වුවද ඉතා පරෙස්සමට, ක්‍රමානුකූලව මෙම උමං මාර්ගයේ පරීක්‍ෂණ කටයුතුත්, සංරක්‍ෂණ කටයුතුත් කරන්නට අදාළ ආයතන කටයුතු කරද්දී හෙළිව ඇත්තේ දැන හෝ නොදැන මිනිසා විසින්ම මෙම උමං මාර්ගයට කර ඇති හානිය අතිවිශාල බවයි.

තමන්ගේ කුණු කොහේට හෝ හරවා අත පිසදමා ගන්නට හුරුව ඇති බහුතරයක් මිනිසුන් සෙංකඩගල පුරවරයයේද ඇති බව පසක්කර ගන්නට උමගේ පරීක්‍ෂණ කටයුතු සිදුකළ පිරිසට හැකිව තිබුණේ තැනින් තැන උමඟ සිදුරු කර ඊට වැසිකිළි නළ සහ අපජලය නළ හරවා ඇති අයුරු දකිද්දීය.

කෙසේ නමුදු උමං මග සොයා ගැනීමෙන් පසු ඇරැඹි ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත දිනට අවසන් වූයේ නම් පසුගිය මැයි මාසය වෙද්දී එය අවසන් වන්නට ඇත. එහෙත් හෙළිව තිබූ තොරතුරු අනුව මෙම උමං මාර්ගය අවභාවිත කිරීම අදක, ඊයේක සිද්ධ වූවක් නම් නොවේ. එය එක්දහස් අටසිය ගණන්වලදී බි්‍රතාන්‍ය ජාතිකයන් අතිනුත් සිදුව ඇති බවට තොරතුරු හෙළිව තිබිණි.

පැහැදිලිවම හෙළි නොවූ ඓතිහාසික වටිනාකමක් ඇති මෙම උමං මාර්ගය ශ්‍රී ලංකාවටම ආවේණික වූ තාක්‍ෂණයකින් ඉදිවූවක් බවටත්, සොයාගෙන ඇති අතර, යටිනුවර වීථියේ සිට අලිමුඩුක්කුව නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගමන් කරද්දී ක්‍රමයෙන් උමගේ ප්‍රමාණය විශාල කරමින් ඉදිකර තිබේ. එය මීටර් එකහමාරක සිට දෙකහමාරක් දක්වා විශාල වූවකි. ඉලිප්සාකාර ස්වරූපය පැහැදිලිව දක්නට ලැබනෙ මෙය ලෝකයේ කිසිදු උමං මාර්ගයක දක්නට නොලැබෙන සුවිශේෂී ලක්‍ෂණ සහිත වූවක් බවත් හඳුනාගෙන තිබේ.

මහපොළොව යට සැඟවී තිබුණද හෙළ රජ දවස විශිෂ්ට වූ නිර්මාණශීලීත්වයත්, ප්‍රෞඪත්වයත් අනාගතයට රැගෙන එන මෙවන් සුවිශේෂී ඉදිකිරීම් අනාගත පරපුර උදෙසාත් රැක ගැනීමට සෑම කෙනකුම සිතට ගෙන වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් එයින් විනාශ වී යන්නේ තම දරුවන්ගේ අභිමානවත් ඉතිහාසය බව තේරුම්ගත යුතුය. එසේ තේරුම් නොගන්නාතාක් සෙංකඩගල පුරවරයද බිඳෙන් බිඳ සේදී මෙම උමං මග දිගේම පහළට ගලාගෙන යනු නිසැකය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

අලියාන්ස් ලංකා කළමනාකාරිත්වයේ නව පත්වීම් සහ උසස් වීම් නිවේදනය කරයි

Next Post

සිංහල සිනමාව ගිනිගත්ත සනෝජාගේ මංගල තෑග්ග

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.