• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ විවාහයට මොනවා වෙයිද?

October 25, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ විවාහයට මොනවා වෙයිද?
Share on WhatsAppShare on Facebook

ක්‍රමයෙන් මිනිසාගේ සාමාජීය හා සංස්කෘතිකමය සමීප සබඳතාවකට සෞන්දර්යමත් රිද්ම රටාවක් ගොඩනැගිණි. එයට විවාහය මහත් රුකුලක් විය. කායික ආශ්වාදයේ අවසන් ප්‍රතිඵලයට අනුගතව දාරක සම්පත් ලැබීමේ මහා වාසනාව පෑදිණි. විවාහය ගැන ගැඹුරින් නිරීක්ෂණය කරන විටදී එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම් ශාරීරික සහසම්බන්ධයක් ඇති නොවූ බවට සාක්ෂි ඇත. එයට මූලාශ්‍රය වන්නේ ඔවුන්ට ජානමය උරුමයන් තුළ හැදියාවක් ලැබී තිබෙන නිසාය.

කලාතුරකින් සහෝදරියන් සමග එක්වීමට අපේක්ෂිත අන්දමට සිදුවූ බවක් නම් පැහැදිලිය. පසුකාලීනව ඉඩිපස් සංකීර්ණය හරහා මානසික ආතතිය මුදාහැරීමක් ලෙසත් පලිගැනීමේ ආශාව මුල් කොටගෙන පියා මරා මව අයිති කරගැනීමේ ආශාව මුල්කොට ගෙන පියා මරා මව අයිති කරගත් බැව් දැක්විය හැකිය. බුදුරජාණන්වහන්සේ දේශනා කළ පරිදි සූත්‍රවල දක්වා ඇත්තේ සර්පයකුට ආදරය කළත් හුදෙකලාව ජීවත් වන මැහැල්ලක් පවා සිටින තැනකට කිනම් වයසක පසුවන පුරුෂයකු ඇය හමුවීමට නොයා යුතු බවකි. විශේෂයෙන්ම භික්ෂුවකට විනය නීතියෙන්ම එය තහනම් වේ.

අපි කතාබහ කරන්නේ වත්මන් විවාහය ගැනයි. මහා භාරතීය බමුණු මත පරිදි අප රටට දායාද කරන ලද එක්තරා විවාහ ක්‍රමයක් අද වන තෙක්ම අප අනුගමනය කරන්නෙමු.

ලොව වැඩිම පිරිසක් ජ්‍යොතිෂයට ගරු කරති. ඒ හරහා සිය දෛනික ජීවිතයේ වැඩකටයුතුවලට සුබ නැකැත් අනුගමනය කරන බව පැහැදිලිය. දරුවකුගේ උපතේ සිටම මියයන තෙක්ම ජ්‍යොතිෂමය කරුණු පාදක කරගනී. බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ප්‍රජාපතී විවාහය, ගාන්ධර්ව විවාහය සහ ප්‍රේත විවාහය වැනි විවාහ ක්‍රම අටකි. මේ කුමන විවාහයක වුවත් ඇතුළාන්ත අපේක්ෂාව ලිංගිකමය තෘප්තියයි. කායික හා මානසික ගනුදෙනුව ඒ හරහා සිදුවේ.

කවුරුන් කෙසේ පැවැසුවත් විවාහයේ මූලිකම මනෝවිද්‍යාත්මක සංසිද්ධිය කායික එක්වීමයි. එයට දෙදෙනාගේම ගැළපීම් සමතුලිතතාවක් තිබීම අනිවාර්ය වේ.

දෙදෙනකු සිතන පතන අදහස්වල විවිධාකාර රූපසටහන් ඇත්තේය. අපේ රටේ පොරොන්දම් බලන අතර ඇතැම් අපරදිග රටවල රුධිරය පරීක්ෂාවට බඳුන් කෙරේ. එය ලිංගිකමය එක්වීමකට නොව උපදින දරුවන්ගේ ශරීර සෞඛ්‍යමය කරුණුවලට ඍජුවම බලපාන බැව් විද්‍යාත්මකව ඔප්පු වී ඇති නිසාය.

පොතපතේ සඳහන් පරිදි පොරොන්දම් ගැළපීමේදී විවාහ දෝෂ 20ම අතහැර දමා සාර්ථක යුගදිවියක් ගතකිරීමට ග්‍රහ හැසිරීම් රටාව නිරීක්ෂණයට මුල් තැන දීමද අනිවාර්ය වන්නේය. හුදෙක්ම බමුණු මතිමතාන්තර අද අපේ පාරම්පරිකව ගලා එන පොරොන්දම් සීහුම්වලට දැඩි ලෙස යාකර තිබෙන බැව් ඇත්තකි.

මේ වන විට ජ්‍යොතිෂ විද්‍යාව අන් කවර දෙයකටත් වඩා ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිස් අතර කිඳාබැස ඇති බව මනාව පැහැදිලි වන්නේය. බොහෝ ඇසූපිරූ තැන් ඇති බව ජ්‍යොතිෂවේදියකුට තිබිය යුතුමය. අද නැත්තේත් ඒකමය. කේන්දර සිය ගණනක් මංගල යෝජනාවකට මුද්‍රිත හෝ විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබුණු විටදී ඒවා පරීක්ෂා කිරීමට ජ්‍යොතිෂවේදියාට සේවාදායකයා දෙන්නේ පැය කාලක් හෝ භාගයකි. මිනිත්තු කිහිපයකින් ජ්‍යොතිෂමය කරුණු නිවැරැදිව ගැඹුරින් පරීක්ෂා කර බැලීමට නම් ඒ ජ්‍යොතිෂවේදියා ඍෂිවරයකු විය යුතුය?

කෙසේ හෝ විවාහයට තීරණ ලහි ලහියේම ගෙන විවාහ වී වසරකින් මාස ගණනකින් හෝ සතියකින් දික්කසාදයට යොමුවේ. අද වන විට මුදල් පසුපස පිම්මේ දුවන තැනට පත්වී ඇත. තවද දික්කසාදය යන වදන හරිද? මෙය කෙටි කසාදයක් නොවේද? වචන හරඹයක් පමණි. දහඅට ලක්ෂයකට වඩා අවිවාහක තරුණියන් සිටී. වයස 30 ගතවූ අයද මේ සංඛ්‍යාවට අයත් වේ.

හතර අතින්ම ඇසෙන කතාබස් අනුව මේ වන විට විවාහය අසාර්ථකත්වයට පත්වන එක්තරා රැල්ලකි. අඟල් තුනක දිවකින් අඩි හයක කෙනකු මරාදැමිය හැකි තැනට පත්වෙමින් සිටින අතර දුරකතන හඬ හා ඇසට පෙනෙන සංස්කරණය කරන ලද සේයාරූ නිසාද තරුණ තරුණියන්ගේ මනස අතිධාවන මහා කාමාග්නියට ගොදුරුවී සිටින බව නම් ප්‍රසිද්ධතම රහසකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

හොඳ නරක එකට පැටලුණු අමුතු විප්ලවය…

Next Post

BOC සහ GMOA එකතුවෙන් ‘යහපත් සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.