සීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධාන කරන යහපත් ‘සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’ වැඩසටහන මෙවරත් ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනයන්හිදී සාර්ථකව පැවැත්විණි.
සීමාවාසික වෛද්‍යවරුන්ගේ සන්නිවේදනය ඇතුළු මෘදු කුසලතාවන් වර්ධනය කරමින්, වඩාත් ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා අඛණ්ඩව 9 වැනි වරටත් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව විසින් නිල බැංකුකරු ලෙසින් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදී. පවතින Covid 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වැඩමුළුව Zoom තාක්ෂණය ඔස්සේ දහසකට අධික සීමාවාසික වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක් විය.
ලංකා බැංකුව දිගු කාලයක් තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එහි සාමාජිකයන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතර, කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහ පැමිණෙන රෝගීන්ගේ පහසුව උදෙසා රීජන්ට් වීදියේ BOC ශාඛාවක්ද ස්ථාපිත කර තිබේ.











