• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?

November 22, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ඔබේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?
Share on WhatsAppShare on Facebook

මෙලොව ජන්ම ලාභය ලැබූ කෙනකු වෙනුවෙන් සකස් කරන කේන්දරයක තිබිය හැකි බලවත් ග්‍රහ යෝග රැසක්ම ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. පහතින් දක්වන ග්‍රහ යෝග කේන්දර හිමියාට එලෙස සුබ පල උදාකරන යෝගයන් ලෙස සලකනු ලැබේ. එහෙත් යෝගකාරකීය ග්‍රහයන්ගේ තත්ත්වය අනුව පලාපල වෙනස් වන්නේය. ග්‍රහ යෝග ගැන පලාපල සෙවීමේදී රවිගේ බලයත්, ග්‍රහයාගේ ස්වභාවික ගති ලක්ෂණත්, යෝගය යෙදී ඇති රාශියේ ස්වභාවයත් සැලකීම මැනැවි. මෙවැනි රාජ යෝගයන් සිය ගණනක් ජ්‍යොතිෂයේ දැක්වේ. මේ අතර කාල සර්ප වැනි යෝගයන්ද කේන්දරවල පිහිටා තිබේ. මෙකී යෝගයන් පිළිබඳ නිරීක්ෂණය කරන විටදී කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව ගැන ඉතා සියුම්ව බැලිය යුතු වන්නේය. ඒ ඒ යෝග පලදෙන කාල සීමාවන්ද සෙවිය යුතුය. සමහර විට යෝග පලදෙන්නට නොහැකි තත්ත්වයන්ද උදාවනු ඇත. යෝග කේන්දරයේ තිබුණු පමණින්ම එක වරම කරුණු ගැන තීරණය කිරීම බුද්ධිමත් නොවේ ඔබම ඔබේ දරුවාගේ කේන්දරය ගැන තීරණය කිරීම බුද්ධිමත් නොවේ. ඉතා පරෙස්සමට පරීක්ෂා කළහොත් මේ තත්ත්වය හඳුනාගෙන අනාගතය ගැන ඉඟියක් ලබාගත හැකිය.

වාශි යෝගය
සඳු, රාහු, කේතු යන තිදෙනා හැර අන් කවර ග්‍රහයකු හෝ රවිට 12 වැනි රාශියේ සිටීම වාශි යෝගයයි. සමාජයේ බුහුමන් ලබන කීර්තිමත් ජීවිතයක් ගෙවයි.

වෝෂී යෝගය
සඳු, රාහු, කේතු හැර අනු කවර ග්‍රහයකු හෝ රවිට දෙවැන්නේ සිටීමෙන් වෝෂී යෝගය උදාවේ. රාජ්‍ය තනතුරු ලබන ප්‍රකට දැවැන්ත ධනවතෙක් වේ.

උභයචාරී යෝගය
රවිට දෙවැන්නේ සහ 12 වැන්නේ ඉහත සඳහන් අන්දමට ග්‍රහයන් පිහිටීම උභයචාරී යෝගය වේ. මහජන ප්‍රසාදයට ලබමින් දේශපාලනයේද නියුතු සැපවත් ජීවිතයක් නිර්මාණය කරනු ඇත.

ඝුනඵා යෝගය
රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුට දෙවැන්නේ සිටීමෙන් ඝුනඵා යෝගය උදාවේ. ධාර්මික වූ උගත් බුද්ධිමත් නිරෝගී අයකු වනු ඇත.

අනඵා යෝගය
ඉහත සඳන් අන්දමට රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුගේ 12 වැන්නේ යෙදීම අනථා යෝගයයි. කථිකත්වයෙන් යුත් දක්ෂ සන්සුන් ධනවත් නිරෝගී ප්‍රභූවරයෙකු වේ.

ධුර ධුරා යෝගය
ඉහත අන්දමට අනථා ඝුනථා යෝග දෙක එකවර යෙදුණු විට එය ධුර ධුරා යෝගය නම් වේ. යාන වාහන හිමි සෞභාග්‍යවත් ත්‍යාගශීලී කෙනකු වේ.

හංස යෝගය
ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව කේන්දරයේ 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානගතව සිටීමෙන් හංස යෝගය උදාවේ. රූප සම්පත්තිය, ගුණය, විනීතකම, බුද්ධිය, කීර්තිය ආදී සම්පත් බහුල වේ.

මාලවී යෝගය
ශුක්‍ර ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 ස්ථානයක වූ විට මාලවී යෝගය වේ. කලාවට ළැදි, ඉගෙනීමේ හා සෞන්දර්ය අංශවල දක්ෂ නිර්මාණකරුවකුද රූමත් අයකුද වේ.

භද්‍රා යෝගය
බුධ උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 යන තැනක යෙදීමෙන් බුද්ධිමත් එමෙන්ම ව්‍යාපාරවලින් ජය ගන්නා කෙනකු වේ. ධනවත් වේ.

රුචක යෝගය
කුජ 1,4,7,10 උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් නිර්භීතකම, සතුරන් නැසීම, ආත්මශක්තිය, රණශූරත්වය, ප්‍රධානත්වය, භූමි හා ධන සම්පත් හිමිවේ.

අධි යෝගය
සඳුගෙන් 6,7,8 රාශිවල රාහු කේතු හැර අනෙක් ග්‍රහයන් හයදෙනා සිටි විට අධි යෝගය උදාවේ. ආර්ථිකව සුවිශේෂ දියුණුවට පත්වේ. ප්‍රසිද්ධ චරිතයකි.

චතුශ්සාර යෝගය
සියලු ග්‍රහයන් 1,4,7,10 යන සතර කේන්ද්‍රගත වීමෙන් මේ යෝගය යෙදේ. ලෞකික සැප සම්පත් ලබන වාසනාවන්ත දූ දරුවන් ලබන ජනතා කීර්තිය වහා දිනන ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් වේ.

වසුමතී යෝගය
බුධ, ගුරු, සඳු, සිකුරු යන මේ ග්‍රහයන් ලග්නයෙන් 3,6,10,11 කුණ්ඩලියක සිටීමෙන් වසුමතී යෝගය යෙදේ. වාසනාව උපතින්ම ලබයි. සාර්ථක යුගදිවියක් ගෙවයි. බුද්ධිය, ධනය, සැප සම්පත් බහුල වේ.

පර්වත යෝගය
1,4,7,10 යන තැන් සතරේ සුබයන් සිටියදී 3,8,12 කිසිම ග්‍රහයකු නොසිටීමෙන් පර්වත යෝගය සෑදේ. මෙලොව සැප සම්පත් බහුලව ලබන කීර්තිමත් දේශපාලනයේ හිණිපෙත්තටම යන අතිදක්ෂ අයකු වේ. ජනප්‍රියත්වය හිමිවේ.

මහාභාග්‍ය යෝගය
පුරුෂ කේන්දරයක නම් ලග්නය විෂම රාශියක් වී රවි චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද, ස්ත්‍රී කේන්දරයක නම් ලග්නය සම රැසක් වී රවි චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද මෙම යෝගය යෙදේ. පවිත්‍ර චරිතයකි. දිගාසිරි අත්වේ. දරු මුණුබුරන් ලබයි. සැපවත් ජීවිතයක් ගෙවනු ඇත.

ලක්ෂ්මි යෝගය
ලග්නාධිපති බලවත්ව සිට නැවවැන්නාධිපති ස්වක්ෂේත්‍රව හෝ උච්චක්ෂේත්‍රව කේන්දරයේ හෝ ත්‍රිකෝණගත වීමෙන් ලක්ෂ්මි යෝගය යෙදේ. මහජන ප්‍රසාදයට පත්වේ. සෞභාග්‍යය උදාවේ. ධනය ලැබේ. සිටින තැන බබලනු ඇත.

ශ්‍රීනාථ යෝගය
ස්වක්ෂේත්‍ර වූ සත්වැන්නාධිපති නවවැන්නාධිපති සමග 10 වැන්නේ සිටීමෙන් ශ්‍රීනාථ යෝගය උදාවේ. ධනුවට සීමාවිය හැකිය. මෙම යෝගය රාජ්‍යත්වයත්, රාජ්‍ය තනතුරුත් ලබයි. දේශපාලනයට ඉතා සුදුසුයි.

මෙම යෝගවලට අමතරව තවත් යෝග විශාල ප්‍රමාණයක් ජ්‍යොතිෂය තුළ පැහැදිලිව පෙන්වාදී තිබේ. ඒ ඒ යෝග අනුව ජන්මියාට ලැබෙන ලැබීම් තත්ත්වයන් වෙනස් වන අතර පලදෙන කාලසීමාවන්ද වෙනස් වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කට්ටඬි ගුරුන්නාන්සෙ පසුපසින් යන කුරු යක්ෂයා…

Next Post

HNB ඇෂුවරන්ස් 2019 සහ 2020 ‘ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍ර අලෙවි සම්මාන’ උළෙලේදී සම්මාන රැසක් දිනාගනී…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.