අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට නියමිතය.Sri Lanka Latest News
මේ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්වෙනු ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්වීමට නියමිතව ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩුව සිදුකරන අතපෙවීම් නැවතැවීමට බලකිරීම සම්බන්ධවයි.
එමෙන්ම ඊයේ දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් සමග මේ පිළිබද සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළේය.
මීට සමගාමීව අද දින නවදිල්ලියේ පාර්ලිමේන්තු මන්දිරයේදී විපක්ෂනායක රාහුල් ගාන්ධි මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් සාකච්ඡාවක් පවත්වා තිබිණ.
ඒ, රට පුරා නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහාය.












