• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කට්ටඬි ගුරුන්නාන්සෙ පසුපසින් යන කුරු යක්ෂයා…

November 22, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
කට්ටඬි ගුරුන්නාන්සෙ පසුපසින් යන කුරු යක්ෂයා…
Share on WhatsAppShare on Facebook

හෙතෙම අනුරාධපුර ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය චරිතයකි. නම කියූ සැණින් ප්‍රදේශයේ පමණක් නොව රටේම ජනයා අතර යම් හුරුපුරුදු බවක් සිහියට නැගෙන තරමට හෙතෙම රට තුළ ප්‍රසිද්ධව සිටියේය. ඔහු කළ ගුරුකමක් වැරැදී නැතැයි යන අදහස කාගේත් සිත් තුළ තදින්ම තැන්පත්ව තිබුණේය. මේ නිසාම බොහෝ පිරිසක් තම තමන්ගේ දුක් කරදර කම්කටොලු කියන්නට ගුරුන්නාන්සේ සොයාගෙන ආහ.

කාලයක් ගුරුන්නාන්සේ යම් යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තකට යැයි කියා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටියේය. ඒ කාලය නිම කර ආපසු එද්දී හෙතෙම පැමිණියේ තවත් අමුත්තකු කැඳවාගෙනය. ඔහු උසින් අඩු කුරු මිනිසෙකි.

‘මට හොඳ ගෝලයෙක් හම්බවුණා…’

ඔහු නිතරම ගමේ මිනිසුන්ට පැවැසුවේ එලෙසිනි. ගමේ අයටද මේ අමුත්තා ගැන සිතුණේ ගුරුන්නාන්සේටම හරියන ගෝලයකු ලැබී ඇතැයි කියාය. ගෝලයා ගුරුන්නාන්සේට එතරම්ම කීකරුව වැඩපළ කළේය. නිතරම කඩිසරව දුවපැන ඇවිදිමින් බොහෙත් කොටන, අඹරන මේ අමුත්තා නිතරම ගුරුන්නාන්සේ යන එන තැන්වලට ගියේය. සෙත් ශාන්ති ආදියටද මේ අමුත්තා අනිවාර්යයෙන්ම සහභාගි වූයේය. ඒ සෑම තැනකම ගුරුන්නාන්සේ අසලින්ම හිඳ කටයුතු කරන අමුත්තා හිටි හැටියේ අතුරුදන් වන බවට කතාවක් පැතිර ගියේ අනුරාධපුර අවටම තැනක ශාන්ති කර්මයකට ගිය අවස්ථාවේය.

එදින ගුරුන්නාන්සේ මතුරමින් සිටියදී වචන පැටලුණු බවත්, එක් වරම අතුරුදන්වූ ගෝලයා විනාඩි කිහිපයකින් නැවත එම ස්ථානයේ සිටි බවත් සිද්ධිය දුටු අය පවසන්නට විය. ඇතැමුන් පැවැසුවේ මේ අමුතු ගෝලයා ගුරුන්නාන්සේ සමග පිටවී යනු දුටුවද ඊට සුළු මොහොකට පසුව වෙද ගෙදර සිටි අයුරු දකින බවකි. තවත් සමහරුන් පැවැසුවේ විටින් විට කොහේ සිටිනවාදැයි කියන්නට බැරි ආකාරයට අමුත්තා අතුරුදන් වන බවකි. තවත් පිරිසක් කියා සිටියේ ගුරුන්නාන්සේ සමග කොළඹ යනවා යැයි කියා පිටව යන ගෝලයා ඊට මොහොතකට පසු වෙද ගෙදරත්, නැවත වන ලැහැබ තුළ බෙහෙත් හොයමිනුත් ආදී ලෙස සිටිනු දකින බවකි. එලෙස නොසිතූ වේගයකින් කටයුතු කිරීමේ හැකියාවක් අමුත්තා සතු වන බවකි.

ගමේ කෙනකු මේ බව ඇසූ දිනෙක ගුරුන්නාන්සේ කියා සිටියේ මිනිහා හපනා යනුවෙනි. මේ අමුතු ගෝලයා ගැන ගම පුරා කටකතා පැතිර යද්දී දිනක් ගමේ පන්සලේ උත්සවයකදී ඇතිවූ ගැටුමකට මැදිහත් වන්නට ගුරුන්නාන්සේට සිදුවූයේ නොසිතූ මොහොතකය. ගමේ කවුරුත් කියන දෙයක් නොඅසන පන්සලේ හාමුදුරුවන්ටත් මෙල්ල නොවූ පුද්ගලයකු එදින ගුරුන්නාන්සේ සමග වෛර බැඳ ගත්තේය. කීප වතාවක් ගුරුන්නාන්සේට පහර දෙන්නටද උත්සාහ කළේය. ගම්වාසීන් මැදිහත්ව එය වැළැක්වුවද එම පුද්ගලයා ගුරුන්නාන්සේට පහර දෙන බවට පාරම්බාමින් සිටියේය. පන්සලේ උත්සවය අවසන් වන තුරුම මේ පුද්ගලයා ගුරුන්නාන්සේට බැල්ම හෙළාගෙන සිටියේ කෙසේ හෝ තම වෛරය පිරිමසා ගන්නට සිතමිනි.

මේ බව ගම්මුන් කිහිප දෙනකුම ගුරුන්නාන්සේට දැනුම් දුන්නද ඒ සෑම මොහොතකම ගුරුන්නාන්සේ කළේ යන්තමින් හඬනගා සිනාසීමය. මේ සෑම තැනකම ගුරුන්නාන්සේගෙ අමුතු ගෝලයා සියල්ල අසාගෙන නිහඬව සිටියේය. අවසානයේ ගුරුන්නාන්සේ නිවෙසට යන්නට පිටව ගියේ පාන්දර යාමයේය. අතරමඟදී ගුරුන්නාන්සේ සමග කේන්තියෙන් සිටි පුද්ගලයා ගුරුන්නාන්සේට පහර දීමට පිටුපසින් පැමිණියේ කාටත් රහසිනි. එහෙත් ඔහු ගුරුන්නාන්සේට ළංවත්ම හිටි හැටියේ පිටුපසින් වැදුණු පහරකින් බිම ඇදගෙන වැටුණේය. මේ ආරංචිය පන්සලේ සිටි පිරිසද දැන එම ස්ථානයට දුව ආවෝය. ගම්වැසියාව වෙද ගෙදරට ගෙන ගියේත් ගම්වැසියන්මය. ඔහුගේ සිරුර පරීක්ෂා කළ ගුරුන්නාන්සේ ඇප නූලක් දමා තෙල් සාත්තුවක් කර යළි සිහිය ගත්තේ එම පුද්ගලයාගේ පිට මැද තිබූ තද නිල් පැහැ ඇඟිලි පහරවල් පහක් අන් අයට පෙන්මිනි. ‘පේනවනේ යකා ගහලා තියෙන්නේ’. ගුරුන්නාන්සේ පැවැසුවේ ඔහුටත් ඇසෙන පරිද්දෙනි.

‘මොකද වුණේ?’ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගෙන් ඇසුවේය.

‘මං ගුරුන්නාන්සෙට ගහන්න මාර පොල්ල උස්සගෙන ඉස්සරහට යද්දී හඳ එළියට මගේ ඉස්සරට හෙවණැල්ලක් වැටුණා. එකසැරේම ලොකු වුණා. ඊට පස්සේ මගෙ පිටට ගිනි සැරට පාරක් වැදුණා. එතකොටම මං දැක්කා… නෑ නෑ මං ඊට පස්සේ මොකුත් දැක්කෙ නෑ…’

ඔහු කතාව නවතා ගත්තද, පසු කලෙක ඔහු කියා සිටියේ ගුරුන්නාන්සේගෙ ගෙදර සිටින කුරු මිනිසා එදින තමන්ට පිටුපසින් සිට ඉදිරියට ආ බවත්, තමන් ගුරුන්නාන්සේට පහර දෙන්නට යද්දී ඔහු සිටියේ ගුරුන්නාන්සේ අසල බවත්ය. තමන් සිහිමඳ ගතියෙන් වැටෙද්දී කුරු මිනිසා විශාල වී පෙනුණ බවත් ඔහු පැවැසුවේය.

‘ගුරුන්නාන්සේගෙ ගෙදර ඉන්නෙ යක්ෂයෙක්. ගුරුන්නාන්සෙ ඌව මන්තර බලෙන් බැඳගෙන වැඩ ගන්නේ…’

මේ කතාව ගම පුරාත් අහල පහළ ගම්වලත් පැතිර යද්දී කවුරුත් අමුත්තා දෙස අමුතු විදියට බලන්නට ගත්තේය. පසු කලෙක අමුත්තා අතුරුදන්ව තිබූ අතර ගුරුන්නාන්සේ පැවැසුවේ, ‘මං මිනිහව ගමේ යැවුවා ටික දොහකට…’ යනුවෙනි.

එහෙත් ගෝලයා ඉන් පසු නොආවද, ගුරුන්නාන්සේ යකකු බැඳ වැඩගත් කතාව තවමත් එම ගමේ වැසියන් අතර නිතර නිතර කියැවෙන්නේය.

සත්‍ය කතාවකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඒ පාර ලේකම් එක්ක මහින්දානන්ද වළියක් දාගෙනද! ලේකම් රසායනික පොහොර ගේනවලු! මහින්දානන්ද එහෙම තීන්දුවක් අරන් නැතිලු!

Next Post

ඔබේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.