කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම සුදුසු නොවන බවත් පැහැදිලිව ස්ථාවර නියෝගවලට අවධානය යොමු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
එක් අවස්ථාවක මෝඩයකු ලෙසත් තවත් අවස්ථාවක සභානායකවරයා විසින් මානසික රෝගියකු ලෙස අර්චුනා මන්ත්‍රිවරයා හැඳින්වීම සුදුසු නොවන බවත් එසේම පාර්ලිමේන්තුවේ කුමාර් පොන්නම්බරම් ලෙස මන්ත්‍රිවරයකු නොමැති බවත් සිටින්නේ කුමාර් පොන්නම්බරම් මහතාගේ පුත්‍රයා වන ගජන් පොන්නම්බරම් මහතා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










