• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිංහයන්ගේ දේශයේ සිංහ රාජධානිය සොයාගනී

July 24, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිංහයන්ගේ දේශයේ සිංහ රාජධානිය සොයාගනී
Share on WhatsAppShare on Facebook

විටින් විට සතර දෙසින්ම ඇසෙන්නේ සිංහයන්ගේ ගෝරනාඩුවය. ඒ හඬට හුරු වූවන්ට එහි අමුත්තක් නොවූවද ඇතැමකු සිංහයන්ගේ ගර්ජනයන්ට මඳක් සලිතව සැඟවෙන්නේ යම් තිගැස්මකිනි. වන දුර්ග කඳුවැටි ගිරිශිඛර මේ ආදී සෑම ඉසව්වකම ඇස ගැටෙන්නේද සිංහයන්ගේ දසුන්ය. තේජාන්විතව අභිමානයෙන් ඔබමොබ සැරිසරන සිංහයන්ට ඉඩ දී මිනිසා එහා මෙහා වන්නේ උන්ට උන්ගේ නිදහසේ ඉන්නට අවශ්‍ය වටපිටාව සකසා දීම අරමුණු කරගනිමිනි. කිසිවකුගෙන් කිසිදු සිංහයකුට අංශු මාත්‍රයක හෝ වරදක් සිදු නොවන අතර එකදු සිංහයකුගෙන් හෝ කිසිදු මිනිසකුට කරදරයක් හිරිහැරයක් සිදු නොවිණි. සිංහයන් මිනිසුන් අමතු සුහදතාවකින් එකම රටක වාසය කළේ යම් සහයෝගීතාවකිනි. සත්ව ලෝකයේ තේජාන්විත සහ අභිමානයෙන් ජීවත් වූ සතා සිංහයා වෙද්දී සිංහයන් පිරුණු දේශයේ විසූ හෙළයාද සිංහයන් මෙන් අභිමානයෙන් වාසය කළේය.

එහෙත් එතෙක් කිසිවකු දැක නොතිබූ තරමේ මහා දැවැන්ත සිරුරකින් යුත් සිංහ රාජයකු මිනිසුන් සිටි ප්‍රදේශයට පැමිණියේද කඩින් කඩ එම සිංහයා මිනිසාට පහර දෙන්නට පටන්ගන්නේද ඔය කාලයේදීමය. වසර දහස් ගණනකට ඈත ඒ ඉතිහාසයේම මේ කුරිරු සිංහ රාජයාගේ තාඩන පීඩන ඉවසා සිටින්නට අකැමැති අසාමාන්‍ය කාය ශක්තියකින් හෙබි යෝධයකු සිංහයාට ගල් පහරදී සටන් කර සිංහයා පලවා හැරියේය.

වසර දහස් ගණනකට එපිට ඉතිහාසයේ සිංහයන් වාසය කළ දේශය ශ්‍රී ලංකාව බවත් සිංහ රාජයා වාසය කළ සිංහ රාජධානිය සිංහරාජය නම් වනාන්තරය බවත් පසුකාලීනව හඳුනාගත් අතර එම සිංහරාජයා නිතර ගැවසුණු ගල් තලාව සිංහ ගල බවටත් මෙම සිංහ රාජයා පලවාහැරීමට කටයුතු කළ ලංකානාත නම් යෝධයා විසූ ගම ලංකාගම ලෙසත්, සිංහයාට පහරදීමට යොදාගත් ගල් ගොඩගැසී තිබූ ස්ථානය යෝධගල්ගොඩ ලෙසටත් හඳුන්වන්නට හුරුව තිබේ.

එදා සිංහ රාජයාගේ රාජධානිය අද ලෝකයේම අවධානය දිනා සිංහරාජ රක්ෂිතය ලෙසින් ප්‍රකටව ඇති අතර මෙම රක්ෂිතය ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට තෙත් කලාපයේ පිහිටි ලෝකයේ පැවැත්මට වග කිවයුතු කාර්යභාරයක් කරන සුවිශේෂ වටිනාකමක් ඇති නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුනට සම්බන්ධව එම දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇති සිංහරාජය උතුරු දිශාවෙන් නාපොළ දොළට සහ කොස්ගුලන ගඟෙනුත්, බටහිරින් කළුන්දෑව ඇල සහ පිටකැලේ ගඟෙනුත්, දකුණින් මහදොළ සහ ගිංගඟෙනුත්, නැගෙනහිරින් මෝනිං සයිඩ් වතු යායටත් මාඉම්ව රක්ෂිත වනාන්තරයක් ලෙස සිය වටිනා කාර්යභාරය ඉටු කරයි.

ලෝකයටම වටිනා සම්පතක් වූ සිංහරාජයට පිවිසීමට මාර්ග තුනක් භාවිත කළ හැකිය. ඒ, රත්නපුර වැද්දාගල කලවාන මාර්ගයේ තුඩුව දෙසින්ද රක්වාන සූරියකන්ද මාර්ගයෙන් පැමිණෙන්නකුට මෝනිං සයිඩ් වතු යාය හරහාද, දෙණියාය පිටදෙණිය හරහා පැමිණ දකුණු දිශාවෙන්ද සිංහරාජයට පිවිසීමට හැකියාව තිබේ. සිංහරාජය හා සබැඳි කතා පුවත් අතර තවත් විශේෂිත පුවතක්ද වෙයි. ඒ සපුෂ්ප ශාකවල ආරම්භය සිදුවූ ප්‍රාග් ඓතිහාසික යුගයේදී එනම් වසර කෝටි ගණනකට පෙර මෙරට ගෝන්ඩ්වානා බිම් හා එක්ව පැවැති සමයේදී මෙම වටිනා වනාන්තරයේ ආරම්භය සිදුව ඇතැයි යන්න සැලකේ.

එමෙන්ම පරිණාමයේ මුල් අවධියේ සිටම නොඉඳුල් ප්‍රාථමික වනාන්තරයක් ලෙස සිංහරාජය පරිණාමය වී ඇති බවටත් හඳුනාගෙන ඇත.

මීට ශතවර්ෂයකට පමණ පෙර සිංහරාජයේ මුළු බිම් ප්‍රමාණය වූයේ අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රදේශයකි. එය අද වන විට හෙක්ටයාර 11,187කි. අතීතයේ තවත් සුවිශේෂ සංධිස්ථාන රාශියක් සිංහරාජය හා බැඳී පවතින අතර බුවනෙකබාහු රජ සමයේ දන්ත ධාතුන්වහන්සේ සිංහරාජයේ සඟවා තැබූ පුවතක්ද ජනප්‍රවාදය තුළ පැවත එයි. එමෙන්ම අතීතයේ ගාල්ල ප්‍රදේශයේ සිට සිංහරාජය හරහා ශ්‍රීපාදයට මඟක් තිබූ බවටත් ඇතැම් ජනප්‍රවාදයන් අතර ප්‍රචලිත කාරණයකි. මෙරට අත්පත් කරගෙන පාලනය ගෙන ගිය පෘතුගීසින් සහ ඉංග්‍රීසින්ද සිංහරාජය ගැන විශේෂ අවධානයක් යොමුකර තෝම්බු ගත කිරීමට පියවර ගෙන ඇත. 1875දී සිංහරාජ මූකලාන නමින් රක්ෂිත වනාන්තරයක් ලෙසද 1988දී ජාතික උරුම වන භූමියක් ලෙසද 1988දී නැවත යුනෙස්කෝ ලෝක උරුම වන භූමියක් ලෙසද සිංහරාජය නම්කර ඇත. සිංහරාජය මුහුදු මට්ටමේ සිට උස මීටර් 90 සිට 1,170 දක්වා උච්චත්වයකින් පිහිටා ඇත. ස්වභාවික වනාන්තරයක පැවැතිය යුතු කඳුහෙල්, ගල් ශිඛර, බෑවුම්, සානු, ගංගා, ඇළ, දොළ, ගංගා ආදී සියලු අංගයන්ගෙන් පරිපූර්ණ සිංහරාජය අති විශිෂ්ට ස්වභාවික නිර්මාණයකි.

ප්‍රදේශයේ උෂ්ණත්වය අඩු මට්ටමකින් පවත්වා ගැනීම, සුළඟේ වේගය පාලනය කිරීම, සූර්යාලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, පාංශු සංරක්ෂණය, ගංවතුර වැළැක්වීම මෙන්ම තවත් පාරිසරික සංසිද්ධීන් රැසක් සිංහරාජ වනාන්තරය තුළින් සිදුවෙයි. නිරිතදිග මෙන්ම ඊසානදිග මෝසම් සුළඟින්ද ඉතා ඉහළ වර්ෂාපතනයක් සිංහරාජයට ලැබේ. එය වාර්ෂික වර්ෂාපතන අගයක් ලෙස මිලිමීටර් 3,000 සිට 6,000 දක්වා වෙයි. වාර්ෂික මධ්‍යහ්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 සිට 25 අතර පවතින බවටත් හඳුනාගෙන ඇත.

සිංහරාජ වනාන්තරය ඇසුරේ පෝෂණය වන ගංගා කිහිපයකි. ඒ අතරින් දකුණු ප්‍රදේශයෙන් ගිංගඟද, උතුරින් කොස්ගුලන ගඟද, කුඩව ගඟ, පිටකැලේ ගඟ හා කළු ගඟද පෝෂණය කරයි. මේ හේතු නිසාම ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද සිංහරාජයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එමෙන්ම සිංහරාජයේ තවත් සුවිශේෂ පිහිටීම් රාශියක් වෙයි. තුරු වියන් සහ වන ඝනත්වය මූල පද්ධතිය භූ විෂමතාව, පාංශු ව්‍යුහය ආදී කරුණු රාශියක් මෙම ජල පෝෂක කාර්යභාරයට සුවිශේෂ හේතු සාධක සපයයි.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දක්නට ලැබෙන ඒක දේශීය ශාකද විශාල සංඛ්‍යාවකි. ඒ අතර බාඳුරා සහ වේවැල් විශේෂ තැනක් ගන්නා අතර මාංශ භක්ෂක ශාකයන් ලෙස බාඳුරාවලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එමෙන්ම අංලකාරය අතින් ඉහළ අගයක් ගන්නා බෝවිටියා, දුටුසතුටු, නීලබිනර වැනි මල් වර්ගද වනාන්තරය තුළ විසිරී පැතිරී තිබෙනු දැකිය හැකිය.

විවිධ ඖෂධ යොදාගන්නා ශාක වර්ග මෙන්ම හතු වර්ග රාශියක්ද සිංහරාජ වනාන්තරයේ දක්නට ලැබේ. මෙරටට ආවේණික පක්ෂීන් 26න් 25ක්ම වෙසෙන සිංහරාජයේ පක්ෂීන් 147ක් පමණ දැකගන්නට ලැබේ. කළු වඳුරන් සහ ඇලි වඳුරන් බහුලව හමුවන සිංහරාජ වනාන්තරය තුළ අනෙකුත් සත්ව කොට්ඨාසද විශාල වශයෙන් දැකගන්නට ලැබේ. ඒ අතර රංචු වශයෙන් ජීවත්වන අලිද සිංහරාජයේ නැගෙනහිර කොටසේ දී දක්නට අවස්ථාව ඇත. වනාන්තරය මැද කොටස තුළ දිවියන් වැනි සතුන්ද, කටුසු වර්ග, උරග වර්ග, සර්පයන්, සමනලුන්, ගොළුබෙලි විශේෂ, මැඩියන් විශේෂ මෙන්ම තවත් සත්ව කොට්ඨාස රාශියක් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දැකගන්නට හැකියාව ලැබේ.

මේ සියල්ල සමග තවත් බොහොමයක් වූ ස්වභාවික පාරිසරික සංසිද්ධීන් දැකගන්නට හැකි සිංහරාජය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් තුළ ඇතිකරනුයේ සිසිල් සුවදායී හැඟීමකි. විවිධ වර්ගයන්ගේ පරිසර පද්ධති සියැසින් දැක එහි අසිරිය විඳින්නට ආශා කරන්නකුට සිංහරාජය තරම් වටිනා තවත් තැනක් නොමැති බව අවිවාදයෙන් සඳහන් කළ හැකි කරුණකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

2004 කුමාරි! අද කුමාර්! රිෂාඩ්ගෙ කර්මය! (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දෙකක් එකට නොයෙදෙන අමුතු යෝග තුනක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.