• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිතේ බර අඩුකරන්න ලේසිම ක්‍රමය…

November 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
හිතේ බර අඩුකරන්න ලේසිම ක්‍රමය…
Share on WhatsAppShare on Facebook

ඔබ් නිවෙසේ කුණු පිරිලා තියෙනවා නම් මුදල් වියදම් වීම වැඩි බවත්, ලෙඩ රෝග හා කරදරවලට ගෙදර අය වැඩිපුර ගොදුරු වන බවත් ෆෙංෂුඉ ශාස්ත්‍රයේ පැහැදිලිව සඳහන් වේ. එමෙන්ම පරණ බිල්පත්, පරණ කඩදාසි, පරණ බඩු ආදිය දිනපතා එකතුවීමෙන් නිවෙසේ පීඩනය වැඩි වේ. එම නිසා ඔබට අවශ්‍ය නොවන සියලු දේවල් නිවෙසින් ඉවතට දාන්න. අවශ්‍ය ලියකියවිලි පමණක් ෆයිල් කවරවල ගොනුකර තබාගන්න. මසකට වරක්වත් ඔබේ ලාච්චු හා කබඩ් පරීක්ෂා කර බලා අනවශ්‍ය කුණුකන්දල් ඉවත් කරන්න. නගරබද නිවෙස්වල බොහෝ දෙනකු කරන වරදක් වන්නේ කුණු ලොරිය එනතුරු කුණු සියල්ල නිවෙස තුළම තබාගැනීමය. එය ඉතා වැරැදිය. කැළිකසළ නිසා ශක්තිය ගැලීමට බාධා ඇතිවන බවත්, එයින් නිවෙසේ සියලු දෙනාට අහිතකර ප්‍රතිවිපාක ලැබෙන බවත් ෆෙංෂුඉ ශාස්ත්‍රයේ සඳහන් වේ. එම නිසා කුණු බෑග් එක නිවෙස පිටත තබාගන්න.

ඔබටම කියා නිදහසේ ඉන්නට පුළුවන් නිවෙසක් සකසා ගැනීම සෑම කෙනකුටම ප්‍රයෝජනවත් වේ. සිතීමට, ලිවීමට, කියවීමට නැතහොත් තනියෙන් සිටීමට හැකි ස්ථානයක් නිවෙසේ නිර්මාණය කරගන්න. නිවෙසේ වැඩි ඉඩක් නොමැති නම් ඔබේ කාමරයේ එක මුල්ලක් මේ සඳහා වෙන්කර ගන්න. මෙය ඔබේ පෞද්ගලික ස්ථානය බව නිවෙසේ අනෙක් අයට කියන්න. ඔබ එහි නිස්කලංකව කාලය ගතකරන විට හෝ ඔබේ වැඩක් එතැනට වී කරන විට ඔබට බාධා නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

සතියකට වරක්වත් පැත්තකට වී ඔබේ ජීවිතය ගැන කල්පනා කර බලන්න. ඔබට සිතෙන දේවල් අන් අය ඔබට පවසන දේවල් ආදිය ගැන සිතා බැලීම මෙහිදී කළ යුතුය. ඔබේ කාමරයට වී දොර වසාගෙන මෙලෙස කල්පනා ලෝකයේ තනිවීමට ඔබට පුළුවන. ටික වේලාවක් ඔබටම තනියෙන් කාලය ගතකිරීමට අවශ්‍ය යැයි නිවෙසේ අන් අයට අවබෝධ කර දෙන්න. ඇත්තටම මෙය නොවැදගත් දේ ලෙස පෙනුණද මෙලෙස ඔබ ගැනම කල්පනා කරන විට ඔබේ දියුණුවට අලුත් අදහස් ඔබට පහළ වේ.

ඔබේ නිවෙසේ ස්වභාවය ඔබලාට කෙළින්ම බලපායි. නිවෙස ඇතුළට හැකි තරම් හිරු එළිය වැටීමට සලස්වන්න. උදේට ජනෙල් සියල්ලම ඇරදමා හිරු එළියට නිවෙස තුළට පිවිසෙන්න ආරාධනා කරන්න. සුළඟට නාද වෙන සීනු කට්ටල නිවෙසේ තැන් තැන්වල එල්ලන්න. හිරු එළිය නොහොත් ස්වභාවික ආලෝකය කාමරයකට දීප්තිය හා සතුට ගෙනදෙයි. ගෘහ භෘණ්ඩ හා බඩු මුට්ටු එකට ගොඩගසා නොතබන්න. ඒවා නිවෙසේ ඇතුළට ගැළපෙන ආකාරයට ලස්සනට තබාගන්න.

ඇඳ ඇතිරිලි (ඇඳ රෙදි, කොට්ට උර) නිතර සෝදා උර අව්වේ දමා හොඳින් වියළාගන්න. හොඳින් සෝදා වියළාගත් ඇඳ ඇතිරිලිවල නිදාගනිද්දී ඔබට වැඩි සුවපසු ගතියක් දැනේවි. කෘත්‍රිම රෙදි වර්ගවලට වඩා ස්වාභාවික රෙදි වර්ගවලින් සැකසුණු ඇඳුම් ඔබේ ශරීරයට වඩාත් සුවදායකය. ඔබ නහයෙන් හුස්ම ගන්නවා වගේම සමෙනුත් සුළු වශයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරයි. ස්වාභාවික රෙදි වර්ග එනම්, කපු වැනි රෙදි වර්ග ඔබේ සමට හුස්ම ගැනීමටත්, පිටකිරීමටත් ඔබේ ජීවන ශක්තිය නිදහසේ ගැලීමටත් ඉඩ සලස්වා දෙයි. රැකියාවේ වැඩකටයුතුවලින් වෙහෙසට පත්ව සවස නිවෙසට ආ පසු ඔබට සුවපහසු ගතිය දැනීමට සිරුරට බුරුල් ස්වාභාවික රෙදිවලින් පිළියෙළ කළ ඇඳුමක් අඳින්න.

ඔබේ නිවෙස අධික ලෙස උණුසුම්වීමට ඉඩ නොතබන්න. වහලය සම්පූර්ණයෙන්ම ටකරන්වලින් සැකසී ඇත්නම් නිවෙසේ උණුසුම දහවල් කාලයේදී බොහෝ සෙයින් වැඩිවීමට ඉඩ ඇත. එමෙන්ම වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා ජනෙල් කවුළු විවර කර තබන්න. උණුසුම වැඩි නම් නිවෙස තුළට වැඩිපුර වාතාශ්‍රය ඒමට සල්සවන්න. මෙය ඔබේ සෞඛ්‍යයට බලපායි. කාමරවල පුස් ගඳ හා පල් ගඳ ඉවත් කිරීමට ජනෙල් සියල්ලම විවෘත කරන්න.

නිවෙස තුළ ජනෙල් එකක් දෙකක් පමණක් විවෘත කර තබා අනෙක් ඒවා වසා තැබීම බොහෝ දෙනෙක් කරන වැරැද්දකි. ඔබේ නිවෙසට ධනවත්භාවය ලැබීමට නම් නිවෙස ඇතුළේ අහිතකර වායුව නොතිබිය යුතුය.

අඳුරු නිවෙසක ජීවත් වීමෙන් ඔබ දුප්පතකු වේවි. මහ දවල් වුවද සමහර නිවෙස් තුළ අඳුරු ගතියක් පවතින ආකාරය ඔබ දැක තිබෙනවා නේද? මෙවන් අඳුරු නිවෙස්වල ජීවත්වන අයගේ මුදල් වියදම්වීම වැඩිය. මුදල් ලැබීම අඩුය. නිරෝගී බවත් අඩුය. මෙය ෆෙංෂුඉ ශාස්ත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වේ. විශාල ජනෙල් කිහිපයක් මගින් මෙම අඳුරු ගතිය දුරුකර ගැනීමට හැකිය.

දොරවල්, ජනෙල් ඇර නිවෙස තුළට හැකි තරම් ස්වාභාවික ආලෝකය ලබාදීමට උත්සාහ කරන්න. ජනෙල්වල පිහිටීම හෝ ළඟපාත පිහිටි ගොඩනැගිලි ගස් නිසා ආලෝකය අඩුවෙන් ලැබෙනවා නම් ලැබෙන ආලෝකය නිවෙසේ තවත් තැන්වලට පරාවර්තනය කිරීමට කණ්ණාඩි භාවිත කරන්න.

රාත්‍රියේදී නිවෙස තුළ මඳ එළියක් පමණක් ඇතිකර ගැනීමෙන් ඔබට කදිම නිස්කලංක භාවයක් ලබාගත හැකිය. ඉටිපන්දමක් දෙකක් ඔබේ කාමරයේ හෝ සාලයේ දල්වා ඔබට එහි විවේකීව සිටිය හැකිය. නිස්කලංක වාතාවරණයක් ඇතිකිරීමට බටහිර රටවල බොහෝ අය සුවඳකැවූ ඉටිපන්දම් භාවිත කරති. බොහෝ බටහිර අඹුසැමියන් රාත්‍රියට විදුලි පහන් නිවාදමා ඉටිපන්දමක් දෙකක් පමණක් දල්වා වයින් හෝ බියර් වීදුරුවක් තොලගාමින් විවේක සුවයෙන් ඉන්නා අයුරු දකින්නට ලැබේ. නින්දට පෙර ඉටිපන්දම් නිවාදමන්න. එමෙන්ම නිදන කාමරයේ ලයිට් නිවාදමා ඉටිපන්දමක් පමණක් දල්වා එම මඳ ආලෝකය මැද ලිංගික ඇසුරේ යෙදීම බටහිර රටවල අඹුසැමියන් අතර ඉතා ජනප්‍රියය. මෙම තත්ත්වය මත ලිංගික ආශාව හා උනන්දුව වැඩිවේ.

ඔබට නිදිමත ගතිය ගෙනදීමට නම් නිදන කාමරය තුළ තිබිය යුත්තේ අඩු ආලෝකයක් ලබාදෙන බල්බයන්ය. නිදන කාමරය තුළ රාත්‍රියට අඩු ආලෝකයක් තබන්න. එය ඔබට විවේකී සුවපහසු ගතියත්, නිදිමතත් ගෙනදේවි.

මාසෙකට එක දවසක් නිවෙසේ වැඩ සම්පූර්ණයෙන්ම නවතා (විනාඩි 30ක් පමණ) රේඩියෝව, රූපවාහිනිය නිවාදමා දුරකතනයේ ප්ලග් එක ගලවාදමා නිශ්චලත්වය හා නිශ්ශබ්දතාව ඔබේ පරිසරය මත පතිත වන්නට ඉඩහරින්න. ඔබ කිසිවක් නොකර සන්සුන්ව වාඩිවී සිටිය යුතුයි. දෙනෙත් පියාගන්න. හුස්ම හෙළීම හා නිශ්ශබ්දතාව ගැන පමණක් සිතන්න. මසකට වරක් විනාඩි 30ක් පමණ මෙම භාවනාව කරන්න. මෙය ඔබේ සිරුරට ප්‍රබල සන්සුන් බවක් ගෙනදේවි.

නිවෙස තුළ වවන පැළෑටි (මල් පෝච්චි) ඔබේ නිවහනේ කාන්තියත් නිශ්චලත්වයත් ඇතිකරයි. ඒවා ඔබේ නිවෙස තුළට ස්වභාවධර්මයේ ප්‍රාණය ගෙන දෙයි. ඔබට ගෙවත්තක් නැතිනම් පැළෑටි කිහිපයක් පෝච්චිවල දමා නිවෙස තුළ තබාගත හැකියි. නිවෙස තුළ සරුසාර ලෙස වැවෙන පැළෑටි තෝරාගන්න. කටු සහිත හෝ උල් සහිත පත්‍ර ඇති පැළෑටි නිවෙස තුළට සුදුසු නැත. බටහිර රටවල නම් පෝච්චිවල වැවූ විවිධ බෙහෙත් පැළෑටි නිවෙස් තුළ තැබීම දැන් ජනප්‍රිය වෙමින් පවතී.

SendShareShare
Previous Post

මැති ඇමැතිලාට මින්පසු ඉස්කෝලවල උත්සවවලට යන්න බෑ! ගුරුවරු එන්නෙත් නෑලු! ළමයි එවන්නෙත් නෑලු! (VIDEO)

Next Post

අලි දඩයමේ ගිය සුද්දා මවිත කළ අමුතු පැත්ත…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.