• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි දඩයමේ ගිය සුද්දා මවිත කළ අමුතු පැත්ත…

November 17, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
අලි දඩයමේ ගිය සුද්දා මවිත කළ අමුතු පැත්ත…
Share on WhatsAppShare on Facebook

පෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද මෙරට අත්පත් කරගනිමින් සිය පාලනයට යටත් කරගත්තේ තම රටට තවත් මහ පොළොවක අයිතිය හෝ පාලනය අවැසි නිසාම නොවේ. ඔවුන්ට අත්‍යාවශ්‍ය වූයේ එවැනි කුඩා රටවල් සිය බලතල හමුවේ යටත් කරගනිමින් ඒවායේ තිබූ වස්තුව තමන් සතුකර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගන්නටය. එවැනි රටවල සම්පත් සූරාකන්නටය. සශ්‍රීක මහ පොළොවෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගනිමින් සිය රාජ්‍යයේ ධනය ගොඩගසා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වන්නට ඇත. මේ බව පසක් කරන බොහෝ සාක්ෂි සාධක වර්තමානයේද දක්නට ලැබේ.

ඔවුහු රට පුරා සැරිසැරූහ. වටිනා කියන සියලු දේ එක්රැස් කරමින් කොළඹට එකතු කර එතැනින් නැව්ගත කොට තම මවු රටට ගෙන යන්නට පිඹුරුපත් සැකසුවේය.
වැවිය හැකි මොනවාද, ඒ සියල්ල වවා පොළොවේ සාරය මුදල් බවට පත්කරන්නට කටයුතු කරන අතරම කෞතුක වටිනාකමක් ඇති දේද දේශීය ශිල්ප ශාස්ත්‍රද තමන් සතු කරගන්නට කටයුතු කළේය. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙරටින් ගෙන ගිය බොහෝ වටිනා පොත්පත් රාශියක්ද අදද ඇත්තේ සුද්දාගේ රටේය.

සියල්ල කෙරෙහි දැඩි ලෝභකමකින් ක්‍රියා කළ මේ ජාතීන් සියල්ලන්ම විවිධ අයුරින් තම තමන්ගේ ගොඩ වැඩිකරගනිමින් මෙරට සාරය උරාගත්තේය.

මේ යුගයන්හි විවිධ යුගයන් පසුකරමින් ඉංග්‍රීසි ජාතීන් මෙරට පාලන බලය අල්ලාගත් යුගය මෙරට සියල්ල වෙනස් කළ යුගයක් සේ හැඳින්විය හැකිය. මේ කාලයේ රට පුරා මහ පොළොවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අරමුණ ඇතිව වගා දියුණු කෙරුණේය. මං මාවත් රට පුරාම විහිදී පැතිරී ගියේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

වැඩි කල් නොගොස් පේරාදෙණිය ගම්පොළ යන නගර සමීපයෙහි කෝපි වතු ඇතිවන්නට පටන් ගත්තේය. එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ එඩ්වඩ් බාන්ස් කෝපි වගාව විවිධාකාරයෙන් දියුණු කිරීම උදෙසා කටයුතු කළ අතර, 1827 වන විට ලංකාවෙන් කෝපි ටොන් 800ක් පිටරට යැවූ බව සඳහන් වේ. මේ ආකාරයට කෝපි වගාවෙන් උපරිම පල ලබන කාලයේ ඉංග්‍රීසීන් ඉතා උද්දාමයෙන් කටුයුතු කළේය.

වැවිල්ලෙන් ලාභ ගන්නා අතරේ විනෝදාංශවලින්ද මුදල් උපයන්නට කටයුතු කළ ඉංග්‍රීසීන්ගේ ප්‍රධානතම විනෝදාංශයක් මෙන්ම අමතර ආදායම් මාර්ගයක් වූයේ අලි ඇතුන් දඩයම් කරමින් විදෙස් රටවලට විකිණීමය. මේ සත්ව වෙළෙඳාම කොතරම් ජනප්‍රිය සහ ලාභදායක වූයේද යන්න බාන්ස් ආණ්ඩුකාරවරයා ඊට උදව් උපකාර කිරීමෙන්ම පෙනී යන්නේය.

එවකට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර තැනගේ අවසර අනුදැනුම මත ඉංග්‍රීසි ජාතිකයන් අලි ඇතුන් සහ සතුන් දඩයම් කිරීමට උඩරට වනාන්තර ප්‍රදේශ කරා පියවර තැබුවේ ගිරි දුර්ග පසුකරමිනි. මෙලෙස අලි ඇතුන් සොයා පිටත්වූ ඉංග්‍රීසි නිලධාරීන් පිරිසක් පිදුරුතලාගල කඳු පාමුලට සමීප වූයේ මවිත වූ ස්වරූපයෙනි. තම මවු රටේ ඇති දේශගුණයට සමාන දේශගුණයක් සහිත අමුතු ප්‍රදේශයකට තමන් ඇතුළු වී සිටිතියි ඔවුන්ට ගැඟී ගියේය. මෙය නම් අරුම පුදුම ඉසව්වකැයි සිතූ පිරිස වහ වහා ආපසු ආවේ බාන්ස් ආණ්ඩුකාරවරයා හමුවීමේ අදිටන ඇතිවය.

එලෙස පැමිණි පිරිස බාන්ස් ආණ්ඩුකාරයා සමග තමන් සොයාගත් අරුම පුදුම ඉසව්ව ගැන පැවැසූහ. ලිට්ල් ඉංග්ලන්ඩ් ලෙසින් තම සේවක පිරිස වර්ණනා කරන එම අපූරු ප්‍රදේශය දැකගන්නට බාන්ස් ආණ්ඩුකාරයාට ඇතිවූයේ තදබල ආශාවකි.

එහෙයින් ඔහු සිය පිරිස් යොදවා එහි යන්නට මං මාවත් තැනවීය. ඊට සමගාමීව තමාටත් තම පිරිසටත් එහි ගොස් විවේක සුව විඳීමට නිවාසද තැනෙව්වේය.

එදා බාන්ස් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් සංවර්ධනය කෙරුණු විශේෂ ප්‍රදේශය පිදුරුතලාගල කන්ද පාමුල මුහුදු මට්ටමේ සිට අඩි 600ක් පමණ උස්වූ විශේෂ පාරිසරික සාධක සහිතව ඉංග්‍රීසි ජාතිකයන් මවිතයට පත්කළා සේම වර්තමානයේද බොහෝ සංචාරකයන්ගේ සිත් ඇදබැඳ ගන්නා අපූරු සංචාරක කලාපයක්ව පවතින්නේය. එදා ඉංග්‍රීසීන්ගේ ලිට්ල් ඉංග්ලන්ඩ් අද නුවරඑළිය නමින් ප්‍රසිද්ධව මෙරට විස්මිත දේශගුණික කලාපයන්ගේ අසිරිය කියාපාමින් ශ්‍රී ලාංකේය නාමය ලොව පුරා ප්‍රචලිත කරන්නට සමත්ව ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හිතේ බර අඩුකරන්න ලේසිම ක්‍රමය…

Next Post

අපනයන අවස්ථාවන් දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුවෙන් webinar වැඩසටහනක්…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.