• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිත ගැන තිතට හිතන බුධ…

October 24, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
හිත ගැන තිතට හිතන බුධ…
Share on WhatsAppShare on Facebook

ජන්මියකුට විවිධ ග්‍රහයන්ගෙන් ලැබෙන්නේ විවිධ පලයන්ය. ඒ අනුව බුධගෙන් ලැබෙන්නේ කිනම් ආකාරයක පල ප්‍රයෝජනද යන්න විමසීම වැදගත්ය. බුධ මේෂ රාශියේ නම් කතාවට දක්ෂ ක්‍රියාශීලී අයෙකි. තම නිදහස අගය කොට සලකන අතරම නිදහසේ කරන කියන කටයුතුවලට ප්‍රිය කරයි. කතාබහේදී නිතරම යමක් ඉගෙනීමටත් දාර්ශනිකව අදහස් ප්‍රකාශ කිරීමටත් කැමැත්තක් දක්වයි. නීතියට ගරු කරන අතරම ඊට කැමැත්තක් දක්වයි. තමාගේ ආරක්ෂාවට වඩා අන් අයගේ ආරක්ෂාව ගැන සිතයි. මේ අයගේ විවාහය ඉක්මනින් සිදුවෙයි.

බුධ වෘෂභ රාශියේ නම් මනස පිරිසිදුව සැහැල්ලුවෙන් තබාගනී. කලබලයක් නැත. කිසිවක් ගැන සිතා කනස්සල්ලට පත් නොවන අතර තම තීරණ යළි වෙනස් කරන්නට නොසිතයි. එසේම කිසි විටෙක වැරැදි තීරණ නොගනී. කලාත්මක දේට ආශා කරයි. අන් අයගේ සිත් දිනාගන්නට හැකි අයුරින් කතාබහ කරයි.

බුධ මිථුන රාශියේ නම් නව නිර්මාණ බිහිකිරීමේ විශේෂ හැකියාවක් ඇත. පවතින සම්මතයට පිටින් යමක් කිරීමටත්, ඉදිරිපත් කිරීමටත් නිතර උත්සාහ කරයි. අලුත් දේ ඉගෙනීමට ඉතා කැමැත්තෙන් කටයුතු කරන අතර පොතපතට සාහිත්‍යයට වැඩි ඇල්මක් දක්වයි. ලිවීමට ආශා කරයි. කතාවට දක්ෂ වෙයි. සියල්ල නිසි පරිදි අවසන් කරයි. අන් අයගෙන් කඩාවඩා නොගනී. සියල්ලන්ගේ සිත් දිනාගෙන කටයුතු කරයි.

බුධ කටක රාශියේ නම් කපටිකම උපතින්ම උරුම වේ. උපායසහගතය. තමාට වාසියක් වන දේ හඳුනාගනී. සෑම විටම තමාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සුක වෙයි. බිය සැක විශ්වාස නොකරයි. අන් අයගේ අදහස් තම මතයට හරවාගන්නට සමත් වෙයි. කිසිවකුට නොරැවටෙන අතර අන්‍යයන් රැවටීමට උපායශීලී වෙයි. කෙනකුට විරුද්ධ වෙන්නේද තමාට වාසියක් වේ නම් පමණි.

බුධ සිංහ රාශියේ නම් නිතරම හරි දේ කරන්නට උත්සාහ දරයි. කෙළින් තීරණ ගැනීම නිසා අන් අය අතර ප්‍රසිද්ධියට පත් වෙයි. තවත් කෙනකුට යටත් වීමට කැමැත්තක් නැත. තමාට සමීප, තමා සමග සිටින අයට ආදරය කරයි. අන් අයට උදව් කිරීමට පසුබට නොවෙයි. අන් අය පාවා නොදෙයි. වරදක් දුටු තැන කෝපයට පත්වෙයි. මේ අයගේ අදහස් නිර්මාණාත්මකය. සැලසුම් සැකසීමේ දක්ෂයන්ය.

බුධ කන්‍යා රාශියේ නම් පුහු ආඩම්බරකම් නැත. නිහතමානීය. සත්‍යයට ගරු කරයි. කොතරම් බුද්ධිමත් වුවද තමා නොදන්නා දේ ඇති බව සිතයි. බොරු වැඩ කරන්නට කැමැති නැත. තම වාසිය අවාසිය ගැන නොසිතා ඇත්ත කතා කරයි. මානුෂිකත්වයට තැනක් දෙයි. මුදල් පසුපස නොයන අතර දියුණුව වුවද සිදුවන්නේ සෙමිනි.
බුධ තුලා රාශියේ නම් කලබලයකින් තොරව කටයුතු කරන්නෙකි. සිත පිරිසිදුය. අන් අය සමග සුහදව කටයුතු කිරීමට උත්සාහ ගනියි. නිතරම පරීක්‍ෂාකාරීව තීරණ ගන්නා අතරම කෙනකුට යමක් පැහැදිලි කර දීමට උපන් හපනෙකි. කිසි විටෙක වැරැදි දෙයක් හොඳ යැයි කියන්නට ඉදිරිපත් නොවේ.

බුධ වෘශ්චික රාශියේ නම් ඕනෑම දෙයකට දක්ෂයන්ය. ක්‍රියාශීලී ගතියක් ඇත. නිතරම සියල්ල දේ බලන්නේ සැකයෙනි. තමා ගැන කියන්නට යන්නේ නැත. අන් අය කියන දේවල් එකහෙළා පිළිගන්නේද නැත. මේ අය තේරුම් ගැනීම පහසු නොවේ. බාහිර අලංකාරය ගැන වැඩි ආශාවක් නොදක්වයි.

බුධ ධනු රාශියේ නම් ඕනෑම දෙයක් පිළිබඳ අවබෝධයක් ඇත. තම අදහස් ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ පිළිබඳ තර්ක විතර්ක කර ජයගන්නටද සමත් වෙයි. ගුණයහපත්ය. කරුණාවන්තය. නිදහසට ප්‍රිය කරයි. තමාගෙන් වරදක් සිදුවෙනවාට කැමැති නැත.

බුධ මකර රාශියේ නම් ආර්ථික දියුණුවට ආශා කරයි. අන් අය ගැන විශ්වාස කිරීමට එතරම් කැමැත්තක් නැත. තමාගේ වැරැදි නොදකින අතර අන් අයගේ සුළු වැරැද්දත් දකී. මිල මුදල් පසුපස හඹා යයි. තම ආරක්ෂාව සහ පරිස්සම උපරිමව තබාගන්නට උත්සාහ දරයි. උසස් පහත් භේදය හිස මුදුනින් පිළිගන්නා අයෙකි.

බුධ කුම්භ රාශියේ නම් තැනට සුදුසු නුවණ ඇත. මානුෂිකත්වයට තැන දෙමින් තැනට සුදුසු අයුරින් කටයුතු කරන්නට උත්සාහ දරයි. අන් අයගේ දුකට පිහිට වෙයි. තමාට ඇති එකම දෙය වුණත් අන් අයට දීමට මැළි නොවෙයි. තමාගේ සතුටට වඩා අන් අයගේ සතුට අගය කරයි.

බුධ මීන රාශියේ නම් තැන්පත් පුද්ගලයන්ය. දුරදිග සොයාබැලීමට උනන්දුවක් නැත. ඕනෑම කාර්යයක් එක දිගට වුවද එකම වේගයකින් කරගෙන යයි. එහෙත් ඒ ගැන එතරම් උනන්දුවක් නොදක්වයි. ආධ්‍යාත්මිකව දියුණු වීමට නොහැකි වෙයි. මුල් කාලයේදී විවිධ දුක් කරදරවලට මුහුණ දුන්නද පසුකාලීනව සාර්ථක ජීවිතයක් ගතකර ගෙන යෑමට වාසනාව ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

කන්ද උඩරට දුම්රිය හරස් මාර්ගයක ලන්තෑරුමක් අරගෙන යන අද්භූත අමුත්තා…

Next Post

SLT-MOBITEL වෙතින් දැවැන්ත ඔන්ලයින් ළමා සැණකෙළියක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.