• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ද උඩරට දුම්රිය හරස් මාර්ගයක ලන්තෑරුමක් අරගෙන යන අද්භූත අමුත්තා…

October 24, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
කන්ද උඩරට දුම්රිය හරස් මාර්ගයක ලන්තෑරුමක් අරගෙන යන අද්භූත අමුත්තා…
Share on WhatsAppShare on Facebook

බටහිර අහසින් හිරු එළිය සඟවී ගොස් බොහෝ වේලාවක් ගෙවී ගොසිණි. සීතල සුළං කඳුකරයේ උස් කඳු පන්ති අතර ඔබමොබ පැතිර යමින් තිබුණේය. ගත හීගඩු නංවන එම සීතල කෙතරම් ප්‍රබලදැයි යන්න මංමාවත්හි සැරිසරමින් සිටි ජනයාගේ මුහුණුවලින්ම හඳුනාගන්නට අපහසු නොවීය. ඇතැමකු දෑත් පොරවාගෙන වෙව්ලමින් ඉන්නා අයුරුදු පෙනෙන්නට තිබිණි.

‘බදුල්ල බලා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රිය තවත් ස්වල්ප මොහොතකින් මෙම දුම්රිය ස්ථානයට ළඟාවනු ඇත.’

ප්‍රධාන දුම්රියස්ථානයේ ශබ්ද විකාශනයේ හඬ පරිසරය පුරා පැතිර ගියේ ඒ ඇසිල්ලේය. තත්පර විනාඩි වෙමින් කාලය සෙමින් ගෙවී ගියේය. විනාඩියකට දෙකකට වඩා එසේ ගෙවී යන්නට ඉඩක් නොතබා දුම්රිය ප්‍රධාන වේදිකාවේ නතර කෙරිණි. ඉන් බැසගත් මගීහු කඩිමුඩියේ ඔබමොබ ඇවිද යද්දී වේදිකාවේ සිටි මගීහු දුම්රියට නැඟගත්හ. ඒ ඇසිල්ලේ දුම්රිය යළිත් ගමන් ඇරැඹූ අතර ඊළඟට හමුවන සියලු දුම්රිය ස්ථානයන්හි එය නැවැත්වීමට නියමිත බවද ශබ්ද විකාශනයෙන් නිවේදනය කෙරිණි.

දුම්රියෙහි මැද කොටසේ මැදිරියක අසුන් ගෙන සිටි තරුණියක සිය බෑගය අතට ගෙන දොරටුව වෙත ඇවිද ගියේ අත රැඳි ජංගම දුරකතනයේ සටහන් වූ වේලාව පරීක්ෂා කරමිනි. ‘දහයටත් ළඟයි. ඉස්ටේෂමෙන් බැහැලා ඉතුරු ටික තනියම යන එක තමයි වැඩේ. කලින් අම්මට එන්න කියන්නත් බැහැ, කෝච්චි ෂුවර් නෑනේ. මොනව කරන්නද. ෆෝන් එකේ ටොර්ච් එක තියෙනවනෙ. ඉක්මනට යනවා…’ ඇය තමාටම කියාගත්තේ කවුළුවෙන් පිටත බලමිනි. අහසේ ඈතක මීදුම් වලාවන්ට වැසුණු හඳ යන්තමින් පෙනෙන්නට වූයෙන් පරිසරයේ මඳ ආලෝකයක් පමණක් විසිරී තිබිණි. එයද ඇගේ සිතට යම් අස්වැසිල්ලක් ගෙන දේනනට සමත් විය.

දුම්රිය කුඩා දුම්රිය නැවතුමේ නතර වූයේ හෙමිහිටය. තරුණිය ඉන් බැස වටපිට බැලුවාය. වෙනත් කිසිවකු එම ස්ථානයෙන් බැස්සේද නැත. එනිසාම ඇයට යම් නොසන්සුන් හැඟීමක්ද ඇතිවිය. වේදිකාව මත ඇවිද ගිය ඇය එහි කෙළවරෙන් අතුරු මාවතට බැසගත්තේ කලබලයෙනි. මාවතේ වූයේ හුදකලා අඳුරකි. ඇය දුරකතනයේ ආලෝකය දල්වාගෙන පය ඉක්මන් කළාය. සඳ එළියද යාන්තමින් වැටී තිබිණි. එහෙත් එය අඳුර මුළුමනින්ම මකාදැමීමට තරම් ශක්තිමත් නොවීය. ඇගේ අත රැඳි දුරකතනයේ ආලෝකයද එතරම් ප්‍රබල නොවූ හෙයින් එයින් මාර්ගයේ අඳුර මකාදැමුවා මිස, අවට ආලෝකවත් නොවීය. වටපිට විපරමින් විටින් විට පසුපස බලමින් ඇවිද ගිය ඇයට එක්වරම දකින්නට ලැබුණේ තමා සමීපයේම ලන්තෑරුමක් අතැතිව පැමිණෙන වැඩිහිටියකුගේ රුවකි. ඔහු කොහෙන් ආවාද කියා සිතනවාට වඩා ඒ මොහොතේ සිතේ තිබූ තනිකමට ඉන් ලැබුණු සහනය ගැන සිතා ඇය ගමනේ වේගය අඩු කළාය.

‘මේ දරුවා කන්ද පාමුල ගෙදර නේද? යමු මාත් ඒ කිට්ටුවට යනවා…’

අමුත්තා ඇයට ඉස්සර වූයේ එසේ කියමින් ඇගේ ආරක්ෂාවට මෙනි. තරුණිය පෙරට වඩා ජවයෙන් පියවර එසවූවාය. වයස්ගත වුවද අමුත්තා ඉතා කඩිසරව පියවර තබන අයුරු බලමින් ඇය ඔහු පසුපසින් ගමන් කළාය.

‘මං මෙතනට විතරයි. ඔය දරුවා යන්න…’

ඇගේ නිවෙස පෙනෙන දුරදී ඔහු නතර වූයේ එසේ කියමිනි. අමුත්තාට ස්තුති කළ තරුණිය පය ඉක්මන් කර සිය නිවෙස දෙසට හැරුණේ නැවත ආපසු බලමිනි. එහෙත් අමුත්තා අතුරුදන්ව තිබිණි. එතැනින් වූ අතුරු මාවතේ ඔහු යන්නට ඇතැයි සිතා ඇය නිවෙස වෙත ගියාය.

පෙරදා රාත්‍රියේ තමාව ගෙනැවිත් ඇරලවූ අමුත්තා ගැන ඇය සිය මවට පැවැසුවේ පසු දින උදෑසනය.

‘මොනවා… ඔයිට කලින් ඔය වගේ කෙනෙක් අර උඩහ ගෙදර නිලූකාවත් ගෙනත් ඇරලලා ගිහින් තිබුණා. හැබැයි ආපහු යනවා දැකලා නැහැ. පුතා බයවෙන්න එපා. කට්ටිය කිව්වේ ඉස්සර ඔය රේල් ගේට්ටුවේ වැඩකරපු වයසක කෙනා හදිසියේ කෝච්ටියේ හැපිලා මැරුණලු. ඉතිං ඒ මනුස්සයා ඔහොම ලන්තෑරුමක් අරන්ලු නිතරම ආවෙ ගියේ. ඔය එන්නෙ ඒ මනුස්සයා කියලත් කතාවක් තියෙනවා…’

‘මොනවා මැරුණු මනුස්සයා…’

‘ඔව්. ඕවා ඉතිං කතානෙ පුතේ. සමහර විට ඔය ළඟ ගෙදරක කෙනෙක්ද කවුද දන්නේ…’

තමාගේ සිත හදන්නට මව එසේ පැවැසුවද එම කතාවේ ඇත්තක් ඇතැයි ඇයටද සිතිණි.

මෙම සිදුවීමෙන් පසු තවත් කිහිප දෙනකුටම මෙම අමුත්තා හමුවී ඇතත් ඔහුව හඳුනාගන්නා අටියෙන් කවුරුන් හෝ මඟ රැක සිටියහොත් එදිනට අමුත්තා නොපැමිණෙන බව බොහෝ දෙනෙක් කියති.

බොහෝ විට තනියම මහ මඟ යන තරුණියන් ඉතා ආරක්ෂිතව කැඳවාගෙන ගොස් ඇරලවන මේ අමුත්තා ගැන එම ප්‍රදේශය පුරා ප්‍රචලිතව ඇතත් තවමත් ඒ කවුද යන්න කිසිවකු හරි හැටි නොදන්නේය. එමෙන්ම එවැන්නකු සිටිනවා යැයි එම ප්‍රදේශයේ අය දැන සිටියද ඒ ගැන කිසිදු බියක් සැකක් නොදැක්වීමට තරම් මෙම අමුත්තාගේ සේවය ගැන ප්‍රදේශවාසීන් අතර විශාල විශ්වාසයක් ගොඩනැඟී ඇත්තේය.

සත්‍ය කතාවක් ඇසුරිණි
නම් ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

තවත් අවුලක්! චීනෙට දුන් උතුරේ විදුලි ව්‍යාපෘතිය ගන්න ඉන්දියාව අත දමයි! ‘අදානි’ නියෝජිතයන් මේ සතියේ කොළඹට! අමෙරිකාවත් සටනේ!

Next Post

හිත ගැන තිතට හිතන බුධ…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.