දරුවන් යනු ජවයෙන් සපිරි, නිතර කෙළිදෙළෙන් කාලය ගතකිරීමට කැමැති පිරිසකි. එහෙත් පවතින COVID-19 තත්ත්වය නිසා දරුවන්ට බොහෝ දුරට නිවෙස්වලටම වී කාලය ගතකිරීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන්ගේ සිත්වලට සතුට ගෙනදීමේ අරමුණින් SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සුවිශේෂ ඔන්ලයින් ළමා සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කළේය.
මේ සඳහා සචිනි නිපුන්සලා, ක්ලිෆර්ඩ් රිචර්ඩ් සහ ඩිලාන් සේනානායක ඇතුළු තරු රැසක්ද එක්වූහ.
Zoom, YouTube, සහ Facebook ඔස්සේ දරුදැරියන් 30,000කට අධික පිරිසක් මෙම සැණකෙළියට එක් වූ අතර, ඔවුන්ට එහි විශේෂාංගවලට සජීවී ලෙස දායක වීමටද අවස්ථාව ලැබිණි. ගීත හා නර්තන තරග මෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් යුත් වැඩසටහන්ද මෙම වැඩසටහනට ඇතුළත් විය. මෙම වැඩසටහන්වල ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද SLT-MOBITEL කටයුතු කළේය.