• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත දවන වාස්තු ගින්දර…

January 2, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ජීවිත දවන වාස්තු ගින්දර…
Share on WhatsAppShare on Facebook

මෙම නිවෙසේ වත්මන් ගෘහ මූලිකයා නිවෙස මිලදීගෙන වසර 2ක් පමණ යනතුරු සාර්ථකව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. එහෙත් ක්‍රමයෙන් ව්‍යාපාරය පිරිහීමට ලක්වීමද දැඩි මානසික පීඩා මෙන්ම පවුලේ සමගියට බාධා වන සිදුවීම්ද ඇතිවීම නිසා වාස්තු පරීක්ෂා කිරීමට පෙළඹිණි.

වත්මන් හිමිකරු පැවැසූ පරිදි නිවෙසේ පෙර හිමිකාරිය තම කිසිදු දරුවකුගේ සහාය නොමැතිව ඇගේ ව්‍යාපාරය ඉහළට ගොඩනඟාගෙන තිබිණි. පසුව තම දෙවැනි පුතුත් සමග එක්ව නිවෙස ගොඩනගා ව්‍යාපාරිකවද සාර්ථකව දිවි ගෙවන්නට හැකි වූයේ වසර 5ක් පමණි.

පසුව නොසිතූ පරිදි පුත්‍රයා මව සමග අමනාප වීමක් හේතුවෙන් ව්‍යාපාර බිඳවැටීම ආරම්භ විය. අනතුරුව ව්‍යාපාර බිඳවැටීම නිසා මෙම නිවෙසෙ විකුණා දමා තිබිණි.

නිවෙසේ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතු වූ වාස්තු දෝෂ සොයාගත හැකි වූ අතර ඒවාට යෙදූ පිළියම් මෙසේය.

ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ පිහිටා තිබීම
වාස්තු පුරුෂයාගේ හිස නියෝජනය කරන්නා වූ ප්‍රධාන දොර මූලික වශයෙන් ගෘහ මූලිකයාගේ ධන වාසනාව මෙන්ම ඔහුගේ ඉදිරි ගමනද තීරණය කරයි. නිවෙසක බ්‍රහ්ම පාදය මෙන්ම ප්‍රධාන දොරද පීඩා නොවන පරිදි නිදහස්ව හා නිරවුල්ව පැවැතිය යුතුය. ප්‍රධාන ද්වාරය හරි කෙළින් දෙදෙනකු මුහුණට මුහුණ බලා සිටින්නා සේ පියගැට පෙළ ආරම්භ වන ස්ථානය නොතිබිය යුතුය. එනම් යම්කිසි පුද්ගලයකු පඩිපෙළ බැස පැමිණෙන්නේ කෙළින්ම ප්‍රධාන දොර ඉදිරිපිටටයි. ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ පිහිටා තිබීම දැඩි මානසික පීඩා මෙන්ම ගෘහ මූලිකයාගේ ඉදිරි ගමන ඇනහිටීම, ආර්ථික ස්ථාවරත්වය බිඳවැටීම මොනයම් දෙයක් කරන්න උත්සාහ කළද ඒවාට දැඩි සේ බාධා එල්ලවීම සිදුවෙයි. පඩිපෙළ වෙනස් කළ නොහැකි බැවින් ප්‍රධාන දොර ධන පාදයකට වෙනස් කර එම දෝෂය ඉවත් කළේය.

නිවෙස තුළ වූ වැසිකිළි වළ
මෙම නිවෙසේ මුල් කාලීනව වැසිකිළි වළ පිහිටා තිබුණේ ගරාජය තුළය. පසුකාලීනව නිවෙසට තව කොටස් එක් කිරීමෙන් මෙම වැසිකිළි වළ නිවෙස තුළට එක්විය. එම හේතුව නිසා නිවැසියන්ට කායික හා මානසික පිරිහීම් හටගැනිණි. ශරීරයේ අප්‍රාණික ස්වභාවය නිතර පැවැතිණි. උදරය ආශ්‍රිත රෝගාබාධ නිතර නිතර ඇතිවිය. මානසික පීඩාවලින් මිදීමට කිසිම විටෙක හැකි නොවීය. මේ හේතුවල ප්‍රතිඵලය වශයෙන් අවසානයේ පවුලේ පිරිහීම ඇතිවිය. පිළියම් ලෙස වැසිකිළි වළ සම්පූර්ණයෙන්ම ඉවත් කර නිවෙසේ පිටත මිදුලේ සකස් කළේය.

තනි පල වහලය
වහලයේ තනි පලය ඉතා දෝෂ සහිත වෙයි. මානසික අවපීඩනයට රුකුල් දෙන ප්‍රබල හේතුවකි. වහලයේ පල ඉරට්ටේ විය යුතුය. එය වාස්තු සිද්ධාන්තයකි. මෙම නිවෙසේ තනි පල වහලයකින් හා ඉතිරි කොටස් ස්ලැබ්වලින් ආවරණය විය. තනි පලය ඉවත් කර ඉතිරි කොටසට ස්ලැබ් දමා එම දෝෂය භංග කළේය.
මෙම සියලු වෙනස්කම්වලින් පසුව දැනට වත්මන් හිමිකරු ව්‍යාපාර දියුණු කරගෙන දරුවන් සමග සන්තෝෂයෙන් කටයුතු කරමින් දිවි ගෙවන්නේය.

වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයො ගෑස්-කිරිපිටි පෝලිමට යන්නත් නිවාඩු දාලා!

Next Post

මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.