• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ…

January 2, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ…
Share on WhatsAppShare on Facebook

සමන්තගේ දුරකතනය කිහිප වතාවක්ම නාද වුවද දිගු කල්පනාවක සිටි ඔහු එය ගනන් ගත්තේ නැත. එහෙත් නොනවත්වා දුරකතනය නාද වූයෙන් තරමක් කේන්තියෙන් මෙන් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ මුහුණේ ස්වරූපය වෙනස් කරගනිමිනි.

‘හෙලෝ…’

සමන්ත කතා කළේ නොසන්සුන් ආකාරයටය. එහා පැත්තෙන් ලැබෙන පණිවුඩය ගැන ඔහු යම් දෙයක් දැන සිටියා වැනි හැඟීමක් ඒ මුහුණේ විය.

‘සමන්ත මං නිමල්…’

‘ඔව් නිමල්…’

‘අන්න අරයා මැරිල…’

‘අරයා කවුද…?’

‘ජීවනී…’

‘නැහ්…?’

දෙදෙනා තවත් බොහෝ තොරතුරු කතා කළද සමන්ත සිටියේ දෙගිඩියාවෙනි. සමන්තගේත්, ජීවනීගේත් අනියම් සබඳතාව දැන සිටියේ නිමල් පමණකි. එනිසා නිමල්ගේ ඇමතුම ගැන සමන්ත එතරම් කලබල නොවුණද ඔහු යම් නොසන්සුන් ස්වභාවයකින් පසුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ජීවනී හදිසියේම සිදුවූ අධිරුධිර පීඩන තත්ත්වයකින් මියගිය බව හදිසි මරණ පරීක්ෂණයෙන් පැවැසුණු අතර ඇගේ මරණයෙන් දින කිහිපයක් ගතවෙද්දී සියල්ල යළිත් අමතකව ගියේය. ජීවනීගේ පවුලේ ඇයත්, වැඩිමහල් සහෝදරියත් පමණක් සිටි හෙයින් ඇගේ මරණය පිළිබඳ කිසිදු කලබලයක් හෝ කතිකාවක් ඇති නොවීය. එහෙත් ඇගේ මරණය ගැන අවට ජනතාව විවිධ කතා පැවැසූහ. ඔවුන්ගේ මතයට අනුව ඇගේ මරණය මිනීමැරුමකි.

‘එයා එදා කොහෙද ගිහින්, වැනි වැනී වගේ ගෙදර ආවෙ. ඒ එනකොටම මට නම් සැක හිතුණා. කවුරු හරි මොනව හරි දීලා ඔය කෙල්ලව මැරුවා…’

ප්‍රදේශවාසීන් අතර එවැනි කතා නිතර නිතර කියැවිණි. ඔය අතරේ සමන්තගේ මිතුරන්ද දැන හෝ නොදැන ඔහුට අමුතු විහිළු කළේ ජීවනීගෙන් ගැළවෙන්නට ඔහු ඇයට මොනවා හෝ කළා යැයි කියමිනි.

මේ සියල්ල අතර කාලය සුපුරුදු ලෙස ගෙවී ගියේය. ඒ කාලය සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් සිටින බව පෙන්වුවද සමන්ත බිරියට රහසේ තවත් කෙනකුට සමීපව සිටියේය. ඇය නමින් රන්දිකාය. වරක් ජීවනී හා රන්දිකා සමන්ත ගැන කතාවකට ගොස් ගැටුමක්ද ඇති කරගත් අතර එය නිරාකරණය වූයේ රන්දිකා ජීවනීට මරණ තර්ජනද කරමිනි.

කෙසේ නමුත් ජීවනීගේ මරණයෙන් පසු සමන්ත රන්දිකාට ළං වූයේ බාධා සියල්ල මඟහැරුණු බව සිතමිනි. එහෙත් දිනක් සමන්ත රන්දිකා හමුවීමට සිතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හදිසියේම රූමත් තරුණියක වාහනයේ ගැටෙනවා සේ දුටුවේය. මෝටර් රථය නවතා අවට පරීක්ෂා කළද ඔහුට එවැනි කෙනකු දක්නට නොලැබිණි. තමා දුටු රුව ජීවනීගේ රුවට සමාන බව සමන්තට සිතුණේ යළි රථයට ගොඩවෙද්දීය. රථය පණගන්වාගෙන ඉදිරියට යද්දී පිටුපස පෙනෙන කණ්ණාඩියෙන් ඔහු දුටුවේ පිටුපස අසුනේ සිටින ජීවනීය. ඇය අමුතු ආකාරයට මහ හයියෙන් සිනාසෙනවා සේ ඔහු දුටුවේය. ඔහු හැකි උපරිම වේගයෙන් රන්දිකාගේ නිවෙස වෙත රථය ධාවනය කළේ තිගැස්මෙනි.

‘මං ඔයාට එන්න කිව්වේ අද අපේ ඔෆිස් පාටියක් තියෙනවා යන්න…’

රන්දිකාගේ යෝජනාව කිසිදු ආකාරයකින් ප්‍රතික්ෂේප නොකළ ඔහු, ගමනට එක්වූයේ කතාබහකින් තොරවමය. එහෙත් ඔහු සිටියේ අමුතු හැසිරීමකිනි. සාදයේදී ඔහු මත්පැන් බෝතලයක් කට තබාගෙන එක හුස්මට බීවේය. රන්දිකාගේ හිතවතුන් විමතියෙන් සහ සමච්චලයෙන් බලාගෙන සිටියේය. වෙරිවූ සමන්ත තමාගේත්, රන්දිකාගේත් අතිශය පෞද්ගලික දේ ප්‍රසිද්ධියේ කීවේය. තමා ජීවනීට යමක් බොන්නටදී රුධිර පීඩනය වැඩිකර ඝාතනය කළ බවද කීවේය.

මේ කතාබහ සමගම රන්දිකා සිය කාර්යාල මිතුරු මිතුරියන් ගැන කියූ රහස්ද ආයතන ප්‍රධානියා ගැන කියූ රහස්ද සමන්තගේ මුවින් කියැවුණේය.

තව ටික දවසකින් රන්දිකාගේ රුධිර පීඩනය වැඩිකර ඇයවද ඝාතනය කරන බව ඔහු අවසානයට කීවේ කාගේත් දෑස් මවිත කරමිනි.

සියල්ල එසේ සිදුවෙද්දී එතැන සිටි අයකුගේ ඔත්තුවකට පොලිසිය පැමිණ සමන්තව සැක පිට අත්අඩංගුවට ගත්තේය. එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශනවල ඔහුගේ පාපොච්චාරණ සියල්ල පටිගතව තිබුණු අතර ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන්නේද යන්න පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කළේය. එහෙත් එම වාර්තාවට අනුව ඔහුට එවැන්නක් නැති බව හෙළිවීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු පැවරිණි.

මේ සිද්ධිය දන්නා බොහෝ දෙනකු පැවැසුවේ සමන්තට මේ සියල්ල සිදුවූයේ ජීවනීගේ ආත්මය ඔහු පසුපස පැමිණ ඔහුගේ සිරුරට ඇතුළු වීමෙන් බවය. කෙසේ නමුත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදීද තමා කළ අපරාධය පිළිගෙන තිබිණි.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජීවිත දවන වාස්තු ගින්දර…

Next Post

නවලෝක රෝහල් සමූහය 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනයි…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.