• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ ලග්නාධිපති හොඳ තැනකද ඉන්නෙ…

January 1, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ඔබේ ලග්නාධිපති හොඳ තැනකද ඉන්නෙ…
Share on WhatsAppShare on Facebook

ඔබේ කේන්දරයේ මැද කොටුව අයත් වන ලග්නයට හිමි ග්‍රහයා ලග්නාධිපති නම් වේ. ඒ අනුව මේෂ, වෘශ්චික ලග්න දෙක කුජ ග්‍රහයාටද, වෘෂභ සහ තුලා ලග්න දෙක සිකුරුටද, මිථුන සහ කන්‍යා ලග්න දෙක බුධටද, කටක ලග්නය චන්ද්‍රයාටද, සිංහ ලග්නය රවිටද, ධනු සහ මීන ලග්න දෙක ගුරුටද, මකර සහ කුම්භ ලග්න දෙක ශනිටද අයත් වේ. ලග්න භාවයෙන් ශාරීරික පෙනුම, දේහ විලාසය, නිරෝගිකම, චරිත ලක්ෂණ, ශරීර ශක්තිය, නුවණ, ආයුෂ, රැකියාව, අභිමානය, ශරීරයේ උඩ කොටස, හිස හා මුහුණ ලග්නයට අයත් වේ.

ලග්නාධිපති ලග්නයේම තැන්පත් වූ විට අනුන්ගෙන් ලැබෙන උදව් උපකාර ගැන නොසිතා ස්වකීය කටයුතු උසස් අන්දමින් කිරීමේ හැකියාවක් ලබයි. උත්සාහවන්තයි. උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් ඇතිකර ගනී. ආත්ම ගෞරවය ආරක්ෂා වන අන්දමට කටයුතු කරයි. ජය පරාජය දෙකටම ඔරොත්තු දෙයි. ලග්නාධිපතියා සුබ සෞම්‍ය ග්‍රහයකු නම් ඉතා හොඳ ගුණයෙන් යුත් තැන්පත් ගති පැවැතුම්ද, කෲර ග්‍රහයකු නම් සැඩපරුෂ තද ගති ලක්ෂණද ඇති දරුණු දේට පෙළඹෙන ජන්මියකු වීමට ඉඩ තිබේ. ලග්නාධිපති පාප ග්‍රහ දෘෂ්ටිවලට හසුවුවහොත් සුබ ගති වෙනස් වනු ඇත.

ලග්නාධිපති දෙවැන්නේ නම් බොහෝ සිල්වත් ධාර්මික ගති ඇතිවෙයි. ඉපැයීම් ගැන නිතරම සිතයි. නමුත් අධාර්මික නොවේ. තමන්ගේ හා තම නිවෙසේ වැඩකටයුතුවලට මුල් තැන දෙයි. කතාවට දක්ෂ වෙයි. එක දෙයකින් වැරැදුණහොත් තවත් දෙයක් ආරම්භ කරයි.

ලග්නාධිපති තුන්වැන්නේ නම් තමන්ගේ තීරණවලට අනුව කටයුතු කිරීමට පෙළඹෙන අතර තීරණ ගැනීමට බොහෝ කල්ගත වේ. සතුරන් මැඬපැවැත්වීමට හැකි වේ. ආරම්භ කළ වැඩක් අසාර්ථක වුවහොත් අධෛර්යවත් නොවී වෙනස් දෙයක් කරන්නට යොමුවන්නෙකි. බාල අවධියේ පටන්ම ඉපැයීමට උනන්දු වන්නෙකි. ඉගෙනීමට කැමැති වෙයි. සඳු, බුධ, ගුරු, ශුක්‍ර වැනි සුබ ග්‍රහයකු තුන්වැන්නේ වී නම් බාහිර අලංකාරයට පිරිසිදුකමට ප්‍රිය වෙයි.

ලග්නාධිපති සිවුවැන්නේ නම් මවුපියන්ට සලකන අතර මවට විශේෂ ළැදියාවක් දක්වයි. ගේදොර ඉඩකඩම් යාන වාහන පවා හිමිවීමට ඉඩ තිබේ. අනුන්ගේ සිත් නොරිදවයි. සාමයෙන් සමගියෙන් වැඩ කිරීමට වැඩි කැමැත්තක් ඇතිවෙයි. කලබල වැඩවලට අකැමැති වේ.

ලග්නාධිපති පස්වැන්නේ නම් අධ්‍යාපන කටයුතුවලට දක්ෂකම ඇතිවිය හැකිය. දමනය වූ සිතක් ඇතිවේ. හික්මීමෙන් කටයුතු කරයි. අනුන්ට කරදරයක් ඇති නොවන සේ කටයුතු කිරීමට වගබලා ගනී. තමන්ගේම අත්දැකීම් තුළින් අනාගතය ගැන තීරණයකට එළැඹිය හැකි ජන්මියෙකි. පස්වැන්නේ කුජ නම් දරුවන්ට අපල යෙදීමට ඉඩ තිබේ. විශේෂයෙන් පළමු පිරිමි දරුවාට මාරක අපල යෙදීමට ඉඩ තිබේ. බොහෝ විට සූදු ක්‍රියාවලින් දිනුම් ලැබීමට ඉඩ යෙදිය හැකිය.

ලග්නාධිපති හත්වැන්නේ නම් උපායශීලීව සතුරන් මැඬලීමට හැකි වෙයි. නිරෝගී වේ. සුරතල් සතුන්ට කැමැති වේ. පවුලේ අනෙක් අයට වඩා තත්ත්වයක් ඇතිව ජීවත් වීමට උත්සාහ ගනී.
ලග්නාධිපති හත්වැන්නේ නම් තමාගේ භාර්යාවට අගුණ යෙදීමට ඉඩ තිබේ. විවාහ ජීවිතය කරදර සහිතව ගතවීමට ඉඩ වැඩිය. කුජ හෝ ශනි හත්වැන්නේ තැන්පත් නම් අපල යෙදීමට බල වැඩිය. සමහර විට පුරුෂ වීර්යය හීනවිය හැකිය. බොහෝ විට සහකරුගේ හෝ සහකාරියගේ බස්වලට අනුව කටයුතු කිරීමට පෙළඹිය හැකිය.

ලග්නාධිපති අටවැන්නේ නම් ශරීරය ලෙඩ සහිත විය හැකිය. තිබෙන තත්ත්වය සඟවා කතාකරන අයෙකි. කපටි නුවණක් සහිත වේ. සූදුවට ප්‍රිය කරයි. පවට බිය නැතිවේ. නඩුහබවලට පැටලීමට ඉඩ තිබේ.තමන්ගේ බිරියට විරුද්ධකම් කරන්නකු විය හැකිය. ගෙදර සාමය අඩුවිය හැකි. සමහර විට ආයුෂ හීන විමට ඉඩ තිබේ. ගුණවත් අය සමග අමනාපකම් ඇතිකර ගනී.

ලග්නාධිපති නවවැන්නේ නම් ඉගෙනීමට කැමැතිය. භාර්යාවට දරුවන්ට හිතවත් වේ. මවුපිය ගුරුවරාදීන්ට, පූජ්‍ය පක්ෂයට වැඩිහිටියන්ට ගෞරවයෙන් යුක්ත වේ. දුරදක්නා නුවණක් ඇති කලබල නැති නිහතමානී, කාගේත් ගරු සරුවට ලක්වන සිලවත් කෙනෙකු වෙයි. රටේ පිළිගත් කෙනකු මෙන්ම සමහර විට ජනනායකයකු වීමට හේතු වාසනා ලබයි. ලග්නාධිපති නවවැන්නේ සිටින විට ලග්නයට යෝගකාරක ග්‍රහයා කේන්දර ත්‍රිකෝණයක සිටී නම් රටෙන්ම බුහුමන් ලබන පඬිරුවනක් විය හැකිය. යහපත් ඇවතුම් පැවතුම් නිසා කාගේත් සිත් දිනාගනී.

ලග්නාධිපති දහවැන්නේ නම් සමාජයෙන් ගුරු නම්බු ලැබිය හැකිය. මවුපියන්ටද ඥාතීන්ටද සලකන ගුණවතෙකි. වැදගත් ස්ථිර රැකියාවක් ලබයි. වීර්යවන්ත හා කාර්යක්ෂම වේ. ගේදොර ඉඩකඩම් ඇති අයකු වේ. කාලය අපතේ නොහැර කාලයෙන් උපරිම වැඩ ගන්නා කෙනෙකි. දහවැන්න කුජට උච්ච හෝ ස්වක්ෂේත්‍ර රාශියක් නම් යුදමය කටයුතුවලට දක්ෂකම් ඇති වේ. සිකුරු නම් කලා අංශයට සංගීතයට ප්‍රිය වේ. බොහෝ විට එවැනි දෙයක් රැකියාව විය හැකිය. සඳු නම් ව්‍යාපාරවලට සුබ වේ. ශනි නම් අව්වැසි දේශගුණික තත්ත්වය හෝ කෑම බීම ගැන හෝ නොබලා වැඩකරයි. ගුරු හෝ බුධ නම් උගත්කමින් නුවණ මෙහෙයවා කරන දෙයක් රැකියාව වෙයි.

ලග්නාධිපති එකොළෙස්වැන්නේ නම් ස්වකීය පවුලට ගෙදරට හිතවත් වේ. ධනවතකු වේ. යහපත් උසස් විවාහයක් සිදුවේ. ඇසුරු කරන කාගේත් හොඳ පැත්ත දකින නරක පැත්ත අතහැර දමන කෙනෙකි. හොඳ පිළිගැනීමක් ඇති ජීවිතයකි.

ලග්නාධිපති දොළොස්වැන්නේ නම් සූදුවට හා මත්වතුරට පෙළඹීමට ඉඩ තිබේ. නඩුහබවලට පැටලීමට ඉඩ තිබේ. චරිතයද හොඳ නැත. හොර හිත ඇත්තෙකි. නාස්තියට නැඹුරු වීම වැඩිය. සමහර විට බාල වයසේදීම උපන් ගමෙන් පිට වීමට ඉඩ තිබේ. කෙසේ වුවද අවුරුදු විස්සට පෙර කාලය යහපත් නොවේ. ලග්නාධිපතියා දොළොස්වැන්නට සුබපල උදා කරනවා අඩුය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. බණ්ඩාර අනුරාධපුරය

SendShareShare
Previous Post

ඈවරයි… දෑවරයි… කෝ බොලව් කලු කොඩි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ලෝකයම හොල්ලපු හෙළයන්ගෙ යක්‍ෂ හා නාග රාජධානි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.