• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඈවරයි… දෑවරයි… කෝ බොලව් කලු කොඩි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 1, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ඈවරයි… දෑවරයි… කෝ බොලව් කලු කොඩි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘වෙනදා හැමදාම ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨය මොකක්ද? පුද්ගලිකකරණයට, රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව මහා රතු මැයි රැලිය. දැන් සටන් පාඨය ආර්ථික සංවර්ධනයට. දැන් ආණ්ඩුව කරන්නේ උන්නැහැලා. සටන් පාඨවල පද පෙරළියෙන් කියන්නේ මොකක්ද? ලයින් එක මාරුවෙලා නේද? වික්‍රමසිංහ උන්නැහේ මේක ඉන්දියානු කොලනියක් කරන්න යන වෙලාවේ ත්‍රිකුණාමල වරාය විකුණන් කන්න යන වෙලාවේ ‘අන්න රනිල් මහත්තයා යනවා ඉන්දියාවට, ඉන්දියාවට ගිහින් අස්සන් කරනවා අවබෝධතා ගිවිසුම්. මුළු ත්‍රිකුණාමල නගරයම භාරදෙනවා ඉන්දියාවට. තෙල් ටැංකි ටික විතරක් නෙවෙයි, හනුමන් පාලම හදන්න සාකච්ඡා කරනවා. අපේ අනන්‍යතාව මකලා මේක ඉන්දියානුවන්ගෙන් පුරවන්න තමයි ගිවිසුම් ගහන්න හදන්නේ. හතරවැනිදා එනවා ඉන්දීය අගමැති මෝදි. එන්නේ වෙසක් බලන්න තොරන් බලන්න නෙවෙයි. කියන්නේ එහෙම එහෙම තමයි. එන්නේ රට පාවල දෙන ඊළඟ ගිවිසුම් ටිකට අස්සන් ගහගෙන යන්න. අපි කියනවා ඒ පාවාදීමට එරෙහිව මෝදි අගමැතිට පේන්න මුළු රටම කළු කොඩිවලින් පුරවන්න ඕනෙ. ජාතියම අවදි වෙලා ඒ පාවාදීමට ඉඩ දෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඕනා. රනිලයා දන්සැල දමලා තියෙනවා. කන්න දෙන්නේ ඉන්දියාවට විතරයි. දන්සැලේ තියෙන්නේ මේ මව් පොළොව. මේ පින් බිම…’

විමල් වීරවංශ
2017.05.01
ගෝල්ෆේස් පිටිය
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය

විමල් වීරවංශ එදා 2017 පසුව පොදුජන පෙරමුණ බවට පත් වෙච්ච ඒකාබද්ධ විපක්ෂය ගෝල්ෆේස් පිට්ටනියේ රැස් කළ ඒ මහා ජන ගඟ කුපිත කරමින් කීවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික පවරාගන්න එන මෝදිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියාය.

‘එතකොට ඒ විමල් ප්‍රබල ඇමැති ධුරයක් දරන ගෝඨාභයගේ ආණ්ඩුව අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පමණක් නොව තෙල් සපයන ඒකාධිකාරය ඉන්දියාවට භාරදෙන්න ගිවිසුම් හදනකොට විමල් උස්සන්නේ මොන කොඩියද…?

‘වෙනස් වෙන ජේ.වී.පී. ලයින් එක ගැන කතාකරපු විමල්ගේ ලයින් එක අද කට් වෙලාද…?’

‘රනිල්ගේ දන්සැල වගේද ගෝඨාගේ ආණ්ඩුවේ දන්සැල…?’

‘කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට විකුණා, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකාවට විකුණා, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකුණා තෙල් සපයන ඒකාධිකාරය ඉන්දියාවට දීලා කොළඹ වටිනා ඉඩම් මුස්ලිම් රටලට විකුණන දන්සැලෙන් විමලුත් කනවද…?’

එදා ගෝල්ෆේස් පිටියේ පැවැති ඒ මහා ජන ගංගාවට විමල් පමණක් නොව ගම්මන්පිල පමණක් නොව පොදුජන පෙරමුණත්, එහි නායක මහින්ද රාජපක්ෂත් කීවේ මෝදිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවරන ආණ්ඩුවේ දේශද්‍රෝහි කුමන්ත්‍රණයට එරෙහිව පෙරට එන්න කියාය.

‘ඉන්දියාව සමග ඒකාබද්ධව ලංකාව ත්‍රිකුණාමලයේ උපායික වැදගත්කමක් ඇති තෙල් ටැංකි සංකීර්ණය පාලනය කරන්න යෑම මහා පාවාදීමක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ජාතික සම්පතක්. එය විකිණීමට එරෙහි වීම ජාතිමාමකයන්ගේ යුතුකමක්…’

මහින්ද රාජපක්ෂ
2017.05.01
ගෝල්ෆේස් මැයි රැලිය
ලංකාදීප

එදා විමල් සමග තෙල් ටැංකි පවරාගන්න මෝදි එන ගමනට එරෙහිව කළු කොඩි ඔසවන්න කී උදය ගම්මන්පිල අද තෙල් ඇමැතිය. උදය කියන්නේ තමන් ඉන්දියාව සමග තෙල් ටැංකි පාලනයට සමාගමක් හදන්න සාකච්ඡා කරනවා කියාය. ඔහු ඒ ප්‍රකාශය කරන්නේ ලංකාවේ මාධ්‍යයට නොව, ‘ද හින්දු’ මාධ්‍යයටය.

ගම්මන්පිල තෙල් ඇමැති වූ වහාම කීවේ 2002 රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාවට වික්ක තෙල් ටැංකි ටික යළි පවරාගන්න මෙරට ඉන්දීය මහ කොමසාරිස් සමග සාකච්ඡා කරන බවය. එම සාකච්ඡා අතිසාර්ථක බවත් ඔහු කීවේය.

‘ඉන්දියාවට පවරපු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි ලංකාවට ලබාගැනීමට ආරම්භ කළ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් වුණා. මම සතුටුයි කියන්න ඉන්දීය මහ කොමසාරිස්වරයා දැඩිව නම්‍යශීලී වුණා. ඔහු 2017 රනිල්ගේ ආණ්ඩුව තෙල් ටැංකි ඉන්දියාවට පවරන්න අස්සන් කළ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඉවත දමන්න එකඟ වුණා, අපේ රටට උදව්වක් වශයෙන්. ඔහු අපේ කොන්දේසිවලට නම්‍යශීලීව එකඟ වුණා. මම ආඩම්බරයෙන් කියනවා 2003 අපට අහිමි වෙච්ච ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළිත් අපට හිමිවෙනවා. අපි ජාතියක් හැටියට සතුටු විය යුතුයි. මේ ටැංකි යළි ලංකාවට හිමිවීම ගැන…’

උදය ගම්මන්පිල
කොළොන්නාවේදී
2021.02.18
ඩේලි මිරර්

ගම්මන්පිල මේ කතාව රටටම ඇහෙන්න කීවේ හමුදාව, ප්‍රභාකරන්ගෙන් මව්බිම මුදාගත්තා වගේ තමන් ඉන්දියාවෙන් තෙල් ටැංකි මුදාගත්තා කියාය. ඒ වැඩේට මෙරට ඉන්දීය මහ කොමසාරිස් නම්‍යශීලී වූවා කියාත් ඔහු කීවේය. මෙහෙම කියපු ගම්මන්පිල හරියටම වසරක් යන්න කලින් ‘ද හින්දු’ පුවත්පතට මෙහෙම කීවේය.

‘අපි මාස 16ක් තිස්සේ මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් සිටින්නේ. ඉන්දියාව සමග ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම මාසයකින් අස්සන් කරනවා…’

උදය ගම්මන්පිල
‘ද හින්දු’
2021.12.27

‘හත් දෙයියනේ… මොන මළ ඉලව්වක්ද උදය ගම්මන්පිල එදා කිව්වේ තෙල් ටැංකි යළි අපට දෙන්න ඉන්දියාව එකඟ වුණා කියලා, ඉන්දීය මහ කොමසාරිස් නම්‍යශීලී වුණා කියලා…?’

දැන් බලාගෙන යනකොට නම්‍යශීලී වෙලා තියෙන්නේ ඉන්දීය මහ කොමසාරිස් නොව උදය ගම්මන්පිලය. එය නම්‍යශීලී වීමක් නොව දෙකට තුනට හතරට නැමිලා දීමකි. මේ 2017 රනිල් අස්සන් කළ අවබෝධතා ගිවිසුමටත් එහා ගොස් තෙල් සපයන ඒකාධිකාරය ඉන්දියාවට දීමකි.

‘කෝ බොල විමලයාගේ කළු කොඩිය…?’

මිනිසුන්ට අහන්න තියෙන්නේ එච්චරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බැසිල්ගේ නියෝග කඩමින් මධ්‍යම සංස්කෘතික අරමුදල ලක්ෂ 16කට අභයාරාමයෙන් බිල්ඩිමක් කුලියට අරන්!

Next Post

ඔබේ ලග්නාධිපති හොඳ තැනකද ඉන්නෙ…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.