• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ කේන්දරේ හරිද?

July 31, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ කේන්දරේ හරිද?
Share on WhatsAppShare on Facebook

දරුවකු උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය පදනම් කරගෙන වේලාපත්කඩයක් හෙවත් කේන්දර සටහනක් ජ්‍යොතිෂවේදියකු ලවා සාදවා ගැනීම සාමාන්‍ය සිරිතකි. එසේ කරනු ලබන ජන්ම පත්‍රය අනුසාරයෙන් ජන්මියා සම්බන්ධ පැහැදිලි සාරවත් විග්‍රහයක් කිරීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව ඇත. එලෙස ජ්‍යොතිෂවේදීන් සාදනු ලබන කේන්දර ප්‍රධාන වශයෙන් කොටස් 2කි. ඒ දළ රාශි කේන්දරය හා නිරයන භාව කේන්දරයයි.

මෙසේ සාදනු ලබන දළ රාශි කේන්දරය හා නිරයන භාව කේන්දරය අතර පැහැදිලි වෙනස්කම් ගණනාවකි. දළ රාශි කේන්දරයකදී රාශියක ප්‍රමාණය සම භාවයක ප්‍රමාණය 30˚ කි. එම රාශි සහ භාව එකමත එක පිහිටයි. නමුත් නිරයන භාව කේන්දරයේදී 30˚ ක් බැගින් වූ රාශි 12 එලෙසම පවතින අතර භාව 12 යම් යම් වෙනස්කම්වලට භාජන වේ. එහිදී සෑම භාවයකට අංශක ගණන එකම ප්‍රමාණයෙන් යුක්ත නොවේ. එනම් සමහර භාව 30˚ට වඩා කුඩා වන අතර, සමහර භාව 30˚ට වඩා විශාල වේ. එලෙස සමහර භාව පමණට වඩා විශාල වීමෙන් අනෙකුත් භාව සඳහා ඉඩකඩ මදිවෙයි. මේ නිසාවෙන් එවැනි භාව ගිලිහීමකට ලක්වෙයි. ඒ ආකාරයට ගිලිවුණු භාවයක් තුළින් නිවේදනය වන කරුණු ජන්මියාට උරුම නොවේ. එසේ ගිලිවුණු භාව නිරයන භාව කේන්දරයකින් මිස දළ රාශි කේන්දරයක් තුළින් නිරුකාය නොවේ.

නිරයන භාව කේන්දරයේදී භාව ආරම්භය සන්ධිය, භාව ස්ඵුටය හෙවත් භාව මධ්‍ය ස්ඵුටය හා භාව විරාම සන්ධිය ලෙස සන්ධි 3කි. දළ රාශි කේන්දරයේ ග්‍රහයන් ලකුණු කිරීමේදී ග්‍රහස්ඵුට ගැන තැකීමක් නොකරයි. අදාළ රාශි තුළ ග්‍රහයා ලකුණු කිරීම පමණක් සිදුකරයි. එහෙත් නිරායන භාව කේන්දරයේ ග්‍රහයන් ලකුණු කිරීමේදී ඒ ඒ ග්‍රහයාගේ ස්ඵුටය ඉතාම වැදගත් වෙයි. ග්‍රහයෙකු නිරායන භාව කේන්දරය තුළ ලකුණු කරනු ලබන්නේ හරියටම ග්‍රහයා සිටින අංශකය මතය. එලෙස ග්‍රහස්ඵුට ලකුණු කිරීමේදී භාව ආරම්භක සන්ධියත්, භාව ස්ඵුටය හෙවත් භාව මධ්‍ය ස්ඵුටයත් යන භාවයේ උදා කොටස තුළ සිටින ග්‍රහයා භාව ආරෝයන ග්‍රහයා හෙවත් උදා ග්‍රහයා ලෙස හඳුන්වයි. උදා ග්‍රහයා බලවත්ය. භාව ස්ඵුටය හෙවත් භාව මධ්‍ය ස්ඵුටයත් භාවයේ විරාම සන්ධියත් අතර අස්ථ කොටසේ සිටි ග්‍රහයා භාව අවරෝහණ ග්‍රහයා හෙවත් අස්ථ ග්‍රහයාය. අස්ථ ග්‍රහයා දුබලය. එලෙස සෑම භාවයකටම උදා කොටසක් හා අෂ්ථ කොටසක් හිමිය. තවද අෂ්ථ ග්‍රහයාටත් වඩා භාව සන්ධිගත ග්‍රහයා දුබලය.

නිරායන භාව කේන්දරයට දළ රාශි කේන්දරයට මෙන් වෙනම නවාංශක කේන්දරයක් නැත. එහෙත් භාව කේන්දරයේ එක් රාශියක් කොටස් 9යකට බෙදා නැකැත් පාද ලෙස දක්වනුයේ නවාංශකයම වේ. නවාංශක, රාශියකට 9 බැගින් රාශි 12ට 108කි. (9×12=108) එසේම නැකැති පාද ද, නැකැතකට පාද 4 බැගින් නැකැත් 27ට 108කි. (4×27=108) එනම් නවාංශකවල එකතුවක් නැකැත් පාදවල එකතුවත් සමානය. එලෙස සෑම භාවයකටම නවාංශක සෑදේ. තවද සෑම භාවයකම භාව ස්ඵුටය හෙවත් භාව මධ්‍ය ස්ඵුටයට අනුව රාශි අර්ථ හෝරාව, දෙර්නයාය, ද්වා දශාමිශකය, ත්‍රිංශාම්ශකය ආදී කොට ඇති ෂඩ් වර්ගයට සෑදේ.

නිරායන භාව කේන්දරය දළ රාශි කේන්දරයට සාපේක්‍ෂ්ව සංකීර්ණය. නිරායන භාව කේන්දරයක් අනුසාරයෙන් ඵලාඵල ප්‍රකාශ කිරීමේදී ග්‍රහයා සිටින රාශියත් භාවයත් යන දෙකම සලකා තුලනාත්මකව ඵලාඵල ප්‍රකාශ කළ යුතුය. එහිදී භාව බලය හා රාශි බලය යන දෙකම හොඳින් තක්සේරු කළ යුතුය. නිරායන භාව කේන්දරයක් ඇසුරෙන් ඵලාඵල ප්‍රකාශ කිරීමේදී භාව අධිිපතීන්, උපස්ථාන අධිපතීන් හෙවත් උප අධිපතීන් හා සූක්‍ෂ්ම අධිපතීන් හෙවත් උප අධිපතීන් භාවිතයට ගැනේ. දළ රාශි කේන්දරයේදී එවැනි භාවිතයක් සිදුනොවේ. ඇතැමුන්ගේ දළ රාශි කේන්දර සටහනේ නිරායන භාව කේන්දර සටහනත් එකම වේ. එහෙත් බොහෝ ජන්මීන්ගේ දළ රාශි කේන්දරයට වඩා නිරායන භාව කේන්දරය වෙනස් වේ. එවැනි අවස්ථාවල බොහෝ විට භාවාධිපතීන් පවා වෙනස් වේ. ඇතැම් විට 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා සහ එම ග්‍රහයා සිටින රාශිය පවා වෙනස් වන අවස්ථාද ඇත. ග්‍රහයන්ගේ පිහිටීම නම් අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. දළ රාශි කේන්දරය හා එම වේලාව, දිනය පදනම් කරගෙන සෑදූ භාව කේන්දරය යන දෙකම සැසඳූ කල මෙය මනාව තහවුරු කරගත හැකි. දළ රාශි කේන්දරයේ සේම නිරයන භාව කේන්දරයේදී පඨවි, ආපෝ, තේජෝ හා වායෝ ලෙස රාශි මෙන්ම භාවද නම් කළ හැකිය.

සාමාන්‍යයෙන් භාව අධිපතියා වන්නේ යම් භාවයක භාව මධ්‍ය ස්ඵුටයට හෙවත් භාව සුඵුටයට අසුවන ග්‍රහයාය. එතුළ භාව ස්ඵුටයට හෙවත් භාව මධ්‍ය ස්ඵුටයට අසුවන ග්‍රහයන් අතුරින් ප්‍රධාන භාව අධිපතියා තීරණය කෙරේ. උපස්ථාන අධිපතියා හෙවත් උප ප්‍රධාන අධිපතියා සොයා ගන්නේ භාව ආරම්භක සන්ධියේ සිට භාව ස්ඵුටය හෙවත් භාව මධ්‍ය ස්ඵුටය දක්වා නැකැත් අධිපතීන් ග්‍රහණය කර භාව ස්ඵුටයට හෙවත් මධ්‍ය ස්ඵුටයට අසුවන නැකැත හිමි ග්‍රහයාගෙනි. සූක්‍ෂ්ම අධිපතියා හෙවත් උප අධිපතියා ගනුයේ සෑම භාවයකම භාව ස්ඵුටයට හෙවත් භාව මධ්‍ය ස්ඵුටයට හිමි බලය විභේදනය කිරීමෙනි.

අතීතයේ ජ්‍යොතිෂවේදීන් කේන්දර පරීක්‍ෂාව සඳහා භාව කේන්දරය බහුලව භාවිත කළ බව ජ්‍යොතිෂ පොතපතේ දැක්වේ. කෙසේ වෙතත් හැකි සෑම විටම සුබ මුහුර්තයක්, පොරොන්දමක්, මල්වර කේන්දරයක්, තත්කාල කේන්දරයක් සැකසීමේදී වුවද නිරායන භාව කේන්දරයම සාදා ගැනීම ඉතාම නිවැරැදිය. උක්ත අවස්ථාවක නිරායන භාව කේන්දරයක් අතින් සාදා ගැනීම කාලය පිළිබඳ ගැටලු ඇති කරන බැවින් කාලය හා ශ්‍රමය ඉතිරි කරගනු වස් වෙළෙඳපොළෙන් මිලදී ගතහැකි භාව කේන්දර සාදන නිවැරැදි පරිගණක මෘදුකාංගයක් භාවිත කිරීමේ දොසක් මා නොදකී. එනමුත් අවශ්‍ය විටක කාල වේලාව ගෙන අතින් නිවැරැදිව නිරායන භාව කේන්දරයක් සාදා ගැනීමේ හැකියාව ජ්‍යොතිෂවේදීන් සතු විය යුතුය. 21 වැනි සියවසේ මූල භාගයේ සිටින අප අදට තිබෙන නව තාක්‍ෂණික දියුණුව ජ්‍යොතිෂයේ උන්නතියට යොදා ගැනීම ඉතාම කාලෝචිතය. එමගින් ජ්‍යොතිෂයේ දී සිදුවිය හැකි සුළු සුළු වැරැදීම් අවම කරගත හැක. යමක නිරවiතාවය වුවද සසඳා ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය.

උපතක නිරායන භාව කේන්දරයක් සාදා ගන්නා ක්‍රමවේදය සැකවින් මෙසේය.

උපන් දිනය, උපන් වේලාව හා ස්ථානය පදනම් කරගෙන උපන් වේලාවට අනුව උපතට ගත් කාලය සොයා ගන්න. එලෙස සොයාගත් කාලයෙන් උපන් ස්ථානයට අදාළ ස්ටෑන් කාලයේ අධිකය අඩුකට ඉෂ්ඨ කාලය සොයාගන්න. එම ඉෂ්ඨ කාලයට අනුරූප අධිකයන්ද උපත සිදුවූ දින පංචාංග ග්‍රහස්ඵුට ලිතේ සඳහන්. උදේ 6.00ට දී තිබෙන නක්‍ෂත්‍ර කාලයද එකට එකතු කර ශුද්ධ නක්‍ෂත්‍ර කාලය සොයාගන්න. එම ශුද්ධ නක්‍ෂත්‍ර කාලය පදනම් කර ගනිමින් ලග්න ස්ඵුටය සොයාගන්න. එලෙස ලැබෙන ලග්න ස්ඵුටය ලග්න භාව ස්ඵුටය හෙවත් ලග්න භාව මධ්‍ය ස්ඵුටයයි.

දැන් නිරායන භාව කේන්දරය සෑදීමට භාව ස්ඵුට වගු සඳහන් පොතක් භාවිත කර ලග්න භාවයට අතිරේකව ඉතිරි භාව වන 10, 11, 12, 2 හා 3 යන භාවවල භාව ස්ඵුට හෙවත් භාව මධ්‍ය ස්ඵුට සොයා ගන්න. ඒ සඳහා අදාළ භාව ස්ඵුට වගුව සහිත පිටුව තෝරා ගැනීමට උපන් ප්‍රදේශයට අදාළ උත්තර අක්ෂාංශය පදනම් කරගනු ලැබේ. එයම පදනම් කරගනිමින් ශුද්ධ නක්‍ෂත්‍ර කාල වෙනසද සොයාගනු ලැබේ. ඒ ආකාරයට ලබාගත් දත්ත අනුසාරයෙන් සිදුකරන ගණිත කර්ම ඇසුරින් උක්ත භාව ස්ඵුට හෙවත් භාව මධ්‍ය ස්ඵුට සොයාගත හැකිය. එලෙසට ඉහත සඳහන් භාව හයේ මධ්‍ය ස්ඵුට සොයාගත් විට ඒ ඒ භාවයට සම්මුඛ ඉතිරි භාව සයේ මධ්‍ය ස්ඵුට හෙවත් භාව ස්ඵුට නිතැතින්ම ලැබේ. එහිදී භාව නාමය අදාළ භාවයෙන් සත් වැන්නට අදාළ නාමය ලෙස වෙනස් වුවද භාව ස්ඵුටයන්ට අදාළ අංශක කලා ගණන් වෙනස් නොවේ.
ඉන් ඉක්බිති භාව ස්ඵුට හෙවත් භාව මධ්‍ය ස්ඵුට අනුසාරයෙන්ම ගණිත කර්ම ආධාරයෙන් භාව ආරම්භක සන්ධි සොයාගත හැකිය. එලෙස ලැබෙන භාව ආරම්භක සන්ධිය ඊට පෙර භාවයේ විරාමක සන්ධිය වෙයි. භාව මධ්‍ය ස්ඵුටවලදී සේම භාව ආරම්භක සන්ධිවලින්ද 10, 11, 12, ලග්න, 2, 3 යන භාවවලට අදාළව භාව ආරම්භක සන්ධි සොයාගත හැකිය. එලෙස ලැබෙන භාව සයේ ආරම්භක සන්ධිවලට සම්මුඛ ඉතිරි භාව සයේ ආරම්භක සන්ධි නිතැතින්ම ලැබේ. එහිදී භාව මධ්‍ය ස්ඵුටවල සේම භාව නාමය වෙනස් වන අතර, භාව ආරම්භක සන්ධියට අදාළ අංශක, කලා ගණන් ආදිය වෙනස් නොවේ.

ඊට පසු එක් එක් ග්‍රහයාගේ දිනු භුක්තිය සොයා උපතට ගත කාලයද පදනම් කරගනිමින් ඒ ඒ ග්‍රහයාගේ ග්‍රහස්ඵුට සොයාගනු ලැබේ. ඉන් අනතුරුව සොයාගත් භාව ස්ඵුට හෙවත් භාව මධ්‍ය ස්ඵුටත්, භාව ආරම්භක සන්ධින්, ග්‍රහස්ඵුටත් ප්ලැවීඩෙස් ක්‍රමයට අඳිනු ලබන සටහනේ ලකුණු කරනු ලැබේ. එහිම නැකැත් චක්‍රයද නවාංශකද බෙදා දැක්විය හැකිය. ඉහත සඳහන් ලෙසට වෘත්තාකාරව නිරායන භාව කේන්දර සටහන ඇඳගත් කල උදා ග්‍රහයන්, අස්ථ ග්‍රහයන් මෙන්ම භාව සන්ධිගත ග්‍රහයන්ද ග්‍රහ යුද්ධ වැනි අවස්ථාද ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. නිරායන භාව කේන්දරයක භාව ස්ඵුට හෙවත් භාව මධ්‍ය ස්ඵුට, භාව ආරම්භක සන්ධි හා ග්‍රහස්ඵුට ලකුණු කළ යුත්තේ කෝණමානය ආධාරයෙන් නිවැරැදිව මැනය. මෙහිදී උක්ත ස්ඵුටවලට අදාළ රේකා කල්තියා ඇඳ ස්ඵුට ලකුණු කළ නොහැකිය. කල්තියා ඇඳිය හැකි එකම රේඛාව වන්නේ ලග්න භාව මධ්‍ය ස්ඵුට රේඛාවයි. අනෙකුත් සියලු මධ්‍ය ස්ඵුටවලට අදාළ රේඛාත් ආරම්භක සන්ධිවලට අදාළ රේඛාත් ඇඳිය යුතු වන්නේ කෝණමානය උපයෝගී කරගෙනය.

නිරායන භාව කෙන්දරයක් සාදා ගැනීම වෙහෙසකර වුවද, කාලය ගතවුවද හැකි සෑම විටම දළ රාශි කේන්දරය නොව නිරායන භාව කේන්දරයම සාදා ඒ අනුසාරයෙන් ඵලාඵල ප්‍රකාශ කිරීම ඉතාම ඥානාන්විතය. එය ජ්‍යොතිෂවේදියාගේ මෙන්ම ජ්‍යොතිෂයේ සත්‍ය භාවයත් ඉදිරි අනාගත පැවැත්ම සඳහාත් හේතු වනු නිසැකය. මා එසේ කියනුයේ අප නිසා ජ්‍යොතිෂය බැබැළිය යුතු බැවිනි.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

නිකරුණේ මරණයට පත්කළ ගැබ්බර රත්නවල්ලී ඇතුගල්පුර වැවෙන් මතුවෙයි…

Next Post

මහජන බැංකුව යළිත් වරක් ‘විශිෂ්ටතම බැංකු 1,000’ අතරට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.