අඛණ්ඩව සිවුවැනි වරටත් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවත වරක් එක්කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ද බෑන්කර්’ සඟරාව, සිය Tier 1 capital කාණ්ඩය යටතේ මූලික වශයෙන් බැංකු ශ්‍රේණිගත කරනු ලබයි.
2021 වසරේදී සිය 60 වැනි සංවත්සරය සමරන මහජන බැංකුව, කොවිඩ්-19 වසංගත කාලය අතරතුර සිය ශාඛා ජාලයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් විවෘතව තබමින් ඉතා සුවිශේෂ සේවයක් සලසා දුන් අතර ව්‍යාපාරික සහ පුද්ගලික ගනුදෙනුකරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 800කට වැඩි මූල්‍ය පහසුකම් පිරිනමන ලදී.
ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් මූල්‍ය පහසුකම් සලසා දෙමින් සහ රටේ ඩිජිටල් පහසුකම් පිරිනැමීමේ ක්‍රම විකසනයට අසමසම වූ දායකත්වයක් පිරිනමමින්, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛ ස්ථානයට ළඟාවී සිටී.











