• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හෝරාව බලා වැඩ කළොත් ගොඩ යන්න පුළුවන්…

March 5, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
හෝරාව බලා වැඩ කළොත් ගොඩ යන්න පුළුවන්…
Share on WhatsAppShare on Facebook

අපි කවුරුත් කැමැතියි අපි කරන වැඩ වඩාත් සාර්ථක වනවා දකින්න. සාර්ථකව වැඩකටයුතු ඉටුකර ගැනීමට අපගේ උත්සාහය නිවැරැදි කළමනාකරණය වගේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙම උත්සාහයෙන් වැඩ කරන අපට විශ්වයේ පවතින ග්‍රහ බලයත් ප්‍රයෝජනයට ගෙන වඩාත් හොඳින් අපේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්. අද අපි බලමු එදිනෙදා පවතින සුබ හෝරාවන් කොහොමද යෙදෙන්නේ කියලා.

හෝරාව කියන්නේ පැයකට ආසන්න කාලයක්. හෝරාව පටන් ගන්නේ එදිනෙදා ඉර උදාවත් සමගයි.

ඕනෑම ලිතකින් ඒක බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනගන්න ඕනෙ දවසේ පළමුවැනි පැය එම දින අධිපතියාට අයත් හෝරාව බව. කවුද දින අධිපතියා කියන්නේ?

සතියේ දින හත ගත්තොත් ඉරිදාට දින අධිපතියා තමයි ඉරු. ඒ කියන්නේ රවි. සඳුදාට දින අධිපතියා තමයි සඳු. එනම් චන්ද්‍රයා. අඟහරුවාදාට දින අධිපතියා තමයි අඟහරු හෙවත් කුජ. බදාදාට දින අධිපතියා වන්නේ බුධ. බ්‍රහස්පතින්දාට දින අධිපතියා වන්නේ බ්‍රහස්පති. බ්‍රහස්පතිට ගුරු කියලා කියනවා. සිකුරාදාට දින අධිපති සිකුරු. ජ්‍යොතිෂයේදී සිකුරුට කියන්නේ ශුක්‍ර කියලා. සෙනසුරාදාට දින අධිපති තමයි සෙනසුරු. ජ්‍යොතිෂයේදී සෙනසුරු ශනි කියලා හඳුන්වනවා.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී සුබ වේලාවක් සොයාගැනීම මුහුර්ත සෑදීම හැටියට හඳුන්වාදී තිබෙනවා. සුබ මුහුර්තයක් සෙවීමේදී කරුණු ගණනාවක් ගැන අවධානය යොමු කරන අතර එක කරුණක් තමයි මේ හෝරාව.

අපගේ ජීවිත හා සම්බන්ධ වැදගත් කටයුතු සඳහා වඩාත්ම සුදුසු වන්නේ කවර ග්‍රහයාට අයත් හෝරාවද කියලා ජ්‍යොතිෂය හඳුන්වා දුන් ඍෂිවරු තමන්ගේ අධි මානසික බලයෙන් දැකලා ඒ ගැන සඳහන් කරලා තියෙනවා.

රවි ග්‍රහයා රාජ්‍ය කාරක ග්‍රහයා හැටියට හඳුන්වා දී තිබෙන නිසා රජුන් දැකීමට යනවා නම් රවි හෝරාවෙන් පිටත්ව යන්න කියලා පැරැණි පොතපතෙහි සඳහන් වෙනවා. දැන් කාලෙ රජවරුන් නැහැනේ. එහෙම නම් අපට පුළුවන් රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න යනවා නම් රජයේ සේවයකට යන්න සම්මුඛ පරීක්ෂණයකට යනවා නම්, පෞද්ගලික අංශයේ වුණත් ඉහළ මට්ටමේ කෙනෙක් හමුවෙන්න යනවා නම් රවි හෝරාවෙන් පිටත් වෙලා යන්න.

චන්ද්‍ර හෝරාව සියලු සුබ කටයුතු සඳහා යොදාගන්නා ලෙස ජ්‍යොතිෂයේ සඳහන්. ඕනෑම කටයුත්තක් ආරම්භ කරන්න චන්ද්‍ර හෝරාව යොදාගත්තාට වරදක් නැහැ.

කුජ ග්‍රහයා ග්‍රහ මඬුල්ලේ සෙන්පතියා, එහෙමත් නැත්නම් සටන්කාමියා ලෙසයි හඳුන්වා තිබෙන්නේ. යුද්ධයට යනවා නම් කුජ හෝරාවෙන් පිටත්ව යන්න කියල තමයි පැරැණි පොත පතෙහි සඳහන් වෙන්නේ. අපි ඉතින් යුද්ධ කරන්න යන්නෙ නැහැනේ. නඩුවකට යනවා නම්, ක්‍රීඩා තරගයකට යනවා නම් කුජ හෝරාව යොදාගන්න පුළුවන්.

බුධ තමයි බුද්ධියට අධිපති ග්‍රහයා. නුවණ වඩන කටයුතු ආරම්භ කිරීමට බුධ හෝරාව තමයි හොඳ. අලුතින් පාඨමාලාවක් ආරම්භ කරන්න, විභාගයකට යන්න, ටියුෂන් පන්තියක් පටන් ගන්න වගේ කටයුතු බුධ හෝරාවෙන් ආරම්භ කළාම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ගුරු ග්‍රහයා සුරගුරු ලෙසද හඳුන්වනවා. එහෙම කියන්න හේතුව දෙවියන්ගෙත් දෙවි වූ කියන තේරුම ඇතිවයි. ගුරු ධනයට අධිපතියාද වනවා. පුත්‍රකාරකද වනවා. ග්‍රහ මඬුල්ලේ වඩාත්ම සුබ ග්‍රහයා හැටියට හඳුන්වන අවස්ථාද තිබෙනවා. පැරැණි පොත්වල ‘ගුරු විවාහෙ’ ලෙස සඳහන්. ඒ කියන්නේ විවාහ කටයුතුවලදී ගුරුගේ හෝරාව පාවිච්චි කරන්න කියලා. අපි විවාහ නැකැත් හදනකොටත්, මුදල් ගනුදෙනු සඳහා සුබ මුහුර්ත හොයනකොටත් ගුරුගේ හෝරාවට ප්‍රධාන තැනක් දෙනවා.

එදිනෙදා ජීවිතයේදී අපට නිතරම හොඳ වේලාවක් බලන්න සිදුවෙන කාරණයක් තමයි ගමනක් යන්න පිටත් වීම. මොකද අපි ගමනකට පිටත් වෙනකොට අසුබ වේලාවක් උදාවෙලා තිබුණොත් නොයෙකුත් අනතුරු කරදර රස්තියාදු ආදිය සිදුවෙන්න පුළුවන්. ගමන් යන්න වඩාත්ම සුදුසු වන්නේ සිකුරු හෝරාවයි. සිකුරු හෝරාව අනෙකුත් සියලු සුබ කටයුතු සඳහාද යොදාගන්න පුළුවන්.

සෙනසුරු තමයි ග්‍රහ මඬුල්ලේ මහල්ලා. එයා ඉන්නේ ජීවිතය ගැන කලකිරිලා. අපට ඒරාෂ්ටක අපල වගේ තදබල අපල සිදුකරලා දෙන්නෙත් සෙනසුරුයි. ඒක නිසා ශනිගෙ හෝරාව පැවිදි කිරීමේ කටයුතු, භාවනා කටයුතු වැනි දේ ආරම්භ කිරීමට යොදාගන්න පුළුවන්.

ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

සජිත් ‘නොනවතින රැල්ල’ අරඹයි!

Next Post

රත්නපුරේ අන්තඃපුර මාලිගාවේ අබිරහස…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.