ආණ්ඩුව ඇතුළේ මේ වන විට හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණයත් සමග ඊයේ දිනයේදී හදිසි කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී, ලබන 15 වැනිදා සිට ‘නොනවතින රැල්ල’ නමින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දීපව්‍යාප්තව ආරම්භ කිරීමටද විපක්ෂ නායකවරයා තීරණය කොට ඇත.