ඕනෑම වර්ෂයක මාර්තු මාසයේ උපන් ඔබට ඉදිරි සතිය කෙසේද යන්න නාඩි ජ්‍යොතිෂයට අනුව සලකා බලමු. (මාර්තු 01 වැනිදා සිට 08 වැනිදා දක්වා)
මාර්තු මාසයේ උපන් ඔබ ගැන පොදුවේ සලකා බැලීමේදී ඔබ උපදේශාත්මක චරිත වේ. විශේෂයෙන්ම ඔබ තුළ හොඳ කථික හැකියාවක් මෙන්ම අන් අයට ඉගැන්වීමේ, උපදෙස් දීමේ සහජ හැකියාවක් පවතී. එය මෙම මාසය පුරාම ඔබ තුළ වර්ධනය වේ.Sri Lanka Latest News
ඔබගේ ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී සතියේ මුල් කාලසීමාවේදී ඉතා යහපත් වේ. නමුත් සතිය අවසන් දින කීපය තුළදී ඔබට නොසිතූ ලෙස මුදල් වියදම් වීම් ඇතිවිය හැකිය. එසේම සොර සතුරු උවදුරුවලට ලක්වීමට පවා ඉඩකඩ පවතී. ඒ පිළිබඳ මනාව සිහි තබාගත යුතු වේ. ඔබ නිසා අන්‍යයන්ගේ ආදායම් මාර්ග සරු වීමේ හැකියාවක් මේ සතිය තුළ පවතින අතර, මේ හේතුවෙන් ඔබට ජනතා ප්‍රසාදය හිමිවේ.
ගෘහ ජීවිතය තරමක ගැටලුකාරී ගති මතුවුවත් ඒවා එතරම් දුරදිග යන තත්ත්වයක් නොපෙන්වයි. අඹුදරුවන්ගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් වැඩි ශ්‍රමයක් දැරීමට සතිය තුළදී සිදුවේ. මේ නිසා ශරීරයට යම් විඩාබර ගතියක් දැනෙන්නට ඉඩ පවතී. වැඩිහිටි අයගේ ආදරය අවවාද සතිය මුළුල්ලේම ඔබට ලැබේ. ඒවා ඉතා යහපත් ප්‍රතිචාර මෙන්ම ඔබගේ ජීවිතය ඉහළට ඔසවා තබන ඒවා වේ. තරමක කලබලකාරී ගති ස්වභාවයක් පවුල තුළ දක්නට ලැබේ.
ඔබගේ දූදරුවන්ගේ අධ්‍යාපනයට ඉතා යහපත් කාලයකි. ඔවුන්ට ඉතා උසස් ගුරුවරුන් මුණගැසේ. මාර්තු උපන් ඔබගේ අධ්‍යාපනයටත් ඉතාම යහපත්ය. ඔබගේ උසස් අධ්‍යාපන කටයුතුවලට නිසි මාර්ගෝපදේශකත්වයක් ලැබේ. තවද ඔබ තුළ සැඟව ඇති ලේඛන කුසලතාවන් මතුවන කාලසීමාවකි. එය ඔබට කදිම අවස්ථාවකි. නව ලේඛන කටයුත්තක් අරඹන්නට කදිම අවස්ථාවකි.
රැකියාවට වෘත්තියට තරමක තීරණාත්මක කාලසීමාවකි. ඒවායේදී ඔබට යම් නීතිමය ගැටලු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉහළ නිලධාරීන් මෙන්ම තමාට සමාන වෘත්තීය මට්ටමක් ඇති අයගෙන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුය.
සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබට පීනස තත්ත්වයන් මෙන්ම ආසාත්මිකතා ඇතිවිය හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. ඔබට ඉදිරි සතිය වාසනාවන්ත සතියක් වේවා.
මනෝලි බණ්ඩාර
(නාඩි ජ්‍යොතිෂවේදිනී)
077 9834889











