2026 මාර්තු මාසය කියන්නේ අපිට නිකම්ම නිකම් මාසයක් නෙවෙයි. ජ්‍යොතිෂයට අනුව මේ මාසයේදී ඉතා බලගතු ග්‍රහ මාරුවීම් කිහිපයක් සිදුවෙනවා. මෙතෙක් නිහඬව තිබුණු විශ්ව ශක්තීන් කිහිපයක් එකවර අවදි වීම නිසා පෘථිවියට, විශේෂයෙන්ම අපේ රටට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මේ නිසා මාර්තු මාසයේදී අපි වෙනදාට වඩා ටිකක් කල්පනාකාරීව ඉන්න එක ගොඩක් වැදගත්.
විශේෂයෙන්ම මාර්තු 14 වැනිදායින් පස්සේ උදාවන කාලය හඳුන්වන්නේ ”විෂ හෝරාවක්” විදිහට. මේක හරියට මහා ගිනි කන්දක් පුපුරන්න කලින් එන නිහඬතාවය වගේ එකක්.
මේ මාරක තත්ත්වයට ප්‍රධානම හේතුව ”කුජ සහ ශනි” කියන මහා ග්‍රහයන් දෙන්නාගේ හැප්පීම. සරලවම කිව්වොත් මේක ”ගින්දරයි යකඩයි” අතර හැප්පීමක්. මේ ග්‍රහ යුද්ධය නිසා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මාර්තු මැද ඉඳන් පරිසරය හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න පුළුවන්. දරාගන්න බැරි රස්නයක් එක්කම හිටිහැටියේ එන මහා කුණාටු, අකුණු ගැසීම් සහ පොළොව දෙදරීම් පවා මේ කාලේ වෙන්න ඉඩ තියෙනවා.
පරිසරය විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ලේ පවා මේ කාලේදී ”රත්” වෙන්න බලනවා. ඒකයි මේ දවස්වල පොඩි දේටත් මිනිස්සු කුලප්පු වෙන්නේ, රණ්ඩු වෙන්නේ. පාරේ තොටේ යනකොට, වාහනයක් පදවනකොට වෙනදාට වඩා දහස් වාරයක් පරෙස්සම් වෙන්න ඕනේ මේ නිසයි. මේ ”විෂ හෝරාව” ඇතුළේදී එක මොහොතක වෙන අත්වැරැද්දකින් මුළු ජීවිතයම විනාශ වෙන්න පුළුවන්. මේක අනාවැකියකට වඩා ”විශ්වීය අනතුරු ඇඟවීමක්”.
මේ මාරක අපලයෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය ”නිහඬව සහ ඉවසීමෙන්” ඉන්න එක විතරයි. සොබාදහම මේ කරන්නේ රටක් විදිහට අපේ පව් සෝදලා දාන පිරිසිදු කිරීමක්. ඒ නිසා මේ මාර්තු මාසයේදී පුළුවන් තරම් කලබලකාරී තීරණවලින් අයින් වෙන්න. ගින්දර, විදුලිය සහ වේගය එක්ක සෙල්ලම් කරන්න එපා. 2026 වසරේ ඉතිරි කාලය සැනසීමෙන් ඉන්න ඕනේ නම්, මේ මාර්තු මාරකයෙන් බේරෙන්න අනිවාර්යයෙන්ම හිත පාලනය කරගන්න. විශ්වය දෙන මේ පණිවිඩය සුළුවෙන් තකන්න එපා!
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











