• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2026 ඔබට හරියටම වෙන දේ දැනගන්න! Sri Lanka Latest News

January 3, 2026
in Astrology
Reading Time: 5 mins read
A A
2026 ඔබට හරියටම වෙන දේ දැනගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව 2026 වර්ෂය ඔබට කෙසේ වේද යන්න ලග්නය අනුව සලකා බලමු.Sri Lanka Latest News

රවි ග්‍රහයාගේ සංඛ්‍යාතයට අනුව ගතවන 2026 වර්ෂය කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකාවට ඉතා සුබදායී අන්දමට ගතවන වර්ෂයක් වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. සංඛ්‍යාත විද්‍යාවට අනුව කුම්භ ලග්නයට අයත් සංඛ්‍යාතය වන්නේ අංක 2යි. එනම් මෙම අංක 2 සඳු ග්‍රහයා නියෝජනය කරයි.
ග්‍රහ ලොව පියා ලෙස සැලකෙන රවි ග්‍රහයාගෙන් ග්‍රහ ලොව මව ලෙස සැලකෙන සඳු ග්‍රහයාගේත් ග්‍රහ බලපෑමට යටත්ව දිවෙන මෙම 2026 වර්ෂය පොදුවේ ගත්කල සමස්ත ශ්‍රී ලංකා ජනතාවට සුබදායී ප්‍රතිඵල ගෙනෙන අවුරුද්දක් වන බව නොඅනුමානය.

මේෂ ලග්නය
බුද්ධිමතුන්ගේ උපකාර
මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම 2026 වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් වේ. නව අධ්‍යාපන මාර්ගයන් විවෘත වනවා මෙන්ම නව රැකියා අවස්ථාවන් රාශියක්ම උදාවීමට වාසනාව පවතී. එසේම බුද්ධිමතුන්ගේ උදව් උපකාර ලැබෙන වසරකි. සිතේ සාමය පවත්වාගෙන වසර මුළුල්ලේම කටයුතු කිරීමට හැකියාව පවතී. සෙම් රෝග ආදියෙන් ප්‍රවේසම් වන්න.

වෘෂභ ලග්නය
හරියටම හරියන සහකරුවෙක්

වෘෂභ ලග්න හිමියන්ට මෙම අවුරුද්ද ඉතා ආදරණීය අන්දමින් ගතවීමට ලැබෙන අවුරුද්දකි. 2026 වර්ෂය විවාහ අපේක්ෂකයන්ට තමාගේ සුදුසුම සහකරු-සහකාරිය ලැබෙන වසරකි. එසේම තමාගේ පවුල, ආදරය තුළ සාමය සතුට නිරතුරුවම ගලායයි. සමාජ සබඳතාවලදීද ඔවුන්ට මෙම වාසිදායක තත්ත්වයම අත්විඳිය හැකිය. ජලයෙන් යම්තාක් දුරට අපලකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන ලග්නය
විශාල බූදලයකට හිමිකම්

මිථුන ලග්න හිමි ඔබට 2026 වර්ෂය තරමක කලබලකාරී අවුරුද්දක් බවට පත්වේ. එය හුදෙක් ඔබගේ ලෞකික දියුණුව උදෙසාම අත්වන තත්ත්වයකි. ඔබට තමාගේ ආර්ථිකය උදෙසා වූ බොහෝ කටයුතු මෙම වර්ෂය තුළ අවසන් කරගැනීමට හැකියාව පවතී. එසේම අතහැර දමා තිබූ කටයුතු කිහිපයක් මෙම වසර තුළදී නැවත ආරම්භ කර සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසේ. ගේදොර ඉඩකඩම් ලාභ, එනම් නිශ්චල දේපළවලට උරුමකම් ආදිය ලැබීමට වාසනාව පවතී.

කටක ලග්නය
මානසික සුවය අංක එකට

කටක ලග්නයෙන් උපන් අයට මෙම 2026 වර්ෂය තුළදී තමාගේ ආධ්‍යාත්මිකත්වය පිරිපහදු කරගැනීමට බොහෝ අවස්ථාවන් උදාවේ. තමාගේ මානසික සුවය අංක එක බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වන වසරක් වනවා නොඅනුමානය. තමාගේ කෝපය පාලනය කරගැනීමට ඉගෙනගත යුතු වසරකි. සෙම් රෝග ආදියෙන් පීඩා විඳින කටක ලග්න හිමියන් තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

සිංහ ලග්නය
ආඩම්බරකාරී වසරක්

සිංහ ලග්න හිමියන් තරමක ආඩම්බරකාර ගති පැවැතුම් ඇති පුද්ගලයන් වේ. එසේ වන්නේ ඔබ රවි ග්‍රහයාගේ බලපෑමට නතුව කටයුතු කරන බැවිනි. 2026 වර්ෂයද රවිටම අයත් වසරකි. එබැවින් ඔබගේ මේ ආඩම්බරකාර ගති ස්වභාවය මෙම වර්ෂයේදී බොහෝ සෙයින් වැඩිවේ. ඔබගේ ප්‍රතාපවත් බව සමාජයට ඉස්මතුවේ. සමාජයේ බැබළීමට ඔබට එය හේතුසාධක වේ. තම සිත පාලනය කරගැනීමට දක්ෂ සිංහ ලග්න හිමියන්ට තම අරමුණු කරා ගමන් කළ හැකි වනවා සේම මෙය ඔබේම වර්ෂය කරගැනීමට පුළුවන.

කන්‍යා ලග්නය
නිහතමානී වෙන්න. අවුරුද්ද සුබයි

කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ඉතා නිහතමානීව කටයුතු කරන වර්ෂයකි. 2026 වර්ෂය බොහෝ උපේක්ෂාසහගත සිතුවිලි මෙම වර්ෂය පුරාම වර්ධනය වේ. සිතේ සාමකාමී ස්වභාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීමට ඔබට වාසනාව උදාවේ. නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකිවනවා සේම ඒවා සාර්ථක කරගනිමින් මානසික තෘප්තිය උදාකර ගැනීමට හැකියාව ලැබේ. දානාදී පින්කම් සිදුකර ගැනීමට වසර පුරාම අවස්ථාවන් සැලසේ. ගර්භාෂය ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ස්ත්‍රීන් ප්‍රවේශම් විය යුතු අතර, මුත්‍රා ආසාන ආදියෙන් පුරුෂ පාර්ශ්වය ප්‍රවේශම් විය යුතුය.

තුලා ලග්නය
නීති ප්‍රශ්නවලට තිත

තුලා ලග්නය හිමි ඔබට 2026 වර්ෂය නීතිමය ගැටලුවලට පිළියම් ලැබෙන වර්ෂයකි. ඒවාට තමා බලාපොරොත්තු වූ අන්දමේම තීන්දු තීරණ ලැබෙන වසරකි. වෙහෙස මහන්සිවී වැඩකටයුතු සිදුකළහොත් ඉදිරිපත් වන සෑම කටයුත්තකින්ම ජය ලැබීමේ හැකියාව වසර පුරා පවතී. කෙලෙස් සිතුවිලි තරමක් දුරට මනස තුළ ජනිත වුවත් ඒවා මැඬගෙන කටයුතු කිරීමට ඔබට හැකියාව පවතී.

වෘශ්චික ලග්නය
පර්යේෂණාත්මක වසරක්

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය ගැන සලකා බැලුවහොත් ආර්ථික ගැටලු නිරාකරණය කරගැනීමට ලැබෙන වසරකි. එසේම අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. නව පර්යේෂණාත්මක පැතිකඩයන්ට යොමුවනවා නම් ඒවාත් සාර්ථක කරගැනීමට හැකියාවක් පවතී. එසේම නෑදෑ හිතමිතුරන් සමග වැඩිපුර ගනුදෙනු කිරීමට සිදුවන වර්ෂයකි. ඒවාට අවස්ථාවන් උදාවේ. ආහාරපාන ආදිය විෂ වීමට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු ලග්නය
පවුලටම නව සාස්තරයක්

2026 නව වර්ෂය ධනු ලග්නය හිමියන්ගේ ගෘහ ජීවිතය තුළ යම් යම් වෙනස්කම් ඇතිවීමට ඉඩකඩ පවතී. පවුලට නව සාමාජිකයන් එක්වීමක් මෙන්ම සිටිය සාමාජිකයන්ගේ වෙන්වීමක් වැනි විශේෂ අවස්ථාවක් යෙදීමට පුළුවන. මෙය හුදෙක් වෙනස් වීමක් පමණි. එය ඔබගේ ජීවිතයට ආශීර්වාදයක් ගෙන දේ. සිත මධ්‍යස්ථව පවත්වා ගනිමින් සියල්ල සැලසුම් කරන්න. නිශ්චල මනස ඔබට නිවැරැදි මාවත් රැසක් විවර කරන වර්ෂයකි.

මකර ලග්නය
නිසැකවම විදෙස්ගත වීමට අවස්ථාවක්

ඔබත් උපන්නේ මකර ලග්නයෙන්ද? 2026 ඔබට තරමක රෝග පීඩා කරන අවුරුද්දක් වේවි. නමුත් නිසි සූදානම ඔබව ආරක්ෂා කරයි. ආගමික කටයුතු පුද පූජා ආදී වූ ප්‍රතිකර්ම සිදුකිරීම මගින් ඔබට සහනය සලසාගත හැකිය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට නිසැකවම එම ගමන්වලට අඩිතාලම වැටෙන වසරකි. කායිකව තරමක් පීඩා ගෙන දුන්නද ඔබගේ මනසට සතුට ගෙනෙන අවස්ථාවන් විනෝද ගමන් ආදිය බහුලවම යෙදෙන වසරකි. සිත සතුටින් ගතකරමින් කය සුවපත් කරගැනීමට වෙහෙස වන්න.

කුම්භ ලග්නය
බලාපොරොත්තු එකින් එක ඉටුවෙයි

කුම්භ ලග්නය හිමි පුද්ගලයන්ට මෙම 2026 වර්ෂය ඉතා සුබදායක වර්ෂයකි. ඔබගේ බලාපොරොත්තු එකින් එක ඉටුවන වර්ෂයකි. අධ්‍යාපනයට ආර්ථිකයට මෙන්ම සමාජ සබඳතාවලදී ඉතා යහපත්ය. නව ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමටත් ඒවා සාර්ථක කරගැනීමටත් හැකියාව ලැබේ. ප්‍රධානීන්ගෙන් සහාය ලැබෙන වර්ෂයකි. සිතේ සතුට මානසික සහනය ලැබෙන වසරකි. වැඩිහිටි පුද්ගලයන් නිසා තරමක මතභේදකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

මීන ලග්නය
විශේෂ ලාභ වසර පුරා

මීන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය පොළොව ආශ්‍රිතව කරන රැකියා ආදියෙන් විශේෂ ලාභ ලැබීමට හැකියාව පවතී. නොසිතූ ධන ලාභ ආදිය ලැබීමට මෙම වර්ෂය ඔබට වාසනාව උදාකරයි. කායික වෙහෙස අඩුවන වසරකි. වසර මැදභාගයේදී තරමක චිත්ත පීඩා මතුවීමට ඉඩකඩ පවතී. වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න. අන්‍යයන්ගේ අප්‍රසාදයට ලක්වීමට හේතු සාධක මතුවිය හැකිය.

මනෝලි බණ්ඩාර
(නාඩි ජ්‍යොතිෂවේදිනී)
077 9834889

SendShareShare
Previous Post

අඹතලේ බිඳ වැටේ! කොළඹ පැති කීපයකට හදිසියේ වතුර නැතිවෙයි! I Sri Lanka Latest News

Next Post

දඩබ්බර වැඩ කරන්න තමයි ආසා…! මම හෝම් වර්ක් හරියටම කරනවා…! නොකරපු චරිතයක් කියල දෙයක් නැහැ…! සමිත සුදීශ්වර I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.