අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.
ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ.
කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (3) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.










