• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සල්ලිකාරයෙක් වෙන්නමද හිත…

December 21, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
සල්ලිකාරයෙක් වෙන්නමද හිත…
Share on WhatsAppShare on Facebook

කේන්දරයක කොටු 12ක් තියෙන බව අපි දන්නවානේ. ඔය කොටු 12 හඳුන්වන්න එක එක නම් දීලා තියෙනවා. එයින් 9 වැනි කොටුව හඳුන් වන්න භාවිත කරන නම් තමයි ධර්මස්ථානය, පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය. නවවැනි කොටුවේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් නවවැන්න අධිපති කේන්දරයේ හොඳ නැකත සුබ ග්‍රහයන් සමග ඉන්නවා නම් එහෙමත් නැත්නම් නවය අධිපතිව සුබ ග්‍රහයන්ට පෙනෙනවා නම් එම කේන්දර හිමියා ඉහත ආත්මවලදී කරගත්ත පින් ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්.

කේන්දරයේ 10 වැනි කොටුවට අපි කියන්නේ අභිමානස්ථානය, කර්මස්ථානය කියලා. මෙතැනදී කර්මය කියන්නේ ක්‍රියාකාරකම්වලට. එනම් රැකියාව.

කර්මස්ථානයේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් කර්මස්ථානයේ අධිපති කේන්දරයේ හොඳ තැනක බලවත්ව ඉන්නවා නම් කර්මස්ථානය සුබ ග්‍රහයන්ට පෙනෙනවා නම් කේන්දර හිමියා හොඳ රැකියාවක් හෝ හොඳ ව්‍යාපාරයක් කරන බවයි පෙනී යන්නේ.

කිසියම් ජන්ම පත්‍රයක ධර්මස්ථානයේ අධිපතියාත් කර්මස්ථානයේ අධිපතියාත් යෝගව (එකම රාශියේ) සිටීම ධර්ම කර්මාධිපති රාජ යෝගයයි. ධර්මස්ථානයේ අධිපති සිටි තැනින් හත්වැන්නේ (සම සප්තමව) කර්මස්ථානයේ අධිපතියාගේ පිහිටීමෙන්ද ඉහත යෝගය නිර්මාණය වන අතර එය දෘෂ්ටිමය ධර්ම කර්මාධිපති යෝගය ලෙස හඳුන්වනවා.

තවද 9,10 අධිපතීන් පරිවර්තනය වීමෙන්ද (9 අධිපති 10 වැන්නේ සහ 10 අධිපති 9 වැන්නේ) ධර්ම කර්මාධිපති රාජ යෝගය නිර්මාණය වනවා. පහත සටහන ආධාරයෙන් ඔබගේ ලග්නයට අනුව 9 වැන්නේ (ධර්මස්ථානයේ) අධිපති සහ 10 වැන්නේ (කර්මස්ථානයේ) අධිපති හඳුනා ගන්න.

ඔබගේ ලග්නයට අනුව 9 වැන්න සහ 10 වැන්න අධිපතීන් දෙදෙනා එකම රාශියක සිටී නම් හෝ සම සප්තමව සිටී නම් හෝ පරිවර්තනය වී සිටී නම් ඔබද ධර්මකර්මාධිපති රාජ යෝගයෙන් පිදුම් ලබන වාසනාවන්තයෙකි.

ඔබගේ ලග්නය වෘෂභ නම් ඔබට 9 වැන්නාධිපති වන්නේත් 10 වැන්නාධිපති වන්නේත් ශනිමයි. එතකොට මෙම යෝගය නිර්මාණය වෙන්න විදියක් නැහැ. වෘෂභ ලග්නයට ධර්මකර්මාධිපති යෝගය යෙදෙන්නේ නැහැ.

මෙම යෝගය නොයෙදුණාට වෘෂභ ලග්න හිමියකුට තිබෙන පෙර පින් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර 10 වැන්නේ පිහිටි බලය අනුව රැකියාවෙන් උසස් තත්ත්වයකට යන්නත් පුළුවන්.

ධර්මකර්මාධිපති රාජ යෝගයකට කියන තවත් නමක් තමයි භාග්‍යරාජ්‍යාධිපති යෝගය. ජන්ම පත්‍රයක කේන්දර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක් එකතුවීමෙන් නිර්මාණය වන මෙම යෝගය පිහිටි තැනැත්තා ඉතා බලවත්, ධාර්මිකව ජීවත් වෙනවා. සිතට එකඟව කටයුතු කරන අතර කිසියම් පිරිසකට හෝ ප්‍රදේශයකට ප්‍රධානියකු බවට පත්වෙනවා.

සෙසු පිරිස අවවාද අනුශාසනා ලබාගන්නට නිතරම තමන් වෙත පැමිණෙනු දැකගත හැකියි. සියලු සැප සම්පත් ලබමින් ප්‍රසිද්ධ ජීවිත ගතකරන මොවුන් උත්පත්ති තත්ත්වයට වඩා බොහෝ ඉහළ තත්ත්වයකට යන බව පෙනීයන දෙයක්.

ජන්ම පත්‍රයක මෙම යෝගය නිර්මාණය කිරීමට හේතු වන ග්‍රහයන් දෙදෙනා අදාළ රාශි තුළ බලවත්ව පිහිටි විට යෝගයෙන් ලැබෙන ප්‍රතිඵලද බලවත් වෙනවා. පුද්ගලයාගේ දියුණුවට යහ පැවැත්මට පෙර පින් තිබිය යුතු බවද තමන් විසින් දැඩි උත්සාහයෙන් කටයුතු කර දියුණුව ළඟා කරගත යුතු බවද මෙම යෝගය අපට පෙන්වා දෙන ප්‍රධානතම කාරණයයි.

ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

රාවණ සීතා ගැන මෙතෙක් හෙළිනොවූ රහසක්…

Next Post

අනාගතය විවර කරන්න – OPPO සත්කාරකත්වය දක්වන “OPPO INNO DAY” …

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.