• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවණ සීතා ගැන මෙතෙක් හෙළිනොවූ රහසක්…

December 25, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
රාවණ සීතා ගැන මෙතෙක් හෙළිනොවූ රහසක්…
Share on WhatsAppShare on Facebook

ඉතිහාසය ගැන විමසද්දී බොහොමයක් කරුණු ජනප්‍රවාද ඇසුරේ හෙළිකෙරෙන කරුණුය. පොතපතේ සඳහන් දෙයට වඩා බොහෝ රසමුසු දේත්, වටිනා කියන දේත් රහසිගත දේත් ජනප්‍රවාද ඇසුරේ මුඛ පරම්පරාගතව පැවැත එන කරුණුවලින් හෙළි කරගත හැකිය. රාවණ ඉතිහාසයද එවැනි ජනප්‍රවාද සහ මුඛ පරම්පරාගත කරුණු ඇසුරේ පැවැතගෙන විත් අපට හිමිවූ සුවිශේෂ ඉතිහාස කතාවකි.

මෙරට අභිමානවත් යුගයක මතකයන් ජන හදවත් අතරට ගෙන එන රාවණ ඉතිහාසය කිසිදා කිසිවකට සමකළ නොහැකි විශිෂ්ට යුගයක් ලෙස සැලකෙයි. ලෝකයේ අභිමානවත් යුගයක් ලෙස සැලකෙන රාවණ ඉතිහාසය දෙස බලද්දී එකී ජනප්‍රවාද ඇසුරේ හෙළිවන කරුණු කාරණා අනුව පැහැදිලි වන ආකාරයට ලෝකයත් මුළුමහත් විශ්වයත් පාලනය කළ හැකි විස්මිත බලයක් රාවණ රජු සතුව තිබේ. හෙතෙම එදා දැනට වසර දහස් ගණනකට එපිටදී අහසින් ගමන් කළ යානයක් නිපදවූ ලොව ප්‍රථම පුද්ගලයා ලෙසද සැලකිල්ලට බඳුන්වේ. එමෙන්ම විශ්වය පාලනය කිරීමේ විස්මිත බලයෙන් අසීමිතව වැඩ ගත්තකු ලෙසද රාවණ රජුට හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි.

රාවණ රජු ගැන කතා කරද්දී නිතැතින්ම රාමා සීතාද මතකයට නැගෙනුයේ එකිනෙක බද්ධ වූ කාරණා අනුවය. ජනප්‍රවාද ඇසුරේ කෙසේ වුවද ඉන්දීය කෘතියක් වන රාමායනය අනුව ලංකාවේ රාවණ ඉන්දියාවේ රාමගේ බිරිය සීතාව බලෙන් පැහැරගෙන ආ බවට පැවසුණත් එය විවාදයට බඳුන් වන කරුණකි. මෙරට බොහෝ ජනප්‍රවාද පිළිබඳ සොයා බලද්දීත් හෙළිවන රහස් පොකුරකි. රාමායනයේ පැවැසෙන ආකාරයටත් හෙළ ජනප්‍රවාද ඇසුරේ හෙළිවන ආකාරයටත් රාවණ යනු අසීමිත බලයක් සහිත විශ්වය පවා පාලනය කළ රජ කෙනෙකි. එවැන්නකුට සීතා වැනි කාන්තාවක බලෙන් පැහැරගෙන පැමිණීමට තරම් අවශ්‍යතාවක් නැති බව පැහැදිලි වන සත්‍යයකි. එහෙයින් කාන්තාවක් තමාට අවශ්‍ය නිසාවත්, සීතාගේ රුවට වසඟ වීමෙන්වත් රාවණ සීතා පැහැරගෙන ආවා යන තර්කය බිඳවැටේ.

මේ කතාවේ තවත් සුවිශේෂ රහසක් සැඟව ඇති බව ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි. එනම් සීතා යනු රාවණගේ සහෝදරියක යන්නයි. එය සත්‍යයක් බවට ජනප්‍රවාද ගැන විමසීමේදී මනාව හඳුනාගත හැකි වෙයි.

විශ්‍ර වස්මුණි නම් රජුට දාව තෛසි බිසවකට දියණියක් ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ දියණියගේ උපන් වේලාව ගෙන ජන්ම පත්‍ර සකසා බලද්දී හෙළිව ඇත්තේ ඇය මෙරට වාසය කළහොත් සිය සහෝදර පරපුර වනසා රට තුළත් රාජ්‍යත්වයටත් විශාල හානියක් කරනවාය යන්නයි. මෙයින් මහත් කලබලයට සහ තැතිගැන්මට පත්වූ වස්මුණි රජු ඊට සුදුසු උපායක් සිතා මාළුවකුගේ හැඩයට ඔරුවක් සකසා සිඟිති කුමරිය එහි රඳවා ඔරුව ගොළු මුහුදේ පාකර හැර තිබේ. ඒ මොහොතේ කළ හැකි හොඳම කටයුත්ත එය යැයි සිතා එසේ කළද ඇය පාකර හැරි ඔරුම මුහුද මැදදී කුණාටුවකට හසුව ගංගා නම් ගඟට පාවී ගොස් තිබිණි.

ඒ මොහොතේ ගංගා නම් ගඟේ දිය නෑමට පැමිණ සිටි මාගින නම් බ්‍රාහ්මණ තාපසයා ඔරුව දැක සිඟිත්තිය ඉන් මුදාගෙන ගංගා නම් ගඟ අසබඩ රාජ්‍ය කළ ජනක රජුට මේ බව පැවැසීමට සිතා රජු සිටි තැනක් සොයාගෙන ගොස් තිබේ. ඒ මොහොතේ රජු සීසාන උත්සවයකට සම්බන්ධව සිටින බව දැන එම ස්ථානයට ගොස් බිලිඳිය භාරදී තිබේ. කුඩා බිලිඳියගේ ළමැදේ සටහන් කර තිබූ පුලස්ති පරපුරේ ලාංඡනය දුටු ජනක රජු කැමැත්තෙන්ම බිලිඳිය භාරගත් බවද ජනප්‍රවාද ඇසුරේ සඳහන් වේ.

සීසාන විට හමුවූ දියණිය සීතා ලෙස නම් කළ බවත් සඳහන් වන අතර ඇයට නඟුලිය නම් අන්වර්ථ නාමයක් ඇති බවටද පැවසෙයි.

ඉතිහාස කතාව එසේ වෙද්දී පසු කලෙක රාවණ රජුද තම නැගණිය වූ සීතා ගැන තොරතුරු මනාව දැනගෙන තිබේ. ඒ අනුව නිතර සිය නැගණිය ගැන අවධානයෙන් සිටි රාවණ, ඇයට ඇතිවූ ගැටලුසහගත තැනකදී ඇය මුදාගැනීමේ අරමුණෙන් සීතාව පැහැරගෙන ආ බවයි පැවසෙන්නේ. සිදුවීම කෙසේ වුවද මෙහිදී වඩාත් අවධානයට යොමු විය යුතු ප්‍රධානම කරුණ වන්නේ සීතා යනු පුලස්ති පරපුරේ රාජකීය උරුමය සහිත දැරිය යන්නයි.

එමෙන්ම මේ පුලස්ති පරපුරේ රාජධානිය සිංහගිරිය හෙවත් සීගිරිය බවටද බොහෝ ජනප්‍රවාද ඇසුරේ හෙළිවන අතර රාවණ සීතා පුවත ආවාට ගියාට මතුපිටින් නොවිමසා ගැඹුරින් සිතා බැලිය යුතු පුවතක් බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සම්පත් බැංකුව සිය වර්ධනීය ගමන්මඟෙහි අඛණ්ඩව ඉදිරියට…

Next Post

සල්ලිකාරයෙක් වෙන්නමද හිත…

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.