OPPO විසින් වාර්ෂිකව පවත්වනු ලබන OPPO INNO DAY, 2021 දෙසැම්බර් 14-15 දිනවල චීනයේ Shenzhenහි පවත්වන බව නිවේදනය කළේය. උපායමාර්ග නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට සහ තාක්ෂණික ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීමට, OPPO හි සුවිශේෂී වාර්ෂික තාක්ෂණික ඉසව්ව ලෙස, OPPO INNO DAY 2021 උත්සවයට අමතරව එහි ජාලගත ඉසව්ව වන OPPO INNO WORLD හරහා ලොව පුරා සහභාගිවන්නන් විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමටද අපේක්ෂා කෙරේ. මෙම ජාලගත ඉසව්ව මෑත කාලයේ සහභාගි වන්නන් තදින්ම ඇද බැඳ තබාගත් අන්තර්ජාලගත හඳුන්වාදීමේ ඉසව්වක් ලෙස වාර්තා වෙයි.
2019 වසරේ OPPO INNO DAY ආරම්භ වූ දා සිට, මෙම සිදුවීම සමාගමේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතම අංගය ලෙස සැලකේ. සමාරම්භක OPPO INNO DAY 2019 හිදී, OPPO විසින් AR Glasses, 5G CPE සහ smartwatch ඇතුළු අති නවීන තාක්ෂණයන්හි ඒකාබද්ධ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලදී. පසුගිය වසරේ, OPPO විසින් විප්ලවීය හැකිලීමට හැකි දුරකතනයක් ඇතුළුව සංකල්පීය නිෂ්පාදන තුනක් ප්‍රදර්ශනය කරන ලදී. 2021 සඳහා, OPPO විසින් ආරම්භක උත්සවය සහ ප්‍රදර්ශන ඩිජිටල්කරණය කරමින්, සාම්ප්‍රදායික සිදුවීම virtual අත්දැකීම් සහිත විනෝදාත්මක සහ සහභාගි වන්නන් ඇද බැඳ තබාගන්නා උත්සවයක් බවට පරිවර්තනය කරයි.