එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, මේ වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.46ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2.39%ක ඉහළ යාමකි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ඉහළ යාම 2.62%කි.
මර්බන් බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 81.32ක් ලෙස සටහන් වී ඇති අතර, එය 4.62%ක ඉහළ යාමකි.
මැදපෙරදිග කලාපයේ පවතින නවතම යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවිය හැකි බවට පවතින අවදානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
එමෙන්ම අඛණ්ඩව යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ යනු ඇතැයි ගෝලීය ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීමක්ද කර තිබේ.










