• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඕනෑම වැඩක හොඳ ප්‍රතිඵලයකට සුබම හෝරාවක්…

February 12, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඕනෑම වැඩක හොඳ ප්‍රතිඵලයකට සුබම හෝරාවක්…
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනෙක් වැඩක් කරද්දී එහි හොඳ සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කරනවා. එහෙත් නරක අසුබ වෙලාවක වැඩක් ආරම්භ කළොත් එහි හොඳ ප්‍රතිඵලයක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. එනිසා සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වන ඕනෑම වැඩක් සුබ හෝරාවක ආරම්භ කිරීමයි ඉතාමත් යෝග්‍ය වන්නේ.

රවි හෝරාව
රවි උච්චව හෝ ස්වක්ෂේත්‍රව ගමන් කරන මොහොතක සහ කැති, උත්‍රපල්, උත්‍රපල යන නැකැත් යෙදී ඇති දිනෙක ප්‍රභූන් දැකීම සඳහා යෑම ඉතා යහපත් වේ. ශල්‍යකර්ම කිරීම ආදී කටයුතු සඳහද මෙම හෝරාව ඉතා යෝග්‍ය වේ.

මැති ඇමැතිවරුන්ගෙන් උසස් නිලධාරීන්ගෙන් මෙන්ම තම පියාගෙන්ද උදව් උපකාර ලබාගැනීම සඳහා මෙම රවි හෝරාව යහපත් වේ.

එමෙන්ම තම නිවාස, ඉඩකඩම් විකිණීමට හෝ කුලියට දීමටද සුදුසු හෝරාවකි. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කිරීමටද යහපත් වේ. විවිධ වූ ග්‍රහ අපලයන් දුරු කරගැනීම සඳහා ශාන්තිකර්ම සිදුකිරීමටද රවි හෝරාව යහපත් වේ.

සඳු හෝරාව
සඳු උච්චව හෝ ස්වක්ෂේත්‍රව රෙහෙණ, හත, සුවන යන නැකැත්වල ගමන් කිරීමේදී ශුභ කටයුතු කිරීම සඳහා යෝග්‍ය වේ.

මෙම හෝරාව තුළදී නපුරු, හිතුවක්කාරී සිතක් ඇති පුද්ගලයන් හමුවීමෙන් ඔවුන්ව මෙල්ල කරගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම කාන්තාවන්ගෙන් උදව් උපකාර ලබාගැනීමටද මෙම හෝරාව යොදාගත යුතුය. මවු පාර්ශ්වයෙන් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට, ඔවුන්ගෙන් උරුම විය යුතු දේපළ ආදිය ලබාගැනීමටද මෙම හෝරාව වැදගත් වේ. එමෙන්ම භූමිතෙල්, පෙට්‍රල් වැනි දේ අලෙවි කිරීමටත් පලා වර්ග, පලතුරු වර්ග, බීම වර්ග මෙන්ම රස කැවිලි අලෙවිය සඳහාත් මෙම කාල හෝරාව යොදාගනී. විදේශ ගමන් යෑම සඳහාද මෙම හෝරාව ඉතා යෝග්‍යය.

කුජ හෝරාව
මුවසිරස, සිත, දෙනට යන නැකැත් උදාවී ඇති කුජ දිනෙක සටන්වැදීම, ගල්බෝර දැමීම වැනි කටයුතු සඳහා ඉතා යෝග්‍ය වේ. තත්කාල කේන්ද්‍රයෙහි කුජ 10 වැන්නෙහි පිහිටා ඇත්නම් මෙම කුජ හෝරාව වඩා ප්‍රබල වේ. නඩුහබවලින් ඉතා පහසුවෙන් ජය අත්කර ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට, පොළොව කෙටීම වැනි කටයුතු කුජ හෝරාවෙන් සිදුකරයි.

කුජ හෝරාව පවතින අවස්ථාවලදී රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීමද, රතු පැහැති වස්ත්‍රාභරණ මිලදීගැනීමටද සුදුසු වේ. එමෙන්ම අලුතින් කම්හල්වල සේවයට බැඳීමටද, සිවිල් ආරක්ෂක, යුද හමුදා හා පොලිසි යන සේවාවන්ට ඇතුළත් වීමටද මෙම හෝරාව යොදාගනී. කාර්මික අංශයේ වැඩකටයුතු කිරීමටද මෙම අවස්ථාව යෝග්‍ය වේ.

බුධ හෝරාව
අස්ලිය, දෙට, රේවතී යන නැකැතක් උදාවී ඇති දිනයක යෙදී ඇති බුධ හෝරාව තුළ කළ හැකි සුබ කටයුතු බොහොමයක් ඇත. බදාදා දිනයේ බුධ හෝරාවෙන් දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා ඉතා යෝග්‍ය වෙයි. යතුරු ලේඛන, පරිගණක ක්‍රියාකරවන්නන්, ගුරුවරු ලෙස වැඩ භාරගැනීමට මෙම හෝරාව යොදාගනියි. ලිපි ලේඛන ආශ්‍රිත රැකියා සඳහා පිටව යෑමත්, මුද්‍රණ වැනි කටයුතු ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමටත් සුදුසු වේ. වැඩිපුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් පිටරට යෑමටත් මෙම හෝරාව ශුභ වේ. කවි, ගාථා වැනි දේ පාඩම් කිරීම සඳහා බුධ හෝරාව යොදාගත යුතුය. එවිට එම ගාථා, කවි ඉතා හොඳින් තම මතකයේ රැඳෙනු ඇත. කලා කටයුතු ආරම්භ කිරීම සඳහා සිකුරාදා දිනෙක බුධ හෝරාව යෙදී ඇති විට යොදාගැනීම යහපත් වේ. එසේම කෙනකුව කපටිකමෙන් වංචාවෙන් තමාගේ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා යොදාගැනීමට සෙනසුරාදා දිනයක බුධ හෝරාව ඇති වේලාවක් සුදුසු වේ.

ගුරු හෝරාව
ගුරු දිනයක පුනාවස, පුවපුටුප, විසා නැකැත් යෙදී ඇති විටකදී ගුරු හෝරාව ඉතා ප්‍රබල වේ. තමාගේ මුදල් ගනුදෙනු සඳහා බැංකු වෙත යෑමටත්, නව ගිණුම් ඇරැඹීමටත් මෙම හෝරාව ඉතා යහපත් වේ. ජ්‍යොතිෂය වැනි ගුප්ත විද්‍යාවන් හැදෑරීමටද, අධ්‍යාපන කටයුතු සාර්ථකව ආරම්භ කිරීමටද මෙම හෝරාව යහපත් වේ. තමා අකැමැති යම් සංවිධාන වෙනුවෙන් විරෝධතා පෑමට, රන් රිදී සම්බන්ධව කටයුතු කිරීමටද ආදායම් බදු නිලධාරීන් හමුවීමට යෑමටද මෙය ඉතා යෝග්‍ය වේ.

සිකුරු හෝරාව
බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් උදාවී එම දිනයක් සිකුරාදා දිනයක් වීම සිකුරු හෝරාව බලවත් වීමට හේතු වේ. මනාලයන්, මනාලියන් බැලීමට යෑමට, විවාහ වන දිනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙන්ම පෙම්වතුන් පෙම්වතියන් මුණගැසීමට යෑමටද මෙම හෝරාව ශුභ වේ. තම රූ සපුව අලංකාර කරගැනීම සඳහා ඖෂධ භාවිත කළ යුත්තේ සිකුරු හෝරාවෙන්ය. මෙම හෝරාව තුළ පෙම්පත් ලිවීම ආරම්භ කිරීමෙන් සුන්දර අදහස් සිත තුළට ගලා එනු ඇත. අලුත් වාහනයක් මිලදී ගැනීමට, ගොවිතැන් වැඩ ඇරැඹීමට මෙන්ම සත්ව ගොවිපළ ඇතිකිරීමටද මෙම හෝරාව යහපත් වේ.

එමෙන්ම නව රැකියා සඳහා පිටත්ව යෑමට බ්‍රහස්පතින්දා දිනෙක සිකුරු හෝරාව සුදුසු වේ.

ශනි හෝරාව
පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් සෙනසුරාදා දිනයක උදාවී තිබීමෙන්ද, ශනි හෝරාව ප්‍රබල වේ. මෙම හෝරාව තුළදී කිරීමට සුදුසු කාර්යයන් ලෙස සැලකෙන්නේ පැවැදි කිරීම, භාවනාවල යෙදීම මෙන්ම සිල් සමාදන් වීම ආදියයි. හිතුවක්කාරී පුද්ගලයන් දමනය කිරීමටද, තමාට කරදර හිරිහැර කරන සැමියා, බිරියගෙන් වෙන්වීමටද මෙම හෝරාව සුදුසු වේ. හම් පදම් කිරීම වැනි කටයුතු සඳහාද ශුභ වේ. සෙනසුරාදා ශනි හෝරාවෙන් ශුභ ඵල අත්කර ගැනීම සඳහා කළ හැකි කාර්යයන් කිහිපයක් ඇත. එනම්, එළඟිතෙල් මුසු කිරිබත් කපුටන්ට දීම, දුගී මගී අසරණයන්ට දන්දීම වැනි දේවල්ය. මෙම හෝරාව තුළ වැදගත් වැඩකටයුතු සිදුකර ගැනීම සඳහා නිවෙසින් පිටත්ව යෑම සුදුසු නොවේ.

ජ්‍යොතිෂවේදී ටී.බණ්ඩාර

SendShareShare
Previous Post

ලංකාව බෙදාගන්න පිටරට්ටු යුද්ධ කරපු හැටි…

Next Post

පෙබරවාරි මාසයට ලග්න වාසනාවෙන් සුපිරි ධනයෝගයක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.