• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබත් විෂ කන්‍යාවක්ද?

February 5, 2022
in Astrology, Kendaraya
Reading Time: 7 mins read
A A
ඔබත් විෂ කන්‍යාවක්ද?
Share on WhatsAppShare on Facebook

බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගනිමින් එක්වන යුවලක් මුළු දිවිය පුරාම සතුටින් සමගියෙන් මෙන්ම උතුරාගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි. නමුත් විවාහ වන බොහෝ දෙනකුට එම සිහිනය සිහිනයක්ම වනු දැකිය හැකිය. දෙදෙනකු විවාහ වීමට යෑමේදී දෙදෙනාගේ පොරොන්දම් පමණක් පරීක්ෂා කර ප්‍රතිශතය කීමට බොහෝ අය පුරුදුව සිටිති. නමුත් දෙදෙනාගේ පොරොන්දම් 100%ක් ගැළපුණද විවාහය සිදු නොකළ යුතුය. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණියගේ හා තරුණයාගේ නිවැරැදි උපන් වේලාවට සෑදූ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් එකිනෙකාට ගැළපේදැයි ද පරීක්ෂා කළ යුතුය. එසේ පරීක්ෂා කළ යුතු ග්‍රහ පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒවා විවාහ දෝෂ ලෙසද හඳුන්වයි. එසේ පරීක්ෂා කරන විවාහ දෝෂ ගණනාවකි. ඒවා අතර කුජ-ශුක්‍ර යෝගය වැනි සරාගී යෝග වඳ යෝග, කළු කුමාර දෝෂය, පිළිසිඳ ගැනීමේ දෝෂ, තුන්කුලුඳුල් දෝෂය, කුජ දෝෂය, කඩහංදි දෝෂය, නාශාංශක දෝෂය, බහු විවාහ යෝග, වැන්දඹු දෝෂය, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය ආදිය ප්‍රධාන තැනක් ගනී.

මෙම දෝෂ අතරින් ඉතා දරුණුම දෝෂය ලෙස විෂ කන්‍යා දෝෂය හඳුන්වා දිය හැකිය. මෙය ඉතා අශුභ යෝගයකි. මෙම යෝගයේ විශේෂත්වය වනුයේ කාන්තා පාර්ශ්වයට පමණක් පිහිටීමයි. මෙම විෂ කන්‍යා යෝගය පමණක් නොව අපගේ ජන්ම පත්‍රය තුළ පිහිටා ඇති ශුභ යෝග හා අශුභ යෝග යන දෙකම පෙර සසර තුළ සිදුකළ පින් හා පව්වල ප්‍රතිඵලයන්ය. විෂ කන්‍යා යෝග පිහිටි කාන්තාවන් පෙර සසරේදී විවාහ වන යුවතිපතීන්ට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, එම විවාහයන්ට අකුල් හෙළීම, විවාහක ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට විවාහය හේතු කොට ගෙන තාඩන පීඩන මානසික හෝ කායිකව එල්ල කිරීම, විවාහ කඩාකප්පල් කිරීම, අඹුසැමියන් කේළාම් කියා විරසක කිරීම, අඹුසැමියන් වෙන් කිරීම, විවාහ සැපතට බාධා කිරීම ආදිය සිදුකර ඇත.

විෂ කන්‍යා යෝගය ජන්ම පත්‍රයක් තුළ විවිධ ආකාරයට පිහිටයි. එම පිහිටීම් මෙසේය.

රවි 5 වැන්නේ වී කුජ නීච වීම.

7 වැන්න, 8 වැන්න, 12 වැන්න යන රාශිවලින් එකක් මේෂ හෝ වෘශ්චික වී එහි කුජ සිටීම.

8 අධිපතියා පාපියකු වී නවයේ සිටීම.

ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවීම.

ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි සිටීම.

ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනකු පිහිටීම.

ඉරිදා දින 12 වැනි තිථිය හා අස්ලිය හෝ සියාවස නැකැතක වීම.

ලග්නයේ පාපියකු සිට සුබ ග්‍රහයන් සතුරු රාශිගත වීම.

ජන්ම නැකැත විසා නැකැත වී 2,7 තිථිය ලත් කුජ දිනක් වීම.

සෙනසුරාදා දිනෙක 2 වැනි තිථිය හා අස්ලිය නැකැතකින් ඉපදීම.

පසළොස්වක දිනෙක යෙදී ඇති ඉරිදා දිනෙක අස්ලිය, කැති, සියාවස නැකැතකින් ඉපදීම.

දෙවැනි තිථිය ඇති අඟහරුවාදා දවසක සියාවස නැකැතකින් ඉපදීම.

ශනි 1, රවි 5, කුජ 9 සිටීම.

සිංහ ලග්නය වී ශනි 1, රවි, කේතු 6 සිටීම.

ලග්නය සිංහ වී කුජ-රාහු 1 හා රවි-ශනි 10 සිටීම.

මේෂ ලග්නය වී කුජ 1, රවි-රාහු 6 සිටීම.

මේෂ ලග්නය වී ශනි 1, කුජ-කේතු 6 සිටීම.

මේෂ ලග්නය වී රාහු 1, කුජ-ශනි 6 සිටීම.

ස්ත්‍රියකගේ ජන්ම පත්‍රය තුළ මෙවැනි ග්‍රහ පිහිටීමක් සඳහන් වේ නම් ඇය විෂ කන්‍යා යෝගයකින් උපන් තැනැත්තියකි. මෙවැනි විෂ කන්‍යාවක් සමග විවාහ වන පුරුෂයාට බොහෝ විපත් ගෙන දෙන බව පූර්වාචාරීන්ගේ මතයයි. මෙවැනි විෂ කන්‍යා යෝගයකින් උපන් කාන්තාවක් හා විවාහ වන පුරුෂයා අකාලයේ මියයන බවද, එම පුරුෂයා දිනෙන් දින දිළිඳු වන බවද, බෙලහීනතාවට හෝ අකර්මණ්‍ය වන බවද ඍෂි මතයයි. මීට අමතරව මෙවැනි විෂ කන්‍යාවකට කිසිසේත්ම සාර්ථක විවාහ ජීවිතයක් නැත. පළමු සැමියා මියගිය පසු මොවුන් දෙවැනි විවාහයක්ද, එම සැමියාද මියගිය පසු තෙවැනි විවාහයක්ද කරගනී. එම සැමියාටද විෂ කන්‍යාවේ අශුභ ඵල ලැබී විපත් ඇතිවීම වැළැක්විය නොහැකිය.

විෂ කන්‍යා යෝගය හිමි කාන්තාවගේ විවාහක සැමියාට විපත් වනවා මෙන්ම ඇයටද බොහෝ දුර්විපාක විෂ කන්‍යාව හේතු කරගනිමින් විඳින්නට සිදුවේ. ඒ අතර මානසික අසහනය, අවිවේකී බව, කරදර නිතර ඇතිවීම, ලැබුණු සැපයද භුක්ති විඳීමට නොහැකි වීම, නිතර සැමියාගේ පහර කෑමට ලක්වීම, සැමියාගේ පිළිකුලට මෙන්ම අපහාසයට ලක්වීම, දරුවන් මියයෑම හෝ දරුවන් නොමැති වීම ආදිය ප්‍රධාන තැනක් ගනී.

විවාහ ජීවිතය අපායක් කරන මෙම නපුරු දරුණු විෂ කන්‍යා යෝගය යම් ජන්ම පත්‍රයක පිහිටයිද එම යෝගය භංග වේ නම් අශුභ ඵල කිසිවක් නොලැබෙනු ඇත. විෂ කන්‍යා යෝගය භංග වන පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ.

ඒවා මෙසේය.
හත්වැන්නාධිපතියා හත්වැන්නේම සිටීම.

ලග්නයේ ගුරු, සිකුරු වැනි සුබ ග්‍රහයකු සුබ ආකාරයට සිටීම. (උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර)
චන්ද්‍රයා සමග සුබ ග්‍රහයකු සිටීම.

ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රබලව සිටීම.

හත්වැන්නාධිපති ලග්නයේ සුබ ආකාරව සිටීම.

හත අධිපති සඳු සමග හෝ සුබ ග්‍රහයන් සමග සුබ ආකාරයට සිටීම.

මෙම ක්‍රම එකකින් හෝ විෂ කන්‍යා යෝගය භංග වේ නම් ඇය විෂ කන්‍යාවක් නොවේ. ඇයට විවාහ වී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගතකළ හැකිය. එබැවින් විෂ කන්‍යා යෝගයක් ඇති කේන්දරයක් දුටු පමණින් පලාපල නොපවසා හොඳින් විමර්ශනය කර භංග වේදැයි බැලිය යුතුය. විෂ කන්‍යා යෝගය භංග වන තරුණියකට විෂ කන්‍යාවක් යැයි පැවසීම ඇගේ අනාගතය අඳුරු කරන්නකි. එය මහත් අකුසල කර්මයකි. විෂ කන්‍යා යෝගය වැනි තීරණාත්මක විවාහ දෝෂ පිළිබඳ හොඳින් පරීක්ෂා කර බලා පලාපල පැවසිය යුතු බව තරයේ මතක තබාගත යුතුය.

ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

අනුන්ගේ ඉඩමක් බලන්න ගිය විජිතට ගල් ගහන්න ලෑස්ති වෙයි! (VIDEO)

Next Post

එලිසබෙත් රැජිනත් ලංකාවේ පාර්ලිමේන්තුවට ආපු ණය බරක් නොදැනුණු දෙවැනි ආණ්ඩුවේ කතාව…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.