• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එලිසබෙත් රැජිනත් ලංකාවේ පාර්ලිමේන්තුවට ආපු ණය බරක් නොදැනුණු දෙවැනි ආණ්ඩුවේ කතාව…

February 5, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
එලිසබෙත් රැජිනත් ලංකාවේ පාර්ලිමේන්තුවට ආපු ණය බරක් නොදැනුණු දෙවැනි ආණ්ඩුවේ කතාව…
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් හිස්වූ අගමැති ධුරයට කවුරුන් පත්කර ගත යුතුද යන්න අරබයා එකල මතභේදයක් ඇතිවිය. සභානායක වූද, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වූද සර් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත් කරගත යුතු යැයි සමහරුන් සම්ප්‍රදායානුකූලව අදහස් කළ අතර අභාවප්‍රාප්ත අගමැතිතුමාගේ වැඩිමහලු පුත්‍ර ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත්කරගන්නා ලදී. ඉක්මනින් මේ භේදය සංසිඳුවා ගැනීමට හැකි වූයෙන් සර් ජෝන් කොතලාවල මහතා ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට්ටුවේ සිටීමට කැමැති වූයේය. තම පියාගේ මරණයට ඉක්බිති බලය අතට ගත් නව අගමැතිවරයා නව මැතිවරණයකට මුහුණපෑමට යෝග්‍ය බව අදහස් කළෙන් අප්‍රේල් 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර 1952 මැයි මාසයේ ඡන්දය විමසන ලදී.

දෙවැනි මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට විරුද්ධව නැගී සිටියේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ස්ව භාෂාව, බුද්ධාගම හා ආයුර්වේදය යන මේවා වැඩිදියුණුවට පත්කිරීමේ ත්‍රිවිධ පරමාර්ථය මේ පක්ෂයේ පරමාර්ථය විය. එහෙත් සම සමාජ – කොමියුනිස්ට් ආදී විප්ලවවාදී වාමාංශික පක්ෂ හා ත්‍රිපාක්ෂික තරග ඇතිවූයෙන් එක්සත් ජාතික පක්ෂයට සුළු වැඩි ඡන්දයකින් බොහෝ ආසන දිනාගත හැකිවිය. එම පක්ෂයට එදා ලංකාවේ පැවැති පුවත්පත්වල සම්පූර්ණ සහායද ලැබුණු අතර අනෙක් පක්ෂවලට ළැදි පුවත්පත් නොතිබීමද එදා විශේෂ සිද්ධියක් විය. ප්‍රතිඵලය වූයේ කොමියුනිස්ට් සහ සම සමාජ පක්ෂවලද මන්ත්‍රීවරුන් ගණන අඩුවී යෑමය.

ආණ්ඩු පක්ෂයේ වාසියට හේතු වූ තවත් සිද්ධියක් නම් ඉන්දියානුවන්ගේ ඡන්ද බලය නැතිවී යාමය. වර්ෂ 1949දී සම්මත කරන ලද ලංකා රටවැසි පනත අනුව මෙරට වැසියකු වශයෙන් ලියාපදිංචි නොවූ කිසිවකුට ඡන්ද බලය හිමි නොවූයේය. මේ සඳහා පළමු කොට මෙරට රටවැසියන් හැටියට ලියාපදිචියක් ලබාගැනීම අවශ්‍ය විය. එහෙත් රටවැසියකු වශයෙන් ලියාපදිංචි කිරීමට පළමු බොහෝ කරුණු සෝදිසි කර බැලීම අවශ්‍ය වූ බැවින් ඉක්මනින් රටවැසි බව ලබාගැනීම නුපුළුවන් විය. තවද රටවැසි බව ලබාගැන්ම ලංකා ඉන්දියානු සංගමයේ උපදෙස් පිට මෙහි වෙසෙන ඉන්දියානුවන් වර්ජනය කරන ලදී. එනිසා ලියාපදිංචි වූවෝ ඉතා ටිකකි. මුලදී ඉන්දියානුවන් පත්කරගන්නා ලද ආසන 7ක්ම මෙවර එක්සත් ජාතික පක්ෂය සතු විය.

මැතිවරණ අවසානයෙහි එක්සත් ජාතික පක්ෂය පළමු වරට වඩා දෙවැනි වාරයෙහි බෙහෙවින් බලසම්පන්න විය. ඒ ඒ පක්ෂවලට අයත් වූ ආසන ගණන මෙසේයි.

ආණ්ඩුවට පක්ෂ

එක්සත් ජාතික පක්ෂය 54
කම්කරු පක්ෂය 1
ද්‍රවිඩ සංගමය 4
ස්වාධීන 9
පත්කරන ලද 6
එකතුව 74

විරෝධකය
නව ලංකා සම සමාජ පක්ෂය 9
ශ්‍රී ලකා නිදහස් පක්ෂය 9
කොමියුනිස්ට් පක්ෂය 3
ලංකා සම සමාජ පක්ෂය (විප්ලව) 1
සමූහාණ්ඩුව පක්ෂය 1
ස්වාධීන 3
එකතුව 26

දෙවැනි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය කොපමණ දුරට බලසම්පන්නවීද යනු මෙයින් පෙනී යයි.
ඩඩ්ලි සේනානායක මහතා තම කැබිනට්ටුවේ සුළු සංශෝධනයක් ඇතිකොට, තම පියා අනුගමනය කළ වැඩපිළිවෙළද, ප්‍රතිපත්තිද එසේම කරගෙන යෑමට මහන්සි ගත්තේය. එහෙත් ඒ වන තුරු රටේ පැවැති සමෘද්ධිය දවසින් දවස හීන වන්නට විය. පිට රට යවනු ලබන ලංකාවේ වෙළෙඳ ද්‍රව්‍යවල මිල ගණන් පහත බැස්ස අතර පිට රටින් ගෙන්වාගත යුතු ද්‍රව්‍යවල මිල ඉහළ නගින්නට විය. මේ හේතුවෙන් බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපෑමට අලුත් ආණ්ඩුවට සිදුවූයේය.

මීට පිලියමක් ලෙස පිට රටින් ගෙන්වන ලද සහල් වෙනුවෙන් ආණ්ඩුව ගෙවූ සහන මුදල කපාහැරීමට තීරණය කරන ලද්දේය. මෙහි ප්‍රතිඵලය වූයේ ඔහු ශත 25 බැගින් සදාකල්හි දෙන්නට පොරොන්දු වූ හාල් සේරුව වෙනුවෙන් මෙවිට ශත 70ක් ගෙවන්නට වීමයි. මේ ගැන රට මුළුල්ලේ බලවත් කැලඹීමක් හටගත්තේය. ආණ්ඩුවේ මේ ක්‍රියාව ගැන විරෝධය දැක්වීම් වශයෙන් සියලු විරුද්ධ පක්ෂවල මෙහෙයවීමෙන් 1953 අගෝස්තු 12 වැනි දින දිවයින මුළුල්ලේ හර්තාලයක් පවත්වන ලදී, මේ හර්තාලය බලාපොරොත්තු වූ පරිදි සන්සුන් වැඩ නතර කිරීමක් නොවූයේය. දුම්රිය මාර්ග අවහිර, විදුලිය කම්බි කැපීම, රථ වාහන ගමනයට අවහිර කිරීම ආදී සාහසික ක්‍රියා රටේ කිහිප තැනකම සිදුවිය. මේ දාමරිකකම් මැඬලීම සඳහා දිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට සාමය රැකීමට යුද හමුදාව කැඳවනු ලැබීය. වෙඩිතැබීම නිසා කිහිප දෙනකුගේ මරණද සිදුවූයේය. ඉක්බිති සහල් මිල ශත 50ට පහළ බැස්සේය.

මේ කැලඹීම්වලින් පසුව ටික දිනක් නිවාඩු ගෙන සිටි අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1953 ඔක්තෝබර් 12 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එම පදවියට සර් ජෝන් කොතලාවල මහතා පත්කරනු ලැබීය. කොතලාවල මහතා තම කැබිනට්ටුවේ ඇමැති පදවි කිහිපයක් වෙනස් කොට අභිනව පාලනයක් ආරම්භ කළේය.

කොතලාවල මහතාගේ ආණ්ඩුව ආරම්භ කොට නොබෝ කලකින් ඉතා වැදගත් දේශපාලන සිද්ධි සතරක් සිදුවිය. මින් පළමු වැන්න නම් බි්‍රතාන්‍ය මහ රැජින වූද, පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව වූද බි්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින සිය වල්ලභ කුමාරයා කැටිව ලංකාවට පැමිණීමයි. 1954 අප්‍රේල් මස මුලදී ලංකාවට පැමිණි මේ රජ යුවළ දස දිනක්ම මෙහි ගතකොට රටවාසීන්ගේ බලවත් ගෞරවාදරයට පාත්‍ර වූහ. එලිසබෙත් රැජින නිදහස් මන්දිරයෙහිදී ලංකා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමද මේ අවස්ථාවේදී සිදුකරන ලදී.

එතෙක් කල් ආසියාවේ කුඩා රටක් වශයෙන් සිටි ලංකාව ජාත්‍යන්තර කටයුතුවලින් මුල් තැනක් ගෙන අග්නිදිග ආසියාවේ රටවල් සතරක අගමැතිවරුන් ලංකාවට කැඳවා සාකච්ඡා සභාවක් පැවැත්වීම දෙවැනි වැදගත් සිදුවීමයි. ලංකා අගමැති කොතලාවල මහතාගේ ආරාධනය පිට මෙහි පැමිණි ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු, බුරුම අගමැති ඌ නූ, පාකිස්තාන අගමැති මොහොමඩ් අලි හා ඉන්දුනීසියානු අගමැති ශාස්ත්‍රමිජය යන මහත්වරු කොළඹ අන්තර්ජාතික සාකච්ඡාවකට පැමිණ අන්‍යොන්‍ය ආරක්ෂාව හා අභිවෘද්ධිය සඳහා අග්නිදිග ආසියානු රාජ්‍ය මණ්ඩලයක් පිහිටුවා ගැනීමට තීරණය කරගත්හ. මේ පස් මහා ජාතීහු ‘කොළඹ බලවතුන්’ හැටියට හඳුන්වනු ලබති. මේ සිද්ධිය නිසා ජාත්‍යන්තර කටයුතු අතින් ලංකාවට විශේෂ ස්ථානයක් හිමි විය.

1954 ජූලි මාසයේහි ප්‍රථමවරට ලාංකිකයකු අග්‍රාණ්ඩුකාර ධුරයට පත්වීමද විශේෂ සිදුවීමකි. පළමුකොට උසස් රාජ්‍ය නිලධාරියකු වශයෙන්ද, දෙවැනිව මහකොමසාරිස්වරයකු හා අගමැතිවරයකු වශයෙන්ද මේ රටට දීර්ඝ සේවයක් කළ සර් ඔලිවර් ගුණතිලක මහතා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට පත්කරනු ලැබීය.

1948 ලංකාව නිදහස ලැබූ තැන් සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකත්වය ඉසිලීමට ලංකාවට සුදුසු වූ නමුදු බලසම්පන්න ජාතීන්ගේ අන්‍යොන්‍ය විරෝධය නිසා එයට බාධා සිදුවිය. රුසියාව මෙහි සාමාජිකත්වය සඳහා යෝජනා කරනු ලැබූ තම හිතවත් රාජ්‍ය සමූහයක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය විසින් නිෂේධ කරනු ලැබීම නිසා ලංකාව ඇතුළු තවත් රාජ්‍ය සමූහයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැද්ද ගැනීම රුසියාව විසින් වළක්වනු ලද්දේය. මෙසේ බලවත් ජාතීන්ගේ දාදු ක්‍රීඩාවක ඉත්තකු බවට පත්වූ ලංකාව 1955 අවසාන භාගය වන තුරුම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිටමං කරනු ලැබ සිටියේය. එහෙත් කොමියුනිස්ට් රටක් හා ලංකාවද එකවර ඇතුළු කරගැනුමට රුසියාව කැමැති වූයෙන් ලංකාවටද සාමාජිකත්වය ලැබිය හැකි විය. මෙය දේශපාලන අතින් අතිශය වැදගත් සිදුවීමකි. පූර්ණ බල භුක්ති විඳින ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සියලු ලෝක ජාතීන් විසින් ලංකාව පිළිගනු ලබන බවට මෙය කදිම සහතිකයක් නිසාය. අනෙක් අතින් ලෝකයේ ලොකු කුඩා අනෙක් සියලු ජාතීන් හා සම අසුන් දරමින් ජාත්‍යන්තර කටයුතු ගැන සාකච්ඡා කිරීමේ හැකියාවක් මෙතැන් සිට ලංකාවට ලැබිණි.

රජයේ සියලු කටයුතු කල් යෑමෙන් සිංහල දෙමළ යන භාෂාද්වයෙන්ම කරගෙන යා යුතු යැයි 1951දී පිළිගත් එක්සත් ජාතික පක්ෂය විසින් ඒ සඳහා ස්වභාෂා පොත්පත් සම්පාදනය සඳහා ස්වභාෂා දෙපාර්තමේන්තුවක් 1955දී පිහිටුවන ලදී. මේ අතර ස්ව භාෂාවෙන් උසස් අධ්‍යාපනය දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් පිළියෙල කිරීම පිණිස උසස් අධ්‍යාපනය පිළිබඳ කොමිසමක්ද පත්කරන ලද්දේය. රජයේ සියලු කටයුතු භාෂා දෙකකින් කරගෙන යෑමේ දුෂ්කරතාවත්, ජාතික සමගිය සඳහා එක් භාෂාවක් සම්මත කරගැනීමේ ඇති වැදගත්කමත් මෙම කොමිසමේ අතුරු වාර්තාවක එල්.එච්. මෙත්තානන්ද මහතා ප්‍රමුඛ සාමාජිකයෝ සඳහන් කළහ.

බහු ජනයාගේ භාෂාව වූ සිංහලය පමණක් රජයේ භාෂාව වශයෙන් සම්මත කිරීමට විරුද්ධ වූ ද්‍රවිඩයෝ එයට විරුද්ධව උද්ඝෝෂණයක් පටන් ගත්තෝය. මේ අතර උතුරේ නිල ගමනක යෙදුණු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා ඔවුන්ගේ සිත් දිනාගැනීමේ පරමාර්ථයෙන් කළ ප්‍රකාශයක් විය. එනම්, සිංහල දෙමළ යන භාෂා දෙකම මේ රටේ රාජ්‍ය භාෂාව හැටියට සම තැනට පත්කරන බවත්, ඒ සඳහා අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම සංශෝධනයක් වුවද කිරීමට තමා සූදානම් බවත්ය.

මේ ප්‍රකාශ හේතුකොට ගෙන සිංහල රටවාසීන් අතර නොසන්සුන්කමක් පැතිර ගියේය. 80%ක් වූ සිංහල ජනයාට 20%ටත් අඩු ද්‍රවිඩ ජනයාගේ භාෂාවද මෙතැන් සිට ඉගෙන ගැනීමට සිදුවනු ඇතැයි සිංහල ජනයා අතර සැකයක් ඇතිවිය. එහෙයින් සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කළ යුතුය යන යෝජනාව දිවයිනේ බොහෝ පෙදෙස්වලින් නැඟී ආවේය.

නව ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා නියෝජිත මන්ත්‍රණ සභාව ඉදිරියේ තැබූ තවත් යෝජනාවක් නිසා මේ නොසන්සුන් බව වැඩිදුරටත් උග්‍ර විය. පෙරේරා මහතාගේ යෝජනාව වූයේ සිංහල දෙමළ යන භාෂාවලට සම තැන් දීම සඳහා ආණ්ඩුක්‍රම පනත සංශෝධනය කළ යුතුය යන්නයි. මේ යෝජනාව කෙරෙහි සිංහල රටවාසීන් අතර බලවත් විරෝධයක් පහළ විය. සමසමාජ පාක්ෂිකයන්ද භාෂා සම තැන් ප්‍රතිපත්තිය අනුගමනය කළ අතර භාෂා දෙකක් පිළිගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තම පක්ෂයේ පිළිවෙත ‘රාජ්‍ය භාෂාව සිංහල පමණක් විය යුතු’ බවට වෙනස් කළේය. වැඩි වශයෙන් සිංහලයන් වසන පළාත් හතේම ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම, පෙළපාළි පැවැත්වීම, පෙරහැරවල් යෑම යන මේවා 1955 වර්ෂය මුළුල්ලේ ඉතා බහුල විය. භික්ෂුන්වහන්සේ ප්‍රමුඛ සියලු සිංහල භාෂා ප්‍රේමීහු මේ ව්‍යාපාරයෙහිලා මූලිකව ක්‍රියා කළෝය. ඉංග්‍රීසියෙන් රාජ්‍ය කටයුතු කිරීම මොවුන් පහත් කොට සැලකීමක් සේ සිතූහ.

නැගී එන මහජන මතය චණ්ඩ කුණාටුවක් මෙන් හමා එන බව දුටු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවද එතෙක් අනුගමනය කළ වැඩපිළිවෙළ වෙනස් කොට සිංහලය පමණක් රාජ්‍ය භාෂාව වශයෙන් සම්මත කරගැනීමට තීරණය කළේය. මේ සමග ඒ පක්ෂයට බැඳී සිටි ද්‍රවිඩ මන්ත්‍රීවරු සියල්ලෝම ඉන් ඉල්ලා අස්වූහ. එක්සත් ජාතික පක්ෂයේ එතෙක් පිළිගත් වැඩපිළිවෙළ වෙනස් කිරීමට සිදුවූ මේ අලුත් තීරණය නිසා රටවාසී මහජනයාගෙන් බලය යළිත් ලබාගත හැකි වෙතැයි කල්පනා කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ 1956 පෙබරවාරි මාසයෙහි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළෝය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පස් අවුරුදු කාලය අවසන් වීම සඳහා තව අවුරුද්දකට වැඩි කාලයක් තිබෙන නිසාත්, බුද්ධ ජයන්ති වර්ෂය තුළ මන්ත්‍රීන් තේරීම නිසා රටවාසීන් අතර වාද භේද ඇති වන නිසාත් මන්ත්‍රීන් තේරීම 1957 වර්ෂයට කල් දමන මෙන් බෞද්ධ භික්ෂූහු කියා සිටියෝය. එහෙත් තම බලය යළි තහවුරු කරගැනීමට ඉතා හොඳ අවස්ථාව මේ යැයි කල්පනා කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට 1956 අප්‍රේල් මස මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහ.

SendShareShare
Previous Post

ඔබත් විෂ කන්‍යාවක්ද?

Next Post

ඉල්ලුවොත් දෙනවා! ඒත් තවම ඉල්ලලා නෑ!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.