මෙවර සුබ අලුත් අවුරුද්දේ ඔබේ සිතැඟි ඉටුකර ගැනීමට පුණ්‍ය කාලය තුළදී කළ යුතු ගුප්ත විද්‍යාවේ සඳහන් ඉතා අගනා ශාස්ත්‍රීය ක්‍රමවේදයක් ඔබට හඳුනවා දීමට අදහස් කරමු.
මේ සඳහා තඹ කොළයකින් ත්‍රිකෝණ කොඩිය (බුද්ධ, ධම්ම, සංඝ) සකසාගෙන මැද කොටසේ සම්බ පාපස්ස අකරණං ගාථාව පන්හිඳෙන් හෝ කවකටුවෙන් ලියා එම කොඩියේ මුදුන් කෙළවර තුන් නූල් පටක් දවටා එම තඹ ත්‍රිකෝණ කොඩිය 9 වරක්, 21 වරක් හෝ 108 වරක් ජපසිද්ධි කරගෙන අලුත් අවුරුද්දේ උදාවන නව පුණ්‍ය කාලයේ පන්සල් ගොස් ආගමික වතාවත් අවසන් කොට මෙම බෝ පත්‍රය සහිත ත්‍රිකෝණ කොඩිය බෝධින්වහන්සේගේ අත්තක එල්ලන්න. සියලු ඇස්වහ කටවහ දෝෂ දුරුවී තෙරුවන් සරණින් ඔබේ සියලු අපේක්ෂා අතිශයින්ම සාර්ථක වේ.
ඔබේ ලග්නය හා නම සඳහන් කිරීම සුවිශේෂයි. මෙතෙක් කිසිදු මුද්‍රිත මාධ්‍යයකින් මෙවැන්නක් හඳුන්වා දී නැති අතර ‘මව්රට’ කේන්දරේ ජ්‍යොතිෂ අතිරේකයේ එය මෙසේ පළකරමු.
අපේ පැරැණි බොදු බැතිමතුන් මේ බෝ පත්‍ර මහා පූජාව කර තම තමන්ගේ කටයුතු අපේක්ෂාවන් ඉටු කරගත් බව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත් බවද මෙහිලා සටහන් කර සිටිමි.
ඔබේ ලග්නය සහ නම ලියන්නේ නම් වඩාත් යහපත්ය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල